(ලංකා ඊ නිව්ස් -2016.මාර්.11, පෙ.ව.11.30) රටේ අභිවෘද්ධියට අකුල් හෙළමින් මුලු රට ම දූෂිත ණය උගුලක හිරකර විවිධ කටකතා ද පතුරුවමින් සිටින පරාජිත රාජපක්ෂ රෙජිමයට සහ රටට වින කරන මතවාද වපුරන්නන්ට එරෙහිවත්, රටේ තාරුණ්‍යය සවිබල ගන්වමින් ඔවුන්ට රැකී රක්ෂා දශ ලක්ෂයක් ලබාදීම සඳහා රජය ගෙන යන ක්‍රියා කලාපයට එරෙහිව විවිධ දුර්මත ප්‍රචාරය කරමින් කඩාකප්පල්කාරී ලෙසින් ක්‍රියා කරන්නන්ට එරෙහිවත්, අවස්ථාවාදී දේශපාලඥයන්ට එරෙහිවත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රටට ආදරය කරන තාරුණ්‍යය පෙරටු කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කොට ඇත.
පරාජිත රාජපක්ෂ රෙජිමය අවිධිමත් ලෙසින් හා අදූරදර්ශී ලෙසින් රට ණය උගුලක සිරකර දමා තිබේ. ඔවුන් අතීතයේ ද තම අඩුපාඩු වංචා දූෂණ වසා ගැනීමට ජාතිවාදය සහ ආගම්වාදය වපුරවමින් බලලෝභී අරමුණු වෙනුවෙන් රට ගෝත්‍රික යුගයකට ඇද දැමීමට කටයුතු කළ ආකාරය සහ එයම වර්තමානයේ ද ක‍්‍රියාත්මක කරන අකාරය අපට පෙනෙන්නට තිබේ. පටු බල ලෝභී අරමුණු වෙනුවෙන් ජනතාව භේද බින්න කරමින් ඔවුන් මේ සිදු කරන්නේ මාතෘභූමියට වින කිරීමක් මිස අන් කවරක් ද?
ඔවුන් විනාශ කර දැමූ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ගොඩනංවිමන් ජාත්‍යන්තරය තුළ හුදකලාව තිබූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නැවතත් ඔසවා තබමින්, අධිකරණය සහ නීති පද්ධතිය ද ස්වාධීන කරමින්, ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකම එකට එක්ව ගෙන යන රට ගොඩනැගීමේ මෙහෙවරට අකුල් හෙළීම කණගාටුවට කරුණක් නොවන්නේ ද?
පවුලක් වටා බලය කේන්ද්‍ර කර ගනිමින්, තම පවුලේ දරුවන්ගේ තාරුණ්‍යය වෙනුවෙන් හෙටක් නිර්මාණය කිරීමට කැපවූ රාජපක්ෂ රෙජිමයේ නායකයින්ට රටේ සුවහසක් තරුණ තරුණියන් අමතක වීම පුදුමයක් නොවේ. විවිධ දේශපාලන සංදර්ශන පවත්වමින් ජනතාව මුලා කරමින් ක‍්‍රමක‍්‍රමයෙන් රට අගාධයට ඇද දැමූ රාජපක්ෂ රෙජිමයට සහ ඔවුන්ට සම්බන්ධ වූ ඇතැම් පිරිස් අද සිදු කරමින් සිටින්නේ ද එයයි.
අප ජනාධිපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේ දී ද රටේ තරුණයින් වෙනුවෙන් රැකියා අවස්ථා දශලක්ෂයක් ලබා දෙන බව පොරොන්දු වූ අතර ඒ සඳහා අප වර්තමානය වන විට ක්‍රියා කරමින් සිටියි. රටට, රටේ අනන්‍යතාවට සහ අභිමානයට කිසිදු ගැටලූවක් ඇති නොවන අයුරින් ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා නිර්මාණය කරමින් මාතෘභූමිය ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීමත්, රටේ ආර්ථිකය සවිබල ගැන්වීමත් අප රජයේ අරමුණයි.
පසුගිය කාලයේ අහිමිව තිබූ මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කිරීමට අප ක්‍රියා කළෙමු. උදෑසන මාධ්‍ය නිදහස පිළිබඳ කෑ ගසා සවසට මාධ්‍යවේදීන්ගේ අත පය බිඳ දැමූ ඔවුන් අතුරුදන් කළ යුගය අප නිමා කළෙමු. නිදහස් අදහස් ඉදිරිපත් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට අප නැවතත් ජීවය ලබා දුන්නෙමු. නමුත් එම නිදහස ද උපකාරී කර ගනිමින් පරාජිත රාජපක්ෂ රෙජිමය සහ ඔවුන් සමඟ ම අනාථ වූ දේශපාලන ජරාජිතයින් අද සිදු කරමින් සිටින්නේ විවිධ බිල්ලන් මවා පාමින් රටේ අනාගතයට සහ සුබසාධනයට අකුල් හෙලීමයි. සටන් පාඨ අහිමි ඔවුන් විවිධ අවස්ථාවන්වලදී විවිධ කරුණු විකෘති කොට ගෙනහැර දක්වමින් කරුණු සොයා නොබලා කටයුතු කරන ආකාරය දැකිය හැකියි. නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වනවිට ඒ පිළිබඳව ද විවිධ කටකතා පතුරුවමින් සිදු කළ වැරදි වසා ගැනීම සඳහා හුදු ජාතිවාදයක් සහ ආගම්වාදයක් රට තුළ ස්ථාපිත කිරීමට ඔවුන් ක්‍රියා කිරීම කණගාටුවට කරුණකි.
එමෙන්ම ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිත ඉන්දියානු ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුම පිළිබඳව ද අසත්‍ය කරුණු ප‍්‍රචාරය කරමින් රට තුළ ඉන්දියානු භීතිකාවක් නිර්මාණය කිරීමට මෙම දේශපාලන අවස්ථාවාදීන් සහ ඔවුන්ට සම්බන්ධ කණ්ඩායම් ක්‍රියාකරමින් සිටියි. 90 දශකයේ මුල් භාගයේ දී රටට අන්ත්ර්ජාලය සහ පරිගණක තාක්ෂණය හඳුන්වා දෙමින් නව තාක්ෂණික අවස්ථාවන් රට තුළ නිර්මාණය කිරීමට මූලිකත්වය ගත්තේ ද එක්සත් ජාතික පක්ෂ වත්මන් නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මැතිතුමන් බව බොහෝ දෙනෙකුට අමතක වී ගොස් තිබීම කණගාටුවට කරුණකි. කොදෙව් මානසිකත්වයෙන් රට මුදා ගනිමින් දැනුම කේන්ද්‍ර කරගත් ගෝලීය ආර්ථික රාමුව තුළ, ශ්‍රී ලංකාව හුදකලාවන්නට නොදී ආරක්ෂා කිරීමේ වගකීම අප රජයට පැවරි තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධානියා ලෙසින් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ එක්සත් ජාතික පක්ෂ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වර්තමානයේ අප සිදු කරමින් සිටින්නේ රට පසුගිය රජය විසින් ඇද දැමුූ අගාධයෙන් ගොඩගැනීමේ කාර්යයි. නමුත් රට තුළ බලපෑම් කණ්ඩායම් ලෙසින් ක්‍රියාත්මක ඇතැම් සංවිධාන ද කරුණු සොයා නොබලා රට තුළ නැවතත් තම පටු දේශපාලන අරමුණු ක්‍රියාත්මක කරමින් වංචා දූෂණ අක්‍රමිකතාවක් සඟවා ගැනීමට උත්සාහ කරන පරාජිත දේශපාලන බලවේගයන්ට උඩගෙඩි දෙමින් සිටීම කණගාටුවට කරුණකි. එබැවින් මෙම තත්ත්වය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් රටේ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මතුව තිබේ.
මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ රටට ආදරය කරන, රටේ දියුණුවට කැපවන සියලූ ප‍්‍රගතිශීලි තරුණ බලවේග ද පෙරටු කර ගනිමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට කිරීමට අප සැලසුම් කර තිබේ. එළඹෙන මාර්තු 15 වන අඟහරුවාදා සවස 2.00 ට කොළඹ හයිඞ් පාර්ක් පිටියේ දී මෙම ජනරැළිය පැවැත්වේ. ඒ සඳහා රටට ආදරය කරන ඔබට ද එක්වන ලෙස ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
නීතිඥ අකිල විරාජ් කාරියවසම්
නියෝජ්‍ය මහ ලේකම්
මාධ්‍ය ප‍්‍රකාශක
එක්සත් ජාතික පක්ෂය
---------------------------
by (2016-03-11 07:18:28)