~

මීගමුව මහාධිකරණ විනි-සොරා ගෆූර් අභියාචනාධිකරණ විනිසුරු දිවුරුමට පෙරදා කුඩු නඩුවකින් රුපියල් කෝටි එක හමාරක් පගාව අරන්: පගාවෙන් ගානක් රාජපක්ෂලාට නෙැලබීම නිසා දිවුරුම නවතා හරවා යවලා

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.19, ප.ව.3.30) පගා මරුවෙක් ලෙස චිරප්‍රසිද්ධ නඩුකාරයෙක් වන මීගමුව මහාධිකරණ විනි-සොරා එම්.එම්.ඒ ගෆූර් රාජපක්ෂ රෙජීමය විසින් නව අභියාචනාධිකරණ විනි-සොරෙක් ලෙස පත්කිරීමට සූදානම් කර තිබියදී අවසාන මොහොතේදීත් රුපියල් කෝටි එක හමාරක පගාවක් ගෙන ඉන් ශත පහක් හෝ රාජපක්ෂවරුන්ට ලබා නොදීම නිසා උරණ වී අභියාචනාධිකරණ විනිසුරු ධූරය ලබා නොදී හරවා යවා ඇතැයි ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.

අභියාචනාධිකරණයට පත් කෙරෙන නව විනිසුරුවන් තිදෙනෙකුගේ දිවුරුම් දීම නියමිතව තිබුනේ ඊයේ (18) උදෑසන 9.30 අරලියගහ මන්දිරයේදී ය. එම තිදෙනා නම් ඩිලිප් නවාස්, එම්.එම්.ඒ ගෆූර් සහ රෝහිණී වල්ගම තිදෙනාය. ඩිලිප් නවාස් යනු කෙතරම් දූෂිතයෙක්දැයි ලංකා ඊ නිව්ස් 16 වෙනිදා ප්‍රවෘත්තියකින් හෙළි කර සිටියේය. කෙසේ වෙතත් මේ තිදෙනා උදේ 9.30 සිට දහවල් 1.00 දක්වා අරලියගහ මන්දිරයට වී දිව්රුම් දීමට බලා සිටිය මුත් අවසානයේ දිවුරුම් දීම අවලංගු කරමින් යලි හරවා යවා ඇත.

ලංකා ඊ නිව්ස් විසින් තම දූෂණ හෙළි කළ නිසා තමන්ට ධූරය නොලැබුනේ යයි ඩිලිප් නවාස් සිතද්දී තමාට අභියාචනාධිකරණ විනිසුරු ධූරය නොලැබුනේ ඊට පෙරදා ලබා ගත් අති මහත් පගාවෙන් කොටසක් රාජපක්ෂලාට නොගෙවීම නිසා යයි ගෆූර් වටහාගෙන තිබේ.

මෙය ලංකාවේ මරාධිකරණය කෙතරම් බලූ වී තිබේදැයි යන්නට හොඳම උදාහරණයකි. වාර්තාවන අන්දමට ගෆූර්ගේ කෝටි එක හමාරේ පගා ගැහිල්ලේ සිද්ධිය මෙසේය.

හෙරොයින් කිලෝ 200 ක් සමග අත් අඩංගුවට ගත් ඩේවිඩ් කූපර් නම් ප්‍රධාන සැකකරු සමග සැකකරුවන් 8 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරනයේ නඩු අංක බී-1074/13 දරණ නඩුව යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණ. හොරොයින් ග්‍රෑම් දෙකක් තුනක් සමග හසුවන සැකකරුවන් පවා වසර ගණන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී මෙකී සැකකරුවන් 8 දෙනා ඇප ලබා ගැනීම සඳහා ඇප අයැදුම්පත් 3 ක් මීගමුව මහාධිකරණයේ විනිසුරු එම්.එම්.ඒ ගෆූර් වෙත ඉදිරිපත් කර තිබිණ. එම ඇප ඉල්ලූම් පත් වල අංක මෙසේය. 108/14, 109/14  සහ 211/13 වේ. එම නඩුව විභාගයට ගැනීමට තිබුනේ මේ වසරේ දෙසැම්බර් මාසයේ දී වුවද, තමන් 18 දා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්වී යන නිසා ගෆූර්  17 වෙනිදා මෝසමක් මගින් මෙම නඩුව කැඳවීය. ඒ වෙනත් කිසිවක් නිසා නොව අදාල කෝටි එක හමාරේ පගාව ලබා ගෙනම අභියාචනාධිකරණයට පිය නැගීමට ය. 17 වෙනිදා නඩුව කැඳවූ ගෆූර් හෙරොයින් කිලෝ 200 ක් සමග හසුවූ සැකකරුවන් 8 දෙනාටම ඇප ලබා දුන්නේය. ඒ ජනාධිපති නීතිඥ ක්‍රිෂානි ප්‍රනාන්දුගේ විරෝධතාවයද නොතකා ය. 

පසුදා(18) අරලියගහ මන්දිරයේදී අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිව්රුම් දීම අවලංගු වීමෙන් සැලී ගිය ගෆූර් අද(19) උදෑසන මීගමුව මහාධිකරණයට ගොස් යලිත් එම නඩුව කැඳවා පෙරදා දුන් ඇප නියෝග තාවකාලිකව අත්හිටුවන ලදැයි අලූත් නියෝගයක් නිකුත් කර තිබේ. මෙලෙස ඇප ලබා දීමත් කිසිදු හේතුවක් නැතිව දිනකට පසු ඇප නියෝග අත්හිටුවීමටත් විනිසුරුවරයාට බලයක් නැත. ගෆූර් නමැති විනි-සොරාගේ මේ විකාර රූපී තීන්දු දෙකම මේ වන විට මීගමුව මහේස්ත්‍රාත් අමරසිංහ අතේ පවතී.

ගෆූර් යනු පට්ට පගා මරුවෙක් බවත් ඇප ලබා දෙන ඕනෑම අයෙකුගෙන් පගාව ලබා ගන්නා බවත් සමස්ථ අධිකරණ ක්ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැත. එපමණක් නොව මොහුට ළමා අපචාර චෝදනාවක් ද පවතී. තම නිවසේ මෙහෙකාරියක ලෙස නීති විරෝධීව සේවයේ තබා ගත් 12 හැවිරිදි දැරියක් දූෂණය කිරීම ගැන මොහුට එරෙහිව චෝදනා එල්ල වූ නමුත් එම චෝදනාව පසුව යට ගසා දැමුවේය. 

රාජපක්ෂ රෙජීමය විසින් අධිකරණය කෙතරම් බලූ කරවා ඇතිද යත් ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ එක් දිසා විනිසුරුවරයෙක් කීවේ පිටරටකට ගොස් තමන් ලංකාවේ විනිසුරුවරයෙක් කීම දැන් ලැජ්ජාවට කරුණක් වී ඇති බවයි.

---------------------------
by     (2014-09-19 11:31:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links