~

මෛත්‍රී සමග එකට සිටින පින්තූර..! සිල් මාකට් කර මහජන මුදල් පිල්ලි ගහන අලුත්ම සක්විත්තා හඳුනාගන්න

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.01, ප.ව.4.55) මහින්ද රාජපක්ෂ සමග එකට පෙනී සිටි පින්තූර ප්‍රදර්ශනය කරමින් ජනතාවගේ මුදල් කෝටිගණනක් වංචා කළ සක්විති රණසිංහ සේම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකට පෙනී සිටින පින්තූර ප්‍රදර්ශනය කරමින් ජනතා මුදල් ගසා කෑමට සැරසෙන නූතන සක්විත්තෙක් ගැන ලංකා ඊ නිව්ස් වෙත තොරතුරු ලැබී තිබේ.

මීට වසර 5 කට පෙර ආරම්භ කරන ලද බ්ලූ මවුන්ටන් නම් දේපොළ වෙළඳ සමාගමක අයිතිකරු වූ දොස්තර හිරාන් හෙට්ටිආරච්චි නමැත්තා මෙකී නූතන සක්විත්තා ය. 

සක්විති සේම මොහුද පුවත් පත් රූපවාහිනී දැන්වීම් හරහා අමු කෙප්ප ප්‍රචාරය කරමින් ජනතාව ගොනාට අන්දවයි. දැන්වීම් වලට අනුව බ්ලූ මවුන්ටන් සමාගමට සේවකයන් 2100 ක් සිටිති. ඉඩම් කට්ටි මිලදී ගත් සාමාජිකයන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් සිටිති. මෙම සමාගමේ වත්කම් ලෙස රුපියල් බිලියන 14 ක් හෙවත් කෝටි 1400 ක් ඇතැයිද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක් අයත් බවද කියති. 

මාධ්‍යයක මරණ දැන්වීමක් ප්‍රචාරය කිරීමටත් මරණ සහතිකය අවශ්‍ය රටක බිලියන 14 ක වත්කම් ඇතැයි සමාගමක් දැන්වීමක් දමද්දී පිළිගත් වරලත් ගණකාධිකරණ සමාගමක් විසින් සහතික කරන ලද එම සමාගමේ ශේෂ පත්‍රයක් නොඉල්ලා ජනතාවත් ආණ්ඩුවත් ගොනාට ඇන්දවීමට ලංකාවේ මාධ්‍යය ඉඩ කඩ දී තිබේ. මොවුන ප්‍රචාරය කළ දැන්වීම් වලට හසුවී ජනතාව අමාරුවේ වැටුනු විට වැරදි කරුවන් වන්නේ මහ බැංකුවත් ජනතාවත්ය. එදා වේල හොයා ගැනීමට බොරු දැන්වීම් පළකල මාධ්‍ය ආයතන වැරදි කරුවන් නොවේ. 

මහ බැංකුවෙ අලස ප්‍රතිපත්තියත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිද්‍රාශීලී භාවයත් නිසා මෙවැනි කූඪ ව්‍යාපාරිකයන් ගැන නොසෙවීම ඔවුන්ට වාසියකි.

ලංකා ඊ නිව්ස් කරන ලද සොයා බැලීම් අනුව එම සමාගමේ සේවකයන් 2100 ක් සේවය කරන බව කීවද අර්ථ සාධක ගෙවා ඇත්තේ 200 කටත් අඩු ප්‍රමාණයකට ය. වසර 5 ක් තුල ඉඩම් කට්ටි මිලදී ගත් ලක්ෂ 2 ක් සිටී නම් එක් දිනකට ඉඩම් කට්ටි 110 ක් විකුණා තිබිය යුතුය. එනම් අවම වශයෙන් දිනකට අක්කර 5 ක් පමණ විකිණිය යුතුය. එය පට්ට පල් බොරුවකි. බ්ලූ මවුන්ටන් සමාගමට බිලියන 14 ක වත්කම් ඇතැයි කීමද එවැනිම ජනතාව අන්දන කෙබරයකි. මන්ද යත් ලංකාවේ බැංකුවකට පවා එවැනි ඉලක්කයක් සපුරා ගැනීමට වසර 10 ක් පමණ ගත වන නිසා ය. 

දොස්තර හිරාන් හෙට්ටිආරච්චි නමැති නූතන සක්විති බ්ලූ මවුන්ටන් නම් සමාගමක් පිහිටුවා සිල් රෙදි හැඳ බවුන් වඩනා උපාසකයෙකු සේ දැන්වීම් දමා ශීලය ද මාර්කට් කරමින් කරන්නේ කොළඹ අගනුවර පුරා අධි සුඛෝපභෝගී තට්ටු මහල් නිවාස ඉදි කරන බව පවසමින් ජනතාවගෙන් අත්තිකාරම් මුදල් එකතු කිරීමයි. මහල් නිවාස ව්‍යාපෘති 15 කට අධික ප්‍රමාණයක් සඳහා මුදල් එකතු කරමින් සිටින මොහු තවමත් ඉදිකිරීමක් ආරම්භ කර ඇත්තේ කොහුවල මහල් නිවාසයක් සඳහා පමණි. අනෙකුත් කිසිදු නිවාස සංකීර්ණයක් සඳහා අදාල ඉඩම් වලට මුදල් හෝ ගෙවා නොමැති බැවින් කඩදාසි වල පමණක් ඇති බ්ලූ මවුන්ටන් නිවාස වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවූ අය අනාතයේදී සිය දිවි නසා ගැනීම සුලභ දසුනක් විය හැකිය. 

මේ අතර මෙම නූතන සක්විත්තා විසින් කොළඹ තදාසන්න නගර සහා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්‍හි ඉඩම් කට්ටි කර විකුණා ඇතත් ඒ ඉඩම් සඳහා බස්නාහිර පළාත් සභාවට ගෙවිය යුතු මුද්දර ගාස්තු ගෙවා නැත. එහිදීද මොහු කරන්නේ බරපතල වංචාවකි. ඔවුන්ගේ ඔප්පු ලියන්නේ හිතවත් නීතිඥ කණ්ඩායමක් විසිනි. මොවුහු යම් බිම් කොටසකට අයත් ඔප්පුවේ පළමු පිටපත ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන නමුත් මුද්දර ගාස්තු ඇතුලත් දෙවන පිටපත ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි නොකරති. එලෙස බස්නාහිර පළාත් සභාවට ගෙවිය යුතු මිලියන ගණනක් වූ මුදල ගෙවීම පැහැර හැර තිබේ. මෙහිදී ඉඩම් කට්ටි ලබා ගත් අයට බ්ලූ ඩයමන්ඩ් මගින් ලබා දෙන ඔප්පුවක් තිබුනද එය යම් දිනෙක ඉඩම් දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් විමසූ විට ඊට නියමිත නෛතික අයිතිය ලැබී නැත. මන්ද මුද්දර ගාස්තු නිසි ලෙස ගෙවා ලියාපදිංචි කර නොමැති බැවිනි. 

බ්ලූ මවුන්ටන් අයිතිකාර දොස්තර හිරාන් හෙට්ටිආරච්චිගේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන විධායක නිලධාරීටද බොහෝ චෝදනා තිබේ. මහජන බැංකුවේ සිට හොරා කා පැමිණි අයෙක් සමග එකතු වී ඉඩමකට අධි තක්සේරු වාර්තාවක් ලබා ගෙන කෝටි ගණනක ණයක් වැරදි ආකාරයෙක් ලබා ගත් අයෙක් එක් ප්‍රධානියෙකි 

යහපාලන ආණ්ඩුවෙන්ද තවත් සක්විත්තෙක් බිහි කරන්නේ නැතිව, මිනිසුන් ජීවිත කාලයක් මුළුල්ලේ දැහැමෙන් සෙමෙන් හරි හම්බ කරගත් මුදල් කාලකන්නි පිංගුත්තරයන්ට ගසා කන්නට ඉඩ නොදී මෙවැනි සමාගම් නිසි නියාමනයකට යටත් කිරීමට බලධාරීන් වහා කටයුතු කළ යුතුය. මාධ්‍යය ද මහජනතාවගේ මුදල් එකතු කරන දැන්වීම් පළ කිරීමේදී ජනතාවට වගවීමක් තිබිය යුතුමය. ජනතාවද තමන් ආයෝජනය කරන සතයක මුදල ගැන ලක්ෂ වතාවක් කල්පනාකාරී විය යුතුය. 

---------------------------
by     (2015-11-01 13:41:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

oya wage thawa ekak tiyenawa boralle nimawin kiyala, mama geyak ganna laksha pahak gewala geya labune nati thana 15 parak witara bada gala yantham mudala gatta
-- by chamind on 2015-11-01

Mung maha jara Companiyak. Staff 150 withara inna e ayata gelawanna beri vidihata agreement sign karala thiyang innawa. Staff eka marawa marawa weda gannawa. Paw ithin unuth nannathtara wela melo hasarak nethiwa kale gevanawa. Borunam Ridma kiyala inna, unge ugulwalata ahuwela inna kenagen ahala balanna. 0716502045 thamai eyage phone no. eka.
-- by Surentha on 2015-11-03

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links