(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.10, ප.ව.11.50) ලංකාවේ නැගී එන දූෂණ විරෝධය තවදුරටත් ජනගත කිරීමට අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසමත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය ප්‍රමුඛ සිවිල් සවිධාන කිහිපයකුත් දෙසැම්බර් 09 වෙනිදාට යෙදුනු ලෝක දූෂණ විරෝධී දිනය හේතු කරගත්හ. ඒ සඳහා ඔවුන් පූර්ව ප්‍රචාරක ව්‍යාපාරයක් මෙන්ම 09 වෙනිදා කොළඹ නගර ශාලාවේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පා ගමනකින් අනතුරුව රාජ්‍ය නායකත්වයේ මූලිකත්වයෙන් නිදහස් චතුරස්‍රයේ රැස්වීමක්ද පැවැත්වූහ.
මෙහිදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් වාර්ෂිකව පුද දෙන ජාතික සුපිලිපන් සම්මානය මෙවර න් මහතාදට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පිරිනැමිණ. සෝභිත හිමියන් වෙනුවෙන් එහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් එය පිලිගත්තේය.
එම අවස්ථාවල සේයාරූ රැසක් මෙහි දැක්වේ.
---------------------------
by (2015-12-11 14:44:26)