~

සමාජ මාධ්‍ය ජාල භීතිකාවෙන් පෙලෙන HNB බැංකුවට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්: අනෙක් ‘මේනියා‘ කාරයන්ටත් පාඩමක්

(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.28, ප.ව.5.10) රටේ මූලික නීතිය අභිබවා ගොස් සමාජ ජාල මාධ්‍ය භාවිතය වාරණය කරමින් තම සේවකයන් වෙත නීති පනවා තිබූ හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඊනියා ‘සමාජ මාධ්‍ය ප්‍රතිපත්ති මාලාව‘ (social media policy of HNB) කොළඹ දිසා අධිකරණය විසින් වාරණය කර තිබේ. සමාජ මාධ්‍ය ෆෝබියාවෙන් පෙලෙන අනෙකුත් මෙවැනි ආයතන ප්‍රධානීන්ගේද ඇස් අරවන මෙම වාරණ නියෝගය නිකුත් කරන ලද්දේ කොළඹ දිසා අධිකරණ විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා විසිනි.

මෙම වාරණයට හේතු පාදක වූ සිද්ධිය මෙසේය.
HNB බැංකුවේ සමාජ මාධ්‍ය ප්‍රතිපත්ති මාලාව සියළුම සේවකයන් පිලිපැදිය යුතු අතර එහි 9 සහ 10 වගන්ති වල සඳහන් වන්නේ සේවකයන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අයිතියක් නොව බැංකුව විසින් ලබා දෙන වරප්‍රසාදයක් බවය. එම වරප්‍රසාදය ඕනෑම අවස්ථාවක බැංකුවට ඉවත් කළ හැකි බවද සඳහන් වේ.  මීටත් වඩා මෙහි ඇති ගෝත්‍රික වගන්තිය නම් HNB සේවකයා සමාජ ජාල අවමයෙන් භාවිතා කළ යුතු යැයි ද එය සේවා කාලයේදී පමණක් නොව සේවකයාගේ පුද්ගලික ජීවිත කාලයටද වලංගු සේ පනවා තිබීමයි. තවත් ගෝත්‍රික වගන්ති වන්නේ HNB සේවකයා සමාජ ජාල වලදී දේශපාලනය සහ ආගම ගැන සාකච්ඡා කිරීම වැලැක්වීමත් අදහස් හුවමාරු කර ගන්නා අය HNB බැංකුවේ පාරිභෝගිකයන් හෝ තරඟ කරුවන් වන්නේ නම් ඊට පෙර HNB බැංකු අධිකාරියෙන් අවසර ගත යුතු යැයි වගන්ති පනවා තිබීමයි.

සත්‍ය වශයෙන්ම HNB බැංකුවේ ඉහත සමාජ මාධ්‍ය ප්‍රතිපත්ති මාලාව සුදුසු වන්නේ ගල් යුගයේ අර්ධ වානර ගෝත්‍රිකයාට මිස නවීන සමාජයේ මිනිසාට නම් නොවේ. 

මේ තත්ත්වය HNB සේවකයා ඕනෑම අවස්ථාවක වැරදි කරුවෙක් කළ හැකි වීමට මග පාදන අතර පසුගියදා ෆේස් බුක් සමාජ ජාලයේ කොමෙන්ටුවක් පළ කිරීම මත සේවකයන් සිව් දෙනෙකුට එරෙහිව HNB පාලනාධිකාරිය විසින් විනය ක්‍රියාමාර්ග ගෙන තිබිණ. මීට එරෙහිව බැංකු සේවක සංගමය අධිකරණයට ගිය අතර එම නඩුව විභාග වන තුරු HNB බැංකුවේ ඉහත කී ගෝත්‍රික ‘සමාජ මාධ්‍ය ප්‍රතිපත්ති මාලාව‘ ක්‍රියාත්මක කිරීම වළකා දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.

බැංකු සේවක සංගමය වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කළ ජනාධිපති නීතිඥ හර්ෂ සෝසා මහතා කියා සිටියේ HNB බැංකුවේ ඊනියා සමාජ මාධ්‍ය ප්‍රතිපත්ති මාලාව මගින් රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී තිබෙන සිතීමේ නිදහස, හෘද සාක්කියේ නිදහස, ආගමික නිදහස, භාෂණයේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස, සමාගමයේ නිදහස, ආදිය උල්ලංඝනය වන බවත් ඒ අනුව එම ප්‍රතිපත්ති මාලාව නීති විරෝධී ශූන්‍ය බල රහිත ලේඛනයක් ලෙස ප්‍රකාශ කරන ලෙසයි. දිසා විනිසුරු ටී.ඩී. ගුණසේකර මහතා සෝසා මහතාගේ මතය පිළිගත් අතර දින 14 කට බලපැවැත්වෙන පරිදි HNB බැංකුවට එරෙහිව ඉහත ඊනියා සමාජ මාධ්‍ය ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර මෙම නඩුව යලි නොවැම්බර් 06 වෙනිදා විභාගයට ගන්නා බවද පැවසීය.

මෙම නඩුව සමාජ මාධ්‍ය ෆෝබියාවෙන් පෙලෙන අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන ප්‍රධානීන් වෙත රතු එළියක් දල්වන අතර රටේ ඕනෑම ආයතනයක් තම තමන්ගේ ආයතන නීති රීති පැනවිය යුත්තේ රටේ මූලික නීතිය උල්ලංඝනය නොවන ආකාරයෙන් බව යලි යලිත් මතක් කර දෙනු ඇත.

---------------------------
by     (2015-10-28 13:34:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Good. Good.
-- by Hassan Rouhani on 2015-10-30

ඇයි පත්තර කාරයො මේව දාන්න බය ??????
-- by Rasika Perera on 2015-10-31

Bank is facing all these issues because of my advices.These media policies and other new ideas are my suggestions.I will ruin this bank very soon.Hahh...hah ....ha...............
-- by janaka on 2015-10-31

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links