යහපාලන නිදි පැදුරේ බෙල්ල කපන ද්‍රෝහීන් හඳුනාගන්න (Video)

(ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.18, ප.ව 11.00) පාලනයේ වෙනසක් සඳහා රටේ රැල්ලක් හැදුනේය. එය ඇත්තකි. ඒ ජනතා රැල්ල බලාපොරොත්තු වූයේ දුෂ්ඨ ඒකාධිපති මෘග චෞර ඒකාධිපති පාලනය පෙරලා දමා නීති ගරුක, සමාජ හිතකාමී, දූර දර්ශී යහපාලනයකි. ඒ රැල්ල හැදීම සඳහා එජාපය ප්‍රමුඛ ප්‍රධාන තලයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, ආගමික නායකයන්, කලා කරුවන්, නීතිඥයන්, වෘත්තිකයන්, බොහෝ දෙනෙක් යහපත් සිතින් දායක වූහ.  ඒ අය තම ජීවිත අවදානම පවා නොතකා ඉදිරියට ආහ. තහනම් කරන ලද වෙබ් අඩවි, ණැනවත් තරුණයන්ගේ සහ සැබෑ දේශප්‍රේමීන්ගේ බ්ලොග් සහ ෆේස්බුක් පිටු ආදී සමාජ ජාලා හරහා පණිවුඩය දෙගොඩ තලා ගියේය. ජනතාව ඔවුන් කී දේ ඇසූහ. රාජපක්ෂ පාලනය පෙරලා දැමූහ. ඒ පෙරලා දැමුවේ රාජපක්ෂ පමණක් නොව මැදමූලන මෘගයන් සමග අත්වැල් බැඳ සිටි ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස සට්ටැඹි රැලය. මෛත්‍රී ජනපති විය. රනිල් අගමැති වෙමින් මෙරට දේශපාලන ඉතිහාසයේ නව අත්දැකීමක් හඳුන්වා දුන්නේය. ඒ හැම දෙනාම පාලනයට සහභාගී කරගන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අරුත ගෙන දෙන පාර්ලිමේන්තු අත්දැකීමකි. එහෙත් තවමත් සමහර දේශපාලුවන් අවස්ථාවාදී හණමිටිය කරෙන් බිමට තැබීමට සූදානම් නැතිවා සේය. ජනතාව රැවටීමේ සහ ගොනාට ඇන්දවීමේ කලාව මෙන්ම ජනතා අභිලාෂයන් පික් පොකට් ගැසීමේ කලාවේ කෙළ පැමිණි දේශපාලන තක්කඩියන් නැවත වතාවක් උත්සාහ කරමින් සිටින්නේ ජනතාව ඉදිරියට තැබූ පය නැවත පසුපසට තල්ලු කරවන්නට ය. මේ එහි එක් සජීවී උදාහරණයකි. ඔවුන්ගේ යටිකූට්ටු අරමුණු මොනවාදැයි තේරුම් ගැනීම පිණිස මෙම සංවාද කොටස අපි ඔබ හමුවේ තබමු. මේ කව්ද? මොනවද කරන්නේ යැයි අවබෝධ කරගැනීම ඔබට බාරය. ජනතා ද්‍රෝහීන්ට ඉගැන්විය යුතු පාඩම කුමක්දැයි ජනතාව හොඳින් දනිති. ඒ පාඩම උගන්වන විභාගය අත ලඟය..! දේශපාලන වනචරකමට සීමාවක් තිබිය යුතුය ?v=5xvnk_FpP0M

---------------------------
by     (2015-03-18 18:40:29)