~

නානසාර සේ රාජිතත් කෙසෙල් ගහට කෙටුවාද? රාජිතගේ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් ඉතිහාසයේ ප්‍රථම වරට නීතිපති දෙපාර්තමේන්තුව වර්ජනයකට

(ලංකා ඊ නිව්ස් -2016.ජන.28, ප.ව.11.50) නීතිපති දෙපාර්තමේන්තුවත් නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙනුත් අද දහවල් පැවැති කැබිනට් තීන්දු ප්‍රකාශයට පත් කෙරෙන මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කරන ලද ප්‍රකාශ නිසා නීතිපති දෙපාර්තමේන්තුව තදබල කැළඹීමකට පත්ව රාජිත සේනාරත්න මහතා වෙත දැඩි විරෝධය පළ කරති.

නීතිපති දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ පැවැති කාලයට වඩා දැන් අන්ත ජරා වී ඇතැයි රාජිත සේනාරත්න මහතා පැවසූ අතර තවත් විටෙක අඟවා සිටියේ දැනට හිස්වී ඇති නීතිපති ධූරයට දෙපාර්තමේන්තුවෙන් අයෙක් පත් කරනවා වෙනුවට පිටතින් අයෙක් පත් කරන බවයි. 

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උදහසට ලක්ව ඇත්තේ මෙම ප්‍රකාශ දෙක වන අතර වහාම රාජිත සේනාරත්න මහතා මෙම ප්‍රකාශ දෙක ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් ඉතිහාසයේ පළමු වරට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වර්ජනයට යන බව පවසති. එනම් ආණ්ඩුවේ නඩු වෙනුවෙන් පෙනී සිටීම වර්ජනය කරන බව පවසති.
 
රාජපක්ෂ රෙජීම යුගයේ නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමෙන් පසුව රාජපක්ෂලාගේ හෙංචයියන්ට එරෙහිව ඇහෙමින් තිබූ නඩු පවා ඉල්ලා අස්කර ගත්තේය. ඉන් ජනප්‍රිය වූ ඒවා නම් කැස්බෑවේ චන්දන කත්‍රිආරච්චිට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගැනීමත් දුමින්ද ආර් සිල්වාට එරෙහිව තිබූ බාල අපචාර නඩුව ඉල්ලා අස්කර ගැනීමත් වේ. තව කරන ලද පක්ෂග්‍රාහී සිද්ධි අපමණය. දැන් නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිගේ විධායකයෙන් ඉවත් කර ස්වාධීන රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කර ඇත. එය යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබියදී එම ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක වරයා දැනට වඩා රාජපක්ෂ යටතේ නීතිපති දෙපාර්තමේන්තුව තිබූ යුගය හොඳ යැයි පැවසීම සම්පූර්ණයෙන්ම දුෂ්ඨ මඤ්ඤං ප්‍රකාශයකි.

දෙවැන්න නීතිපති වරයා පිටතින් පත් කරනවා යැයි පැවසීමය.

ස්වාධීන රාජ්‍ය දෙපාර්තමේන්තුවක අධිපතියා විශ්‍රාම ගිය පසු ඊලඟ අධිපතියා විය යුත්තේ එම දෙපාර්තමේන්තුවේ ඊලඟට සිටින ජ්‍යෙෂ්ඨයා ය. ඊට පිටුපා දෙපාර්තමේන්තුවකට පිටතින් කිසිවෙක් පත් කරනවා යනු ඉන්තේරුවෙන්ම එය අදාල ආයතනය දේශපාලනීකරණය කිරීමකි.
 
දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නීතිපති යුවන්ජන මහතා විශ්‍රාම ගියේ ය. ඉන්පසු වැඩ බලන නීතිපති ලෙස පත් කරන ලද්දේ ඊලඟට සිටි ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා වන සුහද ගම්ලත් මහතාය. ඔහු රාජපක්ෂවාදියෙක් බව නොරහසක් වුවද ඒ දෙපාර්තමේන්තුවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා ඔහුය. රාජපක්ෂලා වසර 20 ක් පමණ තිස්සේ ආණ්ඩු කර ඇතිනම් ඕනෑම ආයතනයක පහලින් සිටින බොහෝ දෙනා රාජපක්ෂවාදීන් වීම වැළැක්විය නොහැකිය. ඔවුන් අස්කර දැමීමට කිසිදු ආණ්ඩුවකට නොහැකිය. සුහද ගම්ලත් මොනවාදියෙකු වුනද නීතිපති දෙපාර්තමේන්තුවේ ඊලඟට සිටින ජ්‍යෙෂ්ඨයා නීතිපති නොකළහොත් එය ආයතනික අර්බුදයක් බවට පත් වනු නිසැකය. පිටතින් කුමන මට්ටමේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු පත් කළද එය ඉන්තේරුවෙන්ම දේශපාලන පත්වීමක් වන්නේම ය. මෙවැනි තත්ත්වයක් තිබියදී රාජිත සේනාරත්න මහතා අද අඟවා සිටියේ පිටතින් අයෙක් පත් කෙරෙනු ඇතිය යන්නකි. ඔහු එසේ කීමද වැරදිය. මන්ද යත් එම පත් කිරීම නිල වශයෙන් සිදුකරන්නේ 19 වන සංශෝධනය යටතේ පිහිටැවූ ව්‍යවස්ථා සභාව විසින් වීම නිසාය. රාජිත සේනාරත්න මහතා ව්‍යවස්ථා සභාව නියෝජනය කරන්නෙක් නොවේ. 

සුහද ගම්ලත් රාජපක්ෂවාදියෙක් කියා නීතිපති නොකරන්නේ නම් ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ගෙදර යැවීමට නඩු ඇසූ රාජිත සේනාරත්න යහපාලන ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක වීමද නොකළ යුත්තකි. කළ යුත්තේ ජ්‍යෙෂ්ඨතමයා වූ සුහද ගම්ලත් නීතිපති නොකර වෙනත් දේශපාලන හෙංචයියෙක් පත් කර තවත් අර්බුද ගණනාවක් ඇති කර ගැනීම නොව ඔහු නීතිපති වුවද අවනීතියට වැඩ කිරීම නතර කරවා ගැනීමට වැඩ පිලිවෙලක් සකස් කිරීම ය.

---------------------------
by     (2016-01-29 03:02:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

රාජිත සේනාරත්න එක එක වෙලාවට එක එක කතා කියනව ගණන් ගන්න එපා...
-- by චාමර on 2016-01-29

Dear Lankaenews, Do you believe those Rajapkasa loyalists are possible to rehabilitate? Already one went abroad (Damyanthi Jayarthana). You need some one head of the attorney general office to work without Rejapaksa mindset. It seems that Lankaenews talking on behalf of Avantguard and Wijedasa Rajapaksa. Your reporting does not reflect constant policy towards Rajapaksa misdeeds. Why do you not support Mahinda or Basil or Namla to head the Attorney general office? That's better than rehabilitating Rajapaksha mindset. Even Wimal weerwansha is a great choice.
-- by Pat on 2016-01-29

A crow has no decency at all
-- by Nagitha Wijesekera on 2016-01-30

'The Kakussi Kata' should be in jail for abusing Minister privileges, helping the foreign fishing vessels to cheat on quota, and buying 7 large scale fishing vessels through that defrauded money. Why there is no FCID investigation on that crime??
-- by Sujee on 2016-01-31

This is soo stupid Lanka e news. Rajapaksha loyalties are never give correct decisions and they always try to hide the cases. These people are getting the advantage of hide the Avantguard case as well. Consequently Wijedasa Rajapaksa taking opportunity to save Avantguard case. Wijedasa Rajapaksa and his group of team do not care about the people live in sri lanka and they only want to full his pocket with more money. shame on them.
-- by Wasantha De Silva on 2016-02-02

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links