(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.10, ප.ව.4.00) ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්මත කරගන්නේ නම් එය පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැන්වීය.
ඒ පණත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා කළ ඉල්ලීමට පිලිතුරු ලෙසය.
ථෙරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීම) සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 12 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම පණත හඳුන්වා දී තිබුනේ මෙසේය.
''ශ්‍රී ලංකාවේ ථෙරවාදී භික්ෂූන්ගේ නිකාය හෝ පාර්ශවයන්ට අදාළව කතිකාවක් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද, සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින් ම එකී භික්ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්වීම සඳහා ද, යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට දණ්ඩන පැනවීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි.''
---------------------------
by (2016-02-10 10:51:08)