(ලංකා ඊ නිව්ස් -2016.ජන.19, ප.ව.10.30) කලකට පසු පොලොන්නරුවෙන් ආ පුද්ගලයෙක් ‘පැරකුම්-බ්‍රා‘ ලෙස රටේ නායකයා වෙද්දී පොලොන්නරුව රාජධානිය කරගත් මහා පැරකුම්බා රජු තැනැවූ පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ජපන් ජබර හෙවත් පාසි වැනි සැල්වීනියා ශාක වර්ගයක් ආක්‍රමනය කර ඇතැයි පොලොන්නරුවේ වාර්තා කරුවෝ පවසති.
මෙම ආක්‍රමණය කෙතරම් දරුණු වී ද යත් එය කලහගල ධීවර ගම්මානයේ සිට පොලොන්නරුව නව නගරය දක්වා ඇති කිලෝ මීටර් 9 ක දුර වේල්ල දිගටම පාසි බෝවී ඇති අයුරු දක්නට ඇතැයි වාර්තා කරුවෝ පවසති.
පරාක්‍රම සමුද්‍රයෙන් ජීවිකාව ගැට ගසා ගන්නා ගොවීන් සහ ධීවරයන් පවසන්නේ මෙවන් පාසි වර්ගයක් පරාක්‍රම සමුද්‍රය තුල කෙදිනකවත් නොදුටු බවත් මෙකී පාසි වර්ගය එක් දිනක් තුල විශාල ප්‍රදේශයක් පුරා බෝ වී යන බවත් ය. පරිසරය ද බාර පොලොන්නරුවෙන් ආ රටේ නායකයා කාන්තා බ්‍රෙසියර් ගැන වද වෙන නමුත් මෙම පාරිසරික අනතුර ගැන ඇස් කන් පියාගෙන සිටින බවත් මෙය ඉක්මනින්ම විනාශ නොකළ හොත් මුළු වැවම විනාශ වීමට ඉඩ ඇතැයි ගොවීන් සහ ධීවරයන් පවසති.
---------------------------
by (2016-01-19 20:44:13)