~

අඳෝමැයි..! මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් අසූචි කන්දක් ගිල දමයි..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.24, පෙ.ව‍‍‍‍‍‍.1.00) ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟ දිනා දෙන විට ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන විට මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් කොයි කාගේත් හද දිනූ වීරයෙකු විය.

මුරලිගේ දඟ පන්දුව තමන්ට අභියෝගයක් වන බව දුටු ඕස්ට්‍රේලියානුවන් උපක්‍රමශීලීව ඔහුට එරෙහිව මුලින්ම මාධ්‍ය මෙහෙයවා පසුව ඩැරල් හෙයාර් හා රොස් එමර්සන් නම් නරුම ක්‍රිකට් විනිසුරුවන් ලවා මුරලි පන්දුව දමා ගසන්නෙකු බවට නම් කරද්දී මුළු ශ්‍රී ලංකාවම මුරලිගේ පැත්ත ගත්තේ ය. ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම එකල ඕස්ට්‍රේලියානුවන් වහ කදුරු බවට පත් විය. මුරලි මෙනුවෙන් පෙනී සිටි අර්ජුන රණතුංගද එම ක්‍රියාව නිසා වීරයෙකු බවට පත් වූ අතර ( අද වන විට නම් ඒ අර්ජුන රණතුංග වරාය තුල විනාශකාරී කුජීත ඇමැතිවරයෙකු බවට පත්ව සිටී) රොස් එමර්සන් ක්‍රිකට් විනිසුරුවරයා නොබෝදා පාපෝච්ඡාරණයක් කරමින් තමන් එසේ කෙළේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගේ බලපෑම නිසා බව කියා සිටියේ ය. 

තමන්ට මෙතරම් කෙනෙහිළි කම් කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ඉදිරියේ මුරලි යළි කිසිවිටෙක ඇයි හොඳයි කම් නොපවත්වනු ඇතැයි සැවොම සිතුවද ඇමරිකානු ඩොලර් 20,000 ක වැටුපකට මුරලි එම ඕස්ට්‍රේලියානු බලධාරීන් ඉදිරියේ දෙකට නැවෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමේ කටයුත්ත බාර ගෙන ඇත.

එළැඹෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ ශ්‍රී ලංකා සංචාරය තුළදී නේදන් ලයන්, මැකීෆ්, ඇතුළු ඕස්ට්‍රේලියානු දඟ  පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාවේ මන්දගාමී දඟ කැවෙන තණ තීරු මත ශ්‍රී ලංකා පිති කරුවන් දවා ගන්නේ කෙසේදැයි උපදෙස් දෙන්නේ මේ අනුව මුරලිදරන්ය.

තමන්ට ගැරහූ, තමන්ට වින කැටූ, ඕස්ට්‍රේලියානුවන්ගේ පැත්ත ගනිමින් ඔවුන්ගේ නිල ඇඳුම් අඳිමින් තමන්ගේ රටට එරෙහිව ඔවුන්ගේ සහායට මෙසේ මුරලි ඉදිරිපත් වූයේ කලිසම ගෙදර දමා ඇවිත් වන්නට ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු හැටියට ඕනෑම රටක පුහුණකරුවෙකු බවට පත්වීම වරදක් නොවේ. එහෙත් මුරලි වැන්නෙකු කිසිසේත්ම ඕස්ට්‍රේලියානුවන්ගේ පැත්ත ගනිමින් තම මව් රටට එරෙහිව කටයුතු කිරීම කිසිසේත්ම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අනුමත නොකරනු ඇත. මෙය දේශප්‍රේමියෙකු පසුව දේශද්‍රෝහියෙකු බවට පත්වීමක් වැනි ය. 

මේ විෂයෙහි ලා මුරලිගේ හැසිරීම ඊටත් වඩා ජුගුප්සාජනක වී තිබේ. ඒ උපදේශකයෙකු පමණක් නොව දැල් පන්දු යවන්නෙකු බවටද මුරලි මේ වන විට පත්ව ඇති නිසා ය. විදෙස් කණ්ඩායමක් පැමිණි විට පිතිකරුවන්ට පන්දු යැවීම සඳහා සුළු මුදලක් ගෙවා දැල් පන්දු යවන්නන්ගේ සේවය ලබා ගැනීම සිරිතකි. 

පසුගියදා කොළඹ පී සරා ඕවල් පිටියේ පැවැති ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා සභාපති පිල අතර දෙදින පුහුණු තරඟය අතර තුරදී මුරලි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පැය ගණනක් තිස්සේ පන්දු යවනු දක්නට ලැබිණ. අඳෝමැයි..! ශ්‍රී ලංකාව බිහිකළ ලොව හොඳම දඟ පන්දු යවන්නාට ගිය කලෙක සැටි..!! මෙය දුටු බොහෝ දෙනා තුල මුරලි ගැන ඇති වූයේ අසීමිත කලකිරීමකි. කෝපයකි.

එතෙකින් නොනැවතුනු මුරලි තරඟය ඉක්මනින් අවසන් වූ පසු එම තණතීරුව ඕස්ට්‍රේලියානුවන්ට පුහුණුව සඳහා අවශ්‍ය බව කියමින් තම ක්‍රීඩා සමාජයේම නිලධාරීන් ඉදිරියේ වාද කරන්නටද පටන් ගත්තේය.

මුරලිට වින කැටීම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් සමග ශ්‍රී ලංකා මාධ්‍ය මෙන්ම ක්‍රිකට් ලෝලීන් ද වෛර බැඳ ගත්තේ මුරලිට තිබූ ආදරය නිසා ය. ලෙන්ගතුකම නිසාය. අපේ කම නිසාය. 

ඒත් ඒ සියල්ලටම පයින් ගසමින් මුරලි දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහායකයෙකු බවට පත්ව තිබේ. 

ඒ ඩොලර් 20,000 ක් වැනි වැටුපකට නම් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ගසා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙතෙක් මුරලි උපයා ගෙන ඇති කෝටි ගණනක මුදල් සම්භාරයට හා අපේ කමට වඩා ඩොලර් 20,000 මුරලිට වටිනවා විය හැක.

බලාගෙන යනවිට අපේ රටේ දේශපාලුවන්ගේත් මුරලිලාගේත් වෙනසක් නොමැත. සල්ලියක් දුටු විට රසයි යසයි කියා අසූචි කන්දක් වුව ගිල දමනු ඇත. 

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

---------------------------
by     (2016-07-23 19:25:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

තමන්ට ගැරහූ, තමන්ට වින කැටූ, ඕස්ට්‍රේලියානුවන්ගේ පැත්ත ගනිමින් ඔවුන්ගේ නිල ඇඳුම් අඳිමින් තමන්ගේ රටට එරෙහිව ඔවුන්ගේ සහායට මෙසේ මුරලි ඉදිරිපත් වූයේ කලිසම ගෙදර දමා ඇවිත් වන්නට ඇත
-- by රෙක්ස් on 2016-07-23

රාජපක්ෂගෙ ගූ කාපු මුරලිට ඕක මොකක්ද?
-- by Amarasena Silva on 2016-07-23

සල්ලි දෙයියන්ගෙ මල්ලි! මල මිනියත් දිව දානව සල්ලි වලට!
-- by Charith on 2016-07-23

දැන් මුරලිදරන්ලයි කාලෙ නං ඉවරයි, ඒත් ගෞරවේ නං තාම ඉතුරු වෙල තියෙනෝ. හැබැයි ඔහොම ගියොත් ඉතිං.......
-- by Dias on 2016-07-23

Lanka E News, this is not a good article. Every person has the right to provide services at a price. That is the norm in professional life. If someone thinks Murali has betrayed country in this occasion, it is absolutely shame that he does not understand the way or modern professional life. Here Australia needed a service from a professional and invited Murali to take part which is having a huge strategic thinking which I am not going to discuss here. If SLC had given a job for Murali then he is unable to accept the invitation by Aussies. He is free to accept any job as he is a free lancer irrespective of where it happen. We should not think this will give negative impact on our team. What we need to do is we need to adjust to the situation and react in a professional manner. Nothing can be achieved by placing articles in newspapers but more can be done by strategic decisions. SLC must be able to tacke this as such incidents are happening worldwide but they managed them professionally. I cant believe this article appearing in Lanka ENews as you guys always talk and think about new trends and how to do things in a modern way.
-- by Sudath Sri on 2016-07-24

Jathiwadaya awussanawa nemei oka thamai issara kathawak tibune "pinture inna eka vitharak viswasa karanna kiyala"
-- by Yakaa Baas on 2016-07-24

mama maa article akara weruddai mokada apaa cricket board akan murlita coach karanna katha karala nogihin wenath ratakata coach karanawanam sampurna waradi,maaka ahama namai nada wela tiyanna anika oyala kochchara asadaaranada maa waga article akak maawediyata damma aka kochchara amanusikada,aa manussayath jeewath wenna ona nada.api hama welawama api gana wetarak hitana aka harida.apa rata kohada tiyanna sudussata sudusu tana aaka ganai oyala katha karanna ona.mama oyalaga news hamadaama balanawa mama palamu wathawata tamai dakka oyalath mooda taalata maa wediyata wada karanawa aagananam kanagaatui
-- by ranjith on 2016-07-25

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links