(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.17, ප.ව.6.40) ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ශ්‍රී ලාංකික යහපාලනප්‍රේමී ජනතාව පුල පුලා බලා සිටි ‘තොරතුරු ලබා ගැනීමේ අයිතිය පණත‘ ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වන බව එම පණත කෙටුම්පත් කිරීමේ කාරියේ ප්‍රධානියෙක් වූ පා.ම. ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
මේ වන විට එම කෙටුම්පතේ අවසාන නීති සැකසීම් සිදුකරන අතර එය ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඉන්පසුව එය පළාත් සභා වෙත ඉදිරිපත් කරන බවද ආචාර්යවරයා කීය. තොරතුරු ලබා ගැනීමේ අයිතිය පළාත් සභාවලටද අදාල වන බැවින් ඒ සඳහා පළාත් සභාවල කැමැත්ත ලබා ගත යුතුව ඇතැයිද පළාත් සභා ඊට විරුද්ධ නොවන බවට විශ්වාස බවද ආචාර්ය ජයම්පතී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
තොරතුරු ලබා ගැනීමේ අයිතිය පණත පුද්ගලික පණතක් ලෙස එජාපය විපක්ෂයේ සිටියදී දේශමාන්‍ය කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එකල සිටි රාජපක්ෂ රෙජීම ආණ්ඩුව එය කුණු කූඩයට විසි කර දැම්මේය.
මේ අතර නව ව්‍යවස්ථාවක් සැකසීමේ කාරිය බාර කණ්ඩායමද නියෝජනය කරන ආචාර්ය ජයම්පතී කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වසරක් තුල නිම කළ යුතු බවයි. පවතින දේශපාලන ප්‍රවාහයන් කුමන ආකාරයෙන් වෙනස් වේවිදැයි කිව නොහැකි බැවින් පළමු වසර තුලදීම නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සියළු පාර්ශවයන්ට සුබදායක වනු ඇතැයි ඔහු පැවසීය.
---------------------------
by (2015-10-17 14:01:27)