(ලංකා ඊ නිව්ස් -2015.සැප්.22, ප.ව.6.30) තවත් පරාජිත මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අද මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්හ. එක් අයෙක් බදුල්ලෙන් එජනිසයෙන් ඡන්දය ඉල්ලා පරාජය වූ හිටපු සීනි ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න ය.
එජනිසය බදුල්ලේදී සියළුම ආසන පරාජය වූ අතර බදුල්ලෙන් තේරී පත් වූ එජනිසයේ චාමර සම්පත් දසනායක ජනාධිපතිගේ ඉල්ලීම මත ඉල්ලා අස්වී යලි පළාත් සභාවට ගොස් ඌව පළාත් සභාවේ මහ ඇමැති ලෙස දිව්රුම් දුන්නේ ය. ඉන් ඇති වූ පුරප්පාඩුවට හිටපු සීනි ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න යලි පාර්ලිමේන්තුවට පත් විය.
අද දිව්රුම් දුන් අනෙක් පරාජිතයා නම් ජවිපෙ බිමල් රත්නායක ය. ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බිමල් රත්නායක මහතා පත් කරන ලද අතර බිමල් රත්නායකද පරාජය වූ අපේක්ෂකයෙකි.
ඔවුන් සමග තවත් මන්ත්‍රී වරයෙකු අද කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම මහතා ය. ඔහු සිය පුත්‍රයාගේ අභාවය හේතුවෙන් පසුගිය පාර්ලිමේන්තු සභා වාරවලට නොපැමිණි බැවින් අද දිව්රුම් දුන්නේ ය.
---------------------------
by (2015-09-22 14:15:30)