(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.15, ප.ව.10.25) මැදමූලන මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන දඩ බල්ලෙක් වූ ඔහුගේ දූෂිත අංගාරක්ෂකයා වන මේජර් නෙවිල් හෙවත් නෙවිල් වන්නිආරච්චි නමැත්තා සතුව තිබූ රුපියල් කෝටි එක හමාරක මුදලක් ඔහුගේ රියැදුරෙකු විසින් සොරකම් කර ඇතැයි ද මේ වන විට රියැදුරා ආ ගිය අතක් නොමැති යයිද නෙවිල් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙය සත්‍ය පැමිණිල්ලක්ද යන්න සැක සහිත යැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. මන්ද යත් මේ වන විට මේජර් නෙවිල් සතුව ඇති කළු සල්ලි සහ අයථා ක්‍රම වලින් උපයා ගත් දේපොල සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂන පවත්වමින් සිටින බැවිනි.
නෙවිල් වන්නිආරච්චි සතුව මගී ප්‍රවාහන බස් රථ 12 ක් ටිපර් රථ 8 ක් ඉන්ධන පිරැවුම් හල් 3 ක් ආදී දේපොල ඇතැයි ද වානිජ බැංකු 32 ක සහ මූල්‍ය ආයතන 47 ක මුදල් සඟවා තිබෙන බවද පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් තිබේ.
---------------------------
by (2016-04-15 16:56:56)