(ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.25, ප.ව.6.30) දර්ගා නගරය පසුගිය අගෝස්තුවේදී ලොව පුරාම දැවැන්ත කතා බහකට ලක්වූ ශ්‍රී ලංකාවේ නගරයකි. ඒ අන් කිසිවක් නිසා නොව පාලක රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක හමුදා සහාය සහිතව ගෝඨාභය රාජපක්ෂගේ අතුරු හමුදාවක් වන බොදු බල සේනා නම් සිවුරුකාරයන් සහ මැරයන් පිරිසක් නායකත්ව දෙන ත්‍රස්ත කණ්ඩායම විසින් සිදුකළ මුස්ලිම් ජන සංහාරය සහ අති විශාල දේපොල මංකොල්ලය සහ දේපොල විනාශය නිසා ය.
අද ජනාධිපතිවරණයකට මුහුණ දී සිටින පාලක රාජපක්ෂ රෙජීමයේ මහින්ද රාජපක්ෂට දර්ගා නගරයේ සහාය ද අවශ්‍ය වී ය. එබැවින් ඔහු දර්ගා නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලයක් විවෘත කෙළේය. මෙම සේයාරූ වල දැක්වෙන්නේ ඒ සඳහා සහභාගී වූ දර්ගා නගරවාසී ‘අති විශාල‘ ජනතාවයි. අඩුම ගණනේ කාර්යාල විවෘත කිරීමට පෙර මැදමූලන මහින්ද රාජපක්ෂගේ කටවුට් එක කිසිවෙක් විසින් ඉරා දමා තිබුනද එය ඉවත් කිරීමට හෝ සකස් කිරීමට කවුරුත් ඉදිරිපත් වී නොමැති අයුරුද සේයාරූ වල දැක්වේ.
---------------------------
by (2014-12-25 13:43:00)