(ලංකා ඊ නිව්ස් -2015.සැප්.30, ප.ව.8.00) තිරසාර සංවර්ධනය නමැති දෙවොල ගොඩනැගිය යුත්තේ ස්වයං ශික්ෂණය සහ සමාජ සාධාරණත්වය යන අත්තිවාරම මත යැයි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එක්සත් ජාතීන්ගේ 70 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් කියා සිටියේ ය.
සවංය ශික්ෂනය පුද්ගල මට්ටමින්, ප්‍රජා මට්ටමින්, ජාතික මෙන්ම සමස්ථ මානව වර්ගීය මට්ටමින් ප්‍රගුණ කළ හැකි වී නම් එය මානව වර්ගයා තැබිය හැකි ඉදිරි පියවරක් විය හැකි යයිද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා මහ සමුළුව අමතන අවස්ථාවට විදේශ ඇමැති මංගල සමරවීර, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, ඇමැති මහින්ද සමරසිංහ ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකා ජනතාවගේ අති අප්‍රසාදයට පත්ව ඇති ජනාධිපතිගේ පුත් දහම් සිරිසේන තරුණයා ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස සමග අසුන්ගෙන සිටියේ නැත.
(ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා සමග ජනාධිපතිවරයා මුහුණ දුන් සේයාරුවක් මෙහි දැක්වේ)
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාවට පහතින් සවන්දිය හැකිය ?v=1X8LgvDPETU
---------------------------
by (2015-09-30 14:37:14)