(ලංකා ඊ නිව්ස් -2015.මැයි.26, ප.ව.4.30) රාජපක්ෂ රෙජීමය යටතේ මාධ්‍යවේදීන් පසුපස හඹා ආ සුදුවෑන් වෙනුවට මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරු පැදි ලබා දීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්ව වැඩ පිලිවෙලක් අද සිට දියත් කර තිබේ.
මාධ්‍යවේදීන්ට සේ ම මාධ්‍යවේදිනියන්ට ද මෙම යතුරු පැදිය ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙයි. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවේදිනියන්ට මාදිලි දෙකින් මෙම යතුරු පැදි ලබා ගත හැකි ය.
මේ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අද මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පැවැති අතර ඊට මුදල් අමාත්‍යවරයා සේම ජනමාධ්‍ය අමාත්‍යවරයා ද සහභාගී වූහ. එහි දී අදහස් දැක් වූ ගයන්ත සහ රවී කරුණානායක මහත්වරු පැවසුවේ මෙම තීරණය ගනු ලැබුවේ ගෙවී ගිය කාලය තුළ නොබියව සත්‍ය වාර්තා කිරීමට මාධ්‍යවේදීන් කළ මෙහෙවර වෙනුවෙන් කළ ගුණ සැලකීමක් ලෙස මෙම වැඩ පිලිවෙල දියත් කළ බවයි.
රවි කරුණානායක මහතා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත තවමත් සම්මත කළේ නැතත් තම අමාත්‍යාංශය දැනටමත් තොරතුරු දැන ගැනීම සඳහා විවෘත බවයි. එවැනි අවස්ථාවකදී තොරතුරු නොසොයා අසත්‍ය සමාජ ගත නොකරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ. ඔහු උදාහරණයක් ලෙස කීවේ පසුගිය දිනවදී ආණ්ඩුව බංකොලොත්වෙලා යයි මාධ්‍ය විසින් ගෙන ගිය ප්‍රචාරය ගැනයි. මහත් වැර වෑයමින් හදන දෙයක් එක මොහොතකින් විනාශ කළ හැකි බැවින් දේශපාලනඥයන් ගැන කුමන දේ ලියුවත් රට ගැන ලියද්දී සත්‍ය තොරතුරු දැනගෙන ලියන ලෙස මුදල් ඇමැතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
යතුරුපැදියක් ලබා ගැනීම සඳහා වන සුදුසුකම් පහත පරිදි වේ.
⦁ ශ්‍රී ලාංකීය පුරවැසියකු වීම
⦁ වසර පහක කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටීම
⦁ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම
⦁ යතුරු පැදි පැදවීමේ බලපත්‍රයක් හිමි වීම
ගයන්ත සහ රවි කරුණානායකගේ ප්‍රකාශයට මෙතැන ක්ලික් කිරීමෙන් සවන් දිය හැකිය.
---------------------------
by (2015-05-26 12:45:51)