(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.13, ප.ව.6.20) දුප්පත් ජනතාවට සහන ලෙස දුන් ලක්ෂ 10 ක් වංචා කළ උතුරු මැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර රත්නායක නමැත්තා ලබන 19 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර වැඩබලන මහේස්ත‍්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය අද නියෝග කළාය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් වු ආනන්ද සරත් කුමාර රත්නායක පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිළිඳු ජනතාවට සෙවිළි තහඩු 530 බෙදාදීම සඳහා උතුරු මැද පළාත් සභාව මගින් වෙන්කර තිබූ රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනා මත ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේය.
ආනන්ද සරත් කුමාර රත්නායක උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවත් වංචාවට සම්බන්ධ රජයේ නිලධාරීන් හා තවත් සැකකරුවන් සිටී ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවත් පොලිසිය අධිකරණයට පවසා සිටියේ ය.
---------------------------
by (2015-06-13 16:11:26)