(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.27, ප.ව.7.30) මේ වනවිට ටෙස්ට් තරග 131 ක්‍රීඩා කරමින් ලොව අග්‍රගන්‍ය පිතිකරුවෙකු ලෙස සම්මානයට පාත්‍රවී ඇති ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලබන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ 2 වන ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව අද නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඉන්දීය කණ්ඩායම සමග ටෙස්ට් ක්‍රිකට් තරග 3ක් ලබන අගෝස්තුවේදී පැවැත්වීමට නියමිතයි. එහි දෙවන තරගයෙන් පසු ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බව සංගක්කාර ප්‍රකාශ කර ඇත.
සංගක්කාර මේ වනවිට ටෙස්ට් ලකුණු 12 271ක් රැස් කරගෙන තිබේ. ඊට ත්‍රිත්ව ශතකයක්, ද්විත්ව ශතක 10 ක් සහ ශතක 38 ක් ඇතුලත්ය. ලොව එතෙක් මෙතෙක් වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ කුමාර් සංගක්කාර ය.
සංගක්කාරගේ ටෙස්ට් වාර්තා අනුව ඔහු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 319 කි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් 2000 දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආ සංගක්කාර සමුගැනීමට නියමිත ඉන්දු-ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේද මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේදී ය.
---------------------------
by (2015-06-27 14:11:15)