~

රවිගේ ආධාරකරුවන්ට වෙඩි තැබුවේ මහින්දගේ රැලියකට බෝම්බ ගසා ගෙන ජන අනුකම්පාව ලබාගැනීමේ පළමු පියවරක් ලෙසයි: ගෝඨාගේ නිවසේ ඩලස් විමල් රහසිගත සාකච්ඡාවක -බුද්ධි අංශ ප්‍රධානියෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් - 2015.ජූලි.31, ප.ව.4.45) රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීම මහින්ද රාජපක්ෂගේ රැස්වීමකට තමා විසින්ම බෝම්බයක් තබා ජන අනුකම්පාව ලබා ගැනීමේ කුමන්ත්‍රණයක පළමු පියවර විය හැකි යැයි බුද්ධි අංශ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සමග පැවසීය. ඉන්පසුව එම බෝම්බ ප්‍රහාරය රවි කරුණානායක විසින් පලිගැනීමට කරන ලද්දක් බව චෝදනා කිරීමේ හැකියාවද ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

මීට අදාල රහසිගත සාකච්ඡාවක් ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී පෙරේදා(29) පවත්වා ඇති අතර ඊට ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ දෙදෙනාද සහභාගී වී තිබේ. එහිදී කරන ලද කුමන්ත්‍රණ අතර අගෝස්තු 5 - 10 අතර කාලයේදී රටේ තැපැල් රෝහල් සහ ගමනාගමන ක්ෂේත්‍රවල වර්ජන අවුලුවා කඩා කප්පල් කාරී ක්‍රියා ආරම්භ කළ යුතු යැයි සැලසුම් කරන ලද අතර එහි වගකීම ඩලස් අලහප්පෙරුමට බාර දී තිබේ.

දෙවැන්න ලෙස රටේ ජාතිවාදය ඇවිලවීම සිදුකළ යුතු බවත් ඊට රාවණා බලය යොදා ගැනීමටත් තීරණය කර තිබේ. රාවණා බලය මගින් අත් පත්‍රිකාවක් බෙදීමටත් 12 දා රාත්‍රී නමක් ගමක් නොමැති පෝස්ටරයක් ඇලවීමටත් සැලසුම් කර ඇත. එම පෝස්ටරය මගින් රනිල් රට බෙදීමට යන බවට ජනතාව බියවැද්දීමට තීරණය කර ඇත. පෝස්ටරය මුද්‍රණය කිරීම ඩලස්ගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙකුට පවරා තිබේ. ඊට සමගාමීව යාපනය චාවාකච්චේරිය කිලිනොච්චිය ප්‍රදේශ වලින් සිංහල විරෝධී ජාතිවාදයක් ඇවිලවිය යුතු යැයිද එවිට එය පෙන්වා දකුණේ ජාතිවාදය උත්සන්න කළ හැකි යයිද සාකච්ඡා කර තිබේ.

බුද්ධි අංශ නිලධාරියා මේ තොරතුරු ලංකා ඊ නිව්ස් වෙත හෙලිකෙළේ අදාල අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති නමුත් මාධ්‍ය මගින් හෙලි කිරීමෙන් කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම් අඩාල කළ හැකි යයි පවසමිනි.

මේ අතර ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ කුරුණෑගල තොරතුරු කරු පවසන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සැක කටයුතු ජීප් රථ කීපයක් හා ජයරත්න හේරත්ගේ කන්ඩායමක් තැන්තැන්වල රැක සිටිමින් යම් කිසි සිදුවීමකට අර අඳින බවයි. ඔවුන්ගේ වාහන තුලම අරක්කු බොමින් ගත කරන මේ පිරිස් අත් අඩංගුවට ගැනීමට පොලිසිය උනන්දුවක් නැති බවද පවසයි. ලක්ෂ්මන් වෙඬරුවගේ නිවසට වෙඩි තැබුවේද මේ කන්ඩායමක් බව දැනගැනීමට ඇතැයිද කුරුණෑගල මරණයක් අත ලඟම සිදුවීමට ආසන්න බවද අප අභ්‍යන්තර තොරතුරු කරු අනතුරු අඟවයි. අස්ලිය ප්‍රින්ටර්ස් හරහා මහින්ද කුලියට ගෙන ඇති නිවාස වල කුලී ගෙවා ඇති බවත් අරක්කු බෙදා දෙන බවත් දැනගන්නට ඇත. ලංකා ඊ නිව්ස් පෙරදී වාර්තා කළ පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙර කුලියට ගෙන තිබූ හේරත් නැමැත්තාට අයත් විල්ගොඩ පාරේ ගොඩනැගිල්ල මහින්ද ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය ලෙස බදු ගෙන ඇති අතර එහි කුලිය මසකට  2,50,000/- කි. මාස 2 කට කුලී ගෙවා තිබේ. 

---------------------------
by     (2015-07-31 11:53:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links