(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.27, ප.ව.2.30) චාවාකච්වේරිය ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක් ඇතුළු අවි ආයුධ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික් බුද්ධි අංශ ප්‍රධානියාව සිටි තලේඅරිසන් නමැත්තා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට දින දෙකකට පෙර එල්ටීටීඊ සංවිධානයේ ත්‍රිකුණාමලය හිටපු බුද්ධි අංශ නායකයා වූ අරියමුහම් හෙවත් “ කලයං“ නැමැත්තා ද 25 වෙනිදා පොලිස් අත් අඩංගුවට ගෙන තිබිණ. සිවිල් ඇඳුමින් සැරසුණ පොලිසියේ නොදන්නා කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි
යුධ ගැටුම් වලින් පසු පුනරුත්ථාපනය වි කලක් ඉන්දියාවේ සිට පැමිණි තම සැමියා ත්‍රිකුණාමලය චැනල් වීදියේ නිවසේ සිටියදී ඉකුත් 24 දා රාත්‍රි කිසියම් පිරිසක් පැමිණ ඔහු පිළිබඳ තොරතුරු විමසූ බවත් ඉන් බියට පත් තම සැමියා ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ත්‍රිකුණාමලය මානව හිමිකම් කොමිසමට යමින් සිටියදි කොමිසමේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදි සිවිල් ඇඳුමින් සැරසුණ පොලිසියේ යැයි කියාගත් පිරිසක් අත් අඩංගුවට ගත් නමුත් සිටිනා තැනක් නොදන්නා බවත් ‘කලයං‘ ගේ බිරිඳ වන ‘ඒ. සිත්තරා‘ නැමැත්තිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ත්‍රිකුණාමල ප්‍රාදේශීය කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
කලයං නැමැත්තාගේ මුල් පදිංචිය , කින්නියා, ආලංකේණි ප්‍රදේශය වන අතර කරුණා පාර්ශවයේ වෙන් වීමත් සමග ආරක්ෂක අංශවලට තොරතුරු සපයන රජයේ හමුදා ඔත්තු කරුවෙක් ලෙස ක්‍රියා කළ අයෙකි.
මේ අතර මේ අතර පුනරුත්ථාපනය කර සමාජගත කර සිටි කොටි සංවිධානයේ අම්පාර දිස්තික් දේශපාලන හිටපු නායක ඉදිමලසංගම් අරින්ද්‍රන් හෙවත් රාම් ද පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඉකුත් 24 අත්අඩංගුවට ගනු ලැබීය.
චාවාකච්වේරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක් සහ අවි ආයුධ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කොටි සංවිධානයට සම්බන්ධ වී සිටි 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
---------------------------
by (2016-04-27 14:35:28)