තමන් කළ බලු වැඩ නිසා කෝපයට පත් ජනතාවගේ ‘හූ‘ වට බියේ ශ්‍රීලනිප පළාත් ඇමැති පස්සා දොරෙන් හොරෙන්ම පලා ගිය හැටි (Video)

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.26, ප.ව‍.11.30) තමා විසින් කරන ලද බලු වැඩ නිසා ජනතා කෝපයට ලක්වූ දකුණු පළාත් අධ්‍යාපන ඇමැති (ශ්‍රීලනිප) චන්දිම රාසපුත්‍ර ජනතාවට මුහුණ දීමට බියෙන් පස්සා දොරකින් හොර රහසේ පලා ගියේ ය. 
මේ සිදුවීම වූයේ අද(26) පෙරවරුවේ මාතර නූපේ සණස ශාලාවේ පැවැති ශ්‍රීලනිප මාතර බල මණ්ඩල රැස්වීමෙන් පසුව ය. 

නව එජනිස මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප මාතර බල මණ්ඩල රැස්වීමට ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පළාත් ඇමැති චන්දිම රාසපුත්‍ර, මාතර නියෝජ්‍ය පුරපති කේ.වයි.රුවන්, හිටපු ප්‍රධාන ඇමැති එච්.ජී. සිරිසේන, හිටපු මන්ත්‍රී කුමුදු දේවරාජ ඇතුළු ජනතා නියෝජිතයන් සහභාගී වූහ.

රැස්වීම ශාලාව තුල පැවැත්වෙද්දී අසාධාරණයට ලක් වූ රැකියා නොමැති උපාධිධාරී පිරිසක් නූපේ හන්දිය අසල ප්‍රධාන මාර්ගයෙහි උද්ඝෝෂනයක නියැලෙමින් සිටියහ. ඔවුන් හඳුන්වාගෙන සිටියේ ‘දකුණු පළාත් උපාධිධාරී ගුරු එකමුතුව‘ නමිනි.

උද්ඝෝෂකයන් පවසා සිටියේ තමන් නිසියාකාරව සුදුසුකම් සපුරා තිබියදී සුදුසුකම් නොමැති රාසපුත්‍රගේ හෙංචයියන්ට දකුණු පළාතේ ගුරුවරුන් ලෙස රැකියා ලබා දී ඇති බවත් මේ අසාධාරණය ගැන අසන්නට කියන්නට කිසිදු අවස්ථාවක රාසපුත්‍ර අධ්‍යාපන පළාත් ඇමැතිවරයා ඉඩක් ලබා නොදෙන බවයි. 

අසාධාරණය ගැන කියන්නට රාසපුත්‍ර ඇමැතිවරයා රැස්වීම අවසන් කර ප්‍රධාන දොරටුවෙන් එළියට එන තුරු බලා සිටිය නමුදු ඔහු හොර රහසේ පිටුපස පිහිටි දොරකින් පලා ගොස් තිබිණ. ඔහුගේ නිල රථය පමණක් ප්‍රධාන දොරටුවෙන් පිටතට පැමිණෙද්දී ඇමැතිවරයා එහි සිටිතැයි කියා ජනතාව එය වටකර ගත් නමුත් ඔහු එහි නොසිටි බව දැකීමෙන් හූ කියමින් කෑ ගසමින් නොසන්සුන් වූහ. එහිදී රාසපුත්‍රගේ ආධාරකාර හෙංචයියන් සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුවද මාතර පොලිසිය විසින් තත්ත්වය පාලනය කරන ලද අතර අසාධාරණයට පත් උද්ඝෝෂකයන්ගේ වේදනාව පහත ඇති වීඩියෝවේ දැක්වේ ?v=y3SfqxR6PIQ

---------------------------
by   Video By Kelum Jayaweera - Matara   (2016-03-26 22:16:30)