~

දුමින්ද සිල්වලා කිසිදු වරදක් කර නැතැයි ‘ටින්කරින් බාස් තීන්දුව‘ ලීවේ නඩුව ඇහුවේවත් නැති වෙනත් විනි-සොරෙක්: කුමන්ත්‍රණය සැලසුම් කෙළේ ගෝඨාගේ නිවසේ දී

නම් ගම් දුරකථන අංක සහිත හෙළිදරව්ව

(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.11, පෙ.ව‍‍‍‍‍‍‍.8.50) භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ නඩුව අවසානයේ බහුතරය පසෙක ලා ‘ටින්කරින් බාස් තීන්දුවක්‘ දෙමින් සියළු චූදිතයන් සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරමින් කිසිදු වරදක් කර නැතැයි ප්‍රකාශ කළ ශිරාන් ගුණරත්නගේ ඒක පුද්ගල නඩු තීන්දුව ලියන ලද්දේ නඩුව විභාග කළ ඔහු නොවන බවත් අහක සිටි වෙනත් විනි-සොරෙකු බවත් ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළි වී තිබේ. 

ශිරාන් ගුණරත්න පසුගිය 8 වෙනිදා අධිකරණයේදී තමාගේ තීන්දුව ලෙස කියැවූ ‘ටින්කරින් බාස් තීන්දුව‘ ලියා ඇත්තේ ‘මොහාන් සෙනෙවිරත්න‘ නමැති මරාවාදී තක්කඩි මහාධිකරණ විනි-සොරා වන අතර ඔහුට උදව් කර ඇත්තේ ‘දමිත් තොටවත්ත‘ නමැති තවත් මරාවාදී තක්කඩි මහාධිකරණ විනි-සොරෙකු විසිනි. මොවුන් තිදෙනාම ලංකා ඉතිහාසයේ හිටපු නීචතම අගවිනි-සොරා වූ සරත් නන්ද සිල්වාගේ ගෝලයෝය. ඔහු නිසා විනිසුරු කම් ලැබූවෝ ය. තිදෙනාම මහේස්ත්‍රාත්වරුන් ලෙස පහළ සිට ආ අය නොවන අතර තිදෙනාම නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් සිට මහාධිකරණ විනිසුරු ධූර වලට උත්තරාරෝපිත කරන ලද අයය. 

මෙම කුමන්ත්‍රණය සිදුකෙරුනේ ගෝඨාභය රාජපක්ෂගේ නිවසට රැස්වූ සරත් එන් සිල්වා සහ අනෙක් නීච අගවිනි-සොරා වූ මොහාන් පීරිස් දෙදෙනාගේ උපදෙස් පරිදිය. ඔවුන්ගේ උපදෙස් මත දමිත් තොටවත්තගේ උදව් ඇතිව මොහාන් සෙනෙවිරත්න විසින් ලියන ලද නඩු තීන්දුව ශිරාන් ගුණරත්න ‘ටින්කරින් බාස් විනි-සොරා‘ විසින් පසුගිය 8 වෙනිදා කියවන ලදී. එකී නඩු තීන්දුවේ ඇති සිංහල භාෂාව පවා ශිරාන් ගුණරත්නගේ නොවේ. ඔහුගේ ඉංග්‍රීසි භාෂාව හොඳ වුවද ඒ නඩු තීන්දුවේ ඇති කාව්‍යාත්මක සිංහල භාෂාව ඔහුට කිසිදා ලිවිය නොහැක.

එපමණක් නොව විනිසුරු මඩුල්ලේ සභාපති වූ ශිරාන් ගුණරත්න කියැවූ ‘ටින්කරින් බාස් නඩු තීන්දුව‘ පෙර දිනයේ එනම් 7 වෙනිදා ගෝඨාභයට සහ දුමින්ද සිල්වාට පෙන්වා ඇතැයිද පසුදා දුමින්ද සිල්වා අවිශ්වාසයකින් තොරව අධිකරණයට ආවේ එනිසා බවද ගෙදර යෑම ෂුවර් බැවින් ආධාර කරුවන්ද රැගෙන ආ බවද ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී තිබේ. අනෙක් විනිසුරුවරුන් දෙදෙනා වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බව මේ තක්කඩියන් දැන සිටියේ නැත.   

‘මොහාන් සෙනෙවිරත්න‘ යනු හමුවන ඕනෑම පුද්ගලයෙකු සමග දැනට සිදුකෙරෙන FCID සහ CID පරීක්ෂණ වලට විරුද්ධව කතා කරන අමු නසරාණි විනි-සොරෙකි. මේ හාදයාගේ පියා පොලිසියේ විශ්‍රාමික එස්.එස්.පී. වරයෙක් වූ බැවින් මොහු අන් අයට අඟවන්නේ තමා පොලිසියේ සියළු කෙරුවාවන් දන්නා ‘පකීර්‘ කෙනෙකු ලෙසය.

‘දමිත් තොටවත්ත‘ යනු ලංකා ඊ නිව්ස් විසින් මීට පෙර “අනියම් සැප දෙන විනිසුරු බඩුව“ ලෙස නම් කරමින් හෙළිකළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන කවීන්ද්‍රා නානායක්කාරගේ අනියම් පෙම්වතෙකි. (රතු පස්වල ඝාතන මිනීමැරුමක් ලෙස පේන්නේ නැතැයි නඩුව විභාගයට ගත් පළමු දිනයේදීම කීවේ ඇය ය) දමිත් තොටවත්ත මහාධිකරණ විනි-සොරෙකු ලෙස සරත් නන්ද සිල්වා විසින් පත් කිරීමට පෙර දිගටම සේවය කෙළේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් හමුදාවන් ට අනුයුක්ත කරන නීති නිලධාරියෙකු ලෙසය. (ජජ් ඇඩ්වර්කේට්) එබැවින් මොහුගේ මනස ක්‍රියා කරන්නේ හමුදා නිලධාරියෙකුගේ ආකාරයට ය. ගෝඨාභය බේරා ගැනීම සඳහා ඕනෑම අවස්ථාවක පෙනී සිටින්නෙකි. 

ශිරාන් ගුණරත්නගේ ටින්කරින් බාස් තීන්දුවට නීති විශේෂඥයෝ අධෝ මුඛයෙන් සිනාවෙති

භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේ සියළු චුදිතයන් නිදොස් කොට නිදහස් කිරීමේ ගිනස් වාර්තා තැබූ ‘ටින්කරින් බාස් තීන්දුව‘ ගැන නීති ක්ෂේත්‍රයේ උගතුන් බුද්ධිමතුන් නීති ප්‍රවීනයින් අධෝ මුඛයෙන් පවා සිනහා වෙති. 

* අඩුම ගණනේ මෙම වෙඩි තැබීම් කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. ය සතුව තිබූ නීති විරෝධී ගිනි අවියකින් බව රජයේ රස පරීක්ෂකයා විසින් වාර්තා කර තිබියදී චුදිතයන් ගිනි අවි පණත යටතේ අනවසර ගිනි අවියක් ලඟ තබා ගැනීමේ වරදට හෝ හසුවූයේ නැති දැයි ප්‍රශ්න කරති.

* ඝාතනය සිදුවූ දිනය මැතිවරණ දිනයකි. එදින උදේ සිට ප්‍රචණ්ඩව හැසිරුණු දුමින්ද සිල්වා සහ පිරිස් ගැන ලැබුණු පැමිණිලි අනුව ඔවුන් පාලනය කරන්නැයි මැතිවරණ කොමසාරිස් වරයා විසින් පොලිස්පතිවරයාට ලිඛිත නියෝග දෙකක් ලබා දී තිබේ. එ්වා නඩුවේ සාක්කි ලෙස ඉදිරිපත්ව තිබියදී මේ චුදිතයන් අයුතු ජන රාශිය යන වරදටවත් හසු නොවූයේ මන්දැයි ඔව්හු ප්‍රශ්න කරති. 

* වෛද්‍ය වාර්තා අනුව දුමින්ද සිල්වා බීමතින් සිටි බව හෙලි වී තිබියදී අඩුම ගණනේ බීමත්ව ගෝරියකට පැටලැවීම ගැන හෝ දඬුවමක් නැතිදැයි ඔව්හු ශිරාන් ගුණරත්නගෙන් ප්‍රශ්න කරති.

විනිසුරු වරුන් වැටුප් ලබන්නේ රටේ මහජනතාවගේ බදු මුදලිනි.  ඔවුන් අවසානයේ වගකිව යුත්තේ පරමාධිපත්‍ය හිමි රටේ මහජනතාවට ය. එබැවින් මෙය කියවන මහජනතාවටත් ශිරාන් ගුණරත්නගේ ‘ටින්කරින් බාස් තීන්දුව‘ ගැන ගැටළු තිබේ නම් ශිරාන් ගුණරත්නටම කතා කොට විසඳා ගැනීමේ පහසුව සැලසීමට ලංකා ඊ නිව්ස් සූදානම්ය. 

ශිරාන් ගුණරත්න ‘ඇමතීම‘ සඳහා ඔහුගේ දුරකථන අංක මෙසේය 

ජංගම දුරකථන අංකය - 077 353 4298
නිවසේ දුරකථන අංකය - 011 2 320 801

ශිරාන් ගුණරත්න විසින් දුමින්ද සිල්වලාගේ අතරමැදියා ඇතුළු මෙම නීච ‘ඩීල්‘ එකට අදාලව දුරකථන මගින් සම්බන්ධතා පැවැත්වූ සියළු අය ගැන තොරතුරුද ලංකා ඊ නිව්ස් සතුව තිබෙන බවත් අදාල අවස්ථාවකදී ඒවා හෙළි කිරීමට සූදානම් බවත් අනාගතයේ ‘ටින්කරින් බාස් තීන්දු‘ ලබා දීමට සිතා සිටින අනෙකුත් විනි-සොරුන්ගේ ද දැන ගැනීම සඳහා සටහන් කර තබන්නෙමු.


පසු සටහන:  ‘ටින්කරින් බාස් තීන්දු‘ යනු කිසිදු වරදක් නොවූ බව පෙන්වීමට දක්ෂ ටින්කරින් බාස් උන්නැහේලා සේ විනි-සොරුන් නීතිය කණපිට ගසා, වරද කරුවන් කිසිදු වරදක් කර නැතැයි කියා දෙන අයුක්ති සහගත තීන්දුය.  

---------------------------
by     (2016-09-11 05:07:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  14 discussion on this news

U are perfect, I agree, he must be punished for the all wrongs he done, Judge gives a decision on the charges against him, The judge cant find any other wrongs from the charges, for ex. cant be punished for drink and involve fights, if not charged against him.
-- by jayantha on 2016-09-11

අධිකරණය යනු රටක පුරවැසියකුට තමන්ගේ අයිතීන් කඩවීමකදී යාහැකි අවසාන ආයතනයයි. අධිකරණය උත්තරීතර හා දෙවොලක් බඳු ආයතනයක් වන්නේ එහෙයිනි. ශිරාන් ගුණරත්න, සුමුදු ප්‍රේමචන්ද්‍ර, බන්දුල පරාක්‍රම කරුණාරත්න, කවීන්ද්‍රා නානායක්කාර, මොහාන් සෙනෙවිරත්න, දමිත් තොටවත්ත වැනි විනිසොරන් අධිකරණය නම් උත්තරීතර දෙවොලේ පහරා එය අපවිත්‍ර කර ඇත. මේ රටේ අධිකරණ විනිසුරන්ට ආචාර ධර්ම පද්ධතියක් නොමැතිද? විනිසුරන්ට ෆේස්බුක් ගිණුම් තබාගැනීමට හැකිද? මේවා දැක දැකත් අධිකරණ සේවා කොමිසම මරනින්දේද?එවැනි අධිකරණ සේවා කොමිසමක් රටට කුමටද? සරත් නන්ද සිල්වා හා මොහාන් පීරිස් වැනි නීචයන්ට තවමත් රටේ අධිකරණය පාලනය කළ හැකි නම් එය බරපතල කරුණක් නොවේද? රටේ සිටින නීතිය ගැන උගත්කමක් නැති අමන තකතීරු මරි මෝඩයකුට වුවත් ශිරාන් ගුණරත්න විනිසොරා පැහැදිලි සාක්කි ඇති වරදවල් වලින් කුඩු දුමියා හා පිරිස ඔවුන්ගේ කුඩු සල්ලි වලට යටවී නිදොස් කර නිදහස් කර ඇති බව තේරෙනු ඇත. අධිකරණය රටක තිබෙන දුෂිතම ආයතනයක් වන්නේ නම් එවැනි රටක පුරවැසියන්ට ඇති හව්හරණය කුමක්ද? ලංකාවේ අධිකරණයේ දුෂණ හා විනිශ්චයාසන වල පහරන විනිසොරන් හෙළි කිරීමට ලංකා ඊ නිව්ස් තනිවම කරන අරගලය ශ්‍රී ලාංකිකයන්ගේ අගය කිරීමට ලක්විය යුතුය. කෙසේ වෙතත් අධිකරණ පුජාසනයේ ගෞරවය රකින උත්තම විනිශ්චකාරවරුන් හා වරියන් තවමත් මේ රටේ ඇත. අධිකරණයත් තමනුත් දරන පදවියේත් ගෞරවය කෙලෙසන නරුම විනිසොරන් පිළිබඳව නිසි පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිසමට බල කිරීම එවැනි උතුම් විනිසුරන්ගේ වගකීමයි. එසේ නොවන්නේ නම් ඉදිරියේදී රටේ සියලු විනිසුරන් ඉවත් කර අලුතෙන්ම විනිසුරන් බඳවා ගැනීම හෝ ෆිජි දුපතේ කළා සේ පිටරටින් හෝ විනිසුරන් ගෙන්වා ගැනීම හෝ කරන්නට සිදු වනු ඇත.
-- by lalith on 2016-09-11

කුඩු දුමියා සහ බඩු දමියා අතර ලොකු වෙනසක් නැත. කවීන්ද්‍රා නානායක්කරගේ කට ඔය තරම් ලොකු වීමටත් ඇය ඇයගේ මුහුණ සෑම විටම දකුනු පැත්තට ඇල කරගෙන සිටීමටත් ප්‍රදානම හේතුව දමිත් තොටවත්තගේ මෝටර් රථයේ කවීන්ද්‍රාට බොහෝ ලිෆ්ට් ලබා දී තිබිම බව දන්නෝ දනිති.
-- by Menaka Wije on 2016-09-11

අපහාසයටත් උපහාසයටත් බේබදු කමටත් කොහොම හරී කාට හරි පන්දම් අල්ලා කේලාම් කියා ගාල්ල වටේ කැරකෙන්න දක්ෂ ප්‍රදීප් කීර්තිසින්හ සුමුදු ප්‍රේමච්න්ද්‍රගේ වැදි හනිමූන් පොටෝ එක දැක ඒ අහින්සකයාට මේ තියෙන ප්‍රශ්න මදිවට හනිමූන් වැද්දා ලෙස නමක් පටබැද ඇත
-- by Yuresha on 2016-09-11

ටින්කර් බාස් ෆෝන් එකට උත්තර දෙන්නේ නෑ වගේ. අනේ මෙහෙමත් කාලකන්නි. අපේ බදු සල්ලි වලින් වැඦබෙන ගෙවලයෝ.
-- by Nayana on 2016-09-11

meme lipiya nam gam heliwana siyaluma hora thakkadi vini-soranta, hitapu vini-soranta wahaama parikshana pawathwaa jathyantarayen lankawata ellaweemata tbena haa ella wemin thibena adhikaranayata sidiviyahaki mahaa kedawachakaya newethweemata garu janadhipathi thumani, agamethi thumani wahaama medihathwanna... kaarunika illeemaki.. Cheaf Justice must be resigned.. a very stern person from the judiciary or from the unofficial bar who can bring the old judiciary back should be appointed as the Chief Justice. THAWAMATH MaRa YUGAYE VINISORUN THAMA AADIPATHYA WAPURAMIN YAHAMIN WEJAMBENA BAWIN HORU SIYALU DENAAA WAHAAMA MEMA GARU SEWAYEN PANNA DAMANNA. NETHINAM MAHAJANAYAA NADU AHANA YUGAYA NEWATHA PEMINEEMA KISIWEKUTATH NAWATHANU NOHEKA. MaRA VISIN SUPREME USAAVIYATA , ABIYACHA ADHIKARANAYATA WADAMMAWANA LADA HORA VINISORUNDA PANNAA DEMIYA YUTHUMAYA. NAWAZ HORAA EKEK, FARUK HORA EKEK, NIHAL JAYAWARDHANA THAWA EKEK, SHIRAAN, DAMITH THOTAWATHTHA[ MEKAA HIGH COURT AAWE MARA TITUS THOTAWATHTHA GE MALAGEDARATA PAMINI WELE DUKA KIYAA HADAAWETEEME PRATHIPALAYAK LESAYA], CJ WATH, JSC EKAWATH NODENA KELIMMA MARA VISIN MUGE FILE EKA AGs Dpt EKEN JANADIPATHI LEKAM WETHA GENWAGATH MARA ME HORA THAKKADIYAA HC JUDGE KENEK KERUWE EKA DAWASENI. WASARA 15/16 PAMANA ADIKARANA SEWAYE SENIOR DISTRICT JUDGE THANATURE SITINAA VISHALA PIRISAK SITIYADEE AGs DEPT EKE MEMA HORA THAKKADI IHALA USAAVIVWALATA PATHKERUWE ADIKARANAYA MARA PAWLE UGE AMMA APPA GENAAWA BOODALAYAK LESINI. A HORA HETHTHATA ADIKARANAYADA RACING CAR EKAK BANDUYA. MEWAA NAWATHTHANNE KAWADAADA? API AHANNE YAHAPAALANA ANDUWE JANADIPATHI/ AGAMETHI ATHULU WAGAKIWAYUTHU SIYALU DENAAGENI. MAHAJANAYAA THAMA WATINAA CHANDAYA DUNNE MEWAA MESE BALA BALAA DATHMITI KANNATA NOWA. YAHAPATH RATAK DAKINNATA PAMANI. KISIWEKUTA KADE YANNATADA NOWE.
-- by Kapila on 2016-09-11

Agavinisuru siri-hulang - mahaththayo, shirangen patangawa suddakaranna, yawanawako meka gedarama, a madi, daanawako nadu garu vinisuru padaviya vikunnata, baaldu keruwata, ponnayek wage kata baliyan udabalagana virawagana inne natuwa. agavinisuru padaviyeth nambuwa thawath kanne netuwa... puluwannam wedak karala pennanawako. neththan yanawa gedara.. wena katahari koranda deela...
-- by Parinda on 2016-09-11

Is the Judiciary commission sleeping ? This commission has the authority to conduct an inquiry about this kind of High court judges verdicts.
-- by wimalasiri on 2016-09-11

නීතිපති දෙපාර්තනමේන්තුවේ යම් කලක් සිටි විට කෙලින්ම මහාදිකරණයට. අභියාචනාදිකරණයට හෝ ශ්‍රේශ්ඨාදිකරණයට කෙලින්ම යා හැකි ක්‍රම වේදයක් එකල පැවතින. ඒ යටතේ එම ආයතන වලට එකල පත්වූයේ සියළුම දෙනාගේ සම්භාවනාවට පාත්‍ර වූ නෛතික විද්වතුන්ය. උදාහරණයක් ලෙස නිමල් ගාමිනී අමරතුන්ග විනිසුරු තුමා දැක්විය හැක. එතුමා නීතිපති එකේ සිට කෙලින්ම මහාදිකරණයට ආ අයකු වුවත් එතුමාගේ ක්‍රියා කලාපය තුල එසේ පැරශුට් එකින් හයි කෝර්ට් පැනීම ගැන කාටවත් ගැටලුවක් තිව්නේ නැත. මෙකී තත්වය උඩු යටිකුරු වූයේ කිසිදු සුදුසු කමක් නැති කුමුදිනී(පුකදුනී) වික්‍රමරත්න ප්‍රීති පද්මන් සූරසේන වැනි එවුන් මෙම ක්‍රමය තුල කෙලින්ම මෙලෝ මල දානයක දැනුමක් නොමැතිව සී ආර් ද සිල්වාගේ උසි ගැන්විම මත සහ සරත් සිල්වාගේ මග පෙන්වීම මත මහාදිකරණයට පැමිණීමෙනි. ඉන් පසු වක්කඩ කැඩුවා මෙන් සී ආර් ද සිල්වාට වාතයක් වූ සහ නීතිපති එකේ මෙලෝ වැඩක් බැරි කාලකන්නි සමූහයක් මහාදිකරණයට පැරෂුට් කරණ ලදි. මෙම නිව්ස් එකේ කතා නායකයින්ද මොවූහුය. මින් එක් වැදගත් මහත්මයකු වූයේ අකාලයේ මිය ගිය අමේන්ද්‍ර සෙනෙවිරත්න මැතිදු පමණය. ගිහාන් කුලතුන්ගත් මහත්මයකි. අනිත් උන් ඔරජිනල් කාලකන්නි පුක දෙන්නෝ වෙත්. මහේස්ත්‍රාත් වරයෙකු ලෙස රාජකාරිය ඇරබූ විනිසුරෙක්ට සමාජ සහ ආයතනමය ආශ්‍රය ඉතා මද වේ (බන්දුල කරුනාරත්න ප්‍රසන්ත සිල්වා වැනි බඩු කාර ජරා පප්පන්ට මෙය අදාල නොවේ) නමුත් නීතිපති එකේ සේවය කරණ එවුන් සැමදාම පෙනී සිටින්නේ පවතින ආණ්ඩුවත් එහි නිලදාරීන්වත් ආරක්ශා කිරීමට වේ. ඒක නිසා උන්ට සම්බන්දතා වැඩි අතර විනිසුරු පදවිය පිනට ලැබුනද එකී සම්බන්ද තා එසේ පවතී. එම නිසා මෙසේ සත පහක වැඩක් නැති දමිත්, මේනකා වැනි උන් පත් කිරීම වහාම නැවැත්විය යුතුය
-- by C R de Silva on 2016-09-11

නීතිපති දෙපාර්තනමේන්තුවේ යම් කලක් සිටි විට කෙලින්ම මහාදිකරණයට. අභියාචනාදිකරණයට හෝ ශ්‍රේශ්ඨාදිකරණයට කෙලින්ම යා හැකි ක්‍රම වේදයක් එකල පැවතින. ඒ යටතේ එම ආයතන වලට එකල පත්වූයේ සියළුම දෙනාගේ සම්භාවනාවට පාත්‍ර වූ නෛතික විද්වතුන්ය. උදාහරණයක් ලෙස නිමල් ගාමිනී අමරතුන්ග විනිසුරු තුමා දැක්විය හැක. එතුමා නීතිපති එකේ සිට කෙලින්ම මහාදිකරණයට ආ අයකු වුවත් එතුමාගේ ක්‍රියා කලාපය තුල එසේ පැරශුට් එකින් හයි කෝර්ට් පැනීම ගැන කාටවත් ගැටලුවක් තිව්නේ නැත. මෙකී තත්වය උඩු යටිකුරු වූයේ කිසිදු සුදුසු කමක් නැති කුමුදිනී(පුකදුනී) වික්‍රමරත්න ප්‍රීති පද්මන් සූරසේන වැනි එවුන් මෙම ක්‍රමය තුල කෙලින්ම මෙලෝ මල දානයක දැනුමක් නොමැතිව සී ආර් ද සිල්වාගේ උසි ගැන්විම මත සහ සරත් සිල්වාගේ මග පෙන්වීම මත මහාදිකරණයට පැමිණීමෙනි. ඉන් පසු වක්කඩ කැඩුවා මෙන් සී ආර් ද සිල්වාට වාතයක් වූ සහ නීතිපති එකේ මෙලෝ වැඩක් බැරි කාලකන්නි සමූහයක් මහාදිකරණයට පැරෂුට් කරණ ලදි. මෙම නිව්ස් එකේ කතා නායකයින්ද මොවූහුය. මින් එක් වැදගත් මහත්මයකු වූයේ අකාලයේ මිය ගිය අමේන්ද්‍ර සෙනෙවිරත්න මැතිදු පමණය. ගිහාන් කුලතුන්ගත් මහත්මයකි. අනිත් උන් ඔරජිනල් කාලකන්නි පුක දෙන්නෝ වෙත්. මහේස්ත්‍රාත් වරයෙකු ලෙස රාජකාරිය ඇරබූ විනිසුරෙක්ට සමාජ සහ ආයතනමය ආශ්‍රය ඉතා මද වේ (බන්දුල කරුනාරත්න ප්‍රසන්ත සිල්වා වැනි බඩු කාර ජරා පප්පන්ට මෙය අදාල නොවේ) නමුත් නීතිපති එකේ සේවය කරණ එවුන් සැමදාම පෙනී සිටින්නේ පවතින ආණ්ඩුවත් එහි නිලදාරීන්වත් ආරක්ශා කිරීමට වේ. ඒක නිසා උන්ට සම්බන්දතා වැඩි අතර විනිසුරු පදවිය පිනට ලැබුනද එකී සම්බන්ද තා එසේ පවතී. එම නිසා මෙසේ සත පහක වැඩක් නැති දමිත්, මේනකා වැනි උන් පත් කිරීම වහාම නැවැත්විය යුතුය -- by C R de Silva on 2016-09-11 C R de Silva, Obage satahana ithaama wedagath haa kaalochitha we. eyata me,tikada ekathu kalayuthumaya. neethipathi ekata state counsel kenek lesa badawageneematada kisidu sudusukamak netha. Lawyer keneku lesa ada divurum dee heta state counsel viyaheka. eheth eka sudusukamak tibe. a AG ho, wena lokkeku hadinaaganeemai, ekko bedeemata yana ekaage amma appage loku pelenthiya pamani. a akarayata state counsel veemen pasuwa 10 years AGs dept eke weli weli ibagaathe awida awida rata wate files ussan duwa duwasita ekapaaratama High Court judge kenek wanneya. eheth Magistrate keneku lesa pathveemata aduma tharamin 5 years lawyer keneku lesa katayuthu kalayuthuya. ese 5 years walin pasuwa adhikarana sewayata bandeemen pasuwa[ there are District judges who joined the Judiciary after having practiced for 6/7 years. ] wasara 15 k giyada High Court judge keneku lesa pathveemata nohakiya. mewanavita wasara 16 ka sewawak thibena senior District Judges la sitithi. owunge lawyer experience eka wasara 7/7 da gathvita owun neethi vurthiye wasara 22/23 ka kaalayak gathakara atha. eheth owun thaamath District judgeslaa wethi. eheth eeta wadaa kanishta 10years experience tiyana state counsel high court judgeslaa wethi. mema kramaya wahaama newethviya yuthuya. ese high court judgeslaa welaa udin pathwenneda ara kiyanalada pandam allalaa state counsel wunu pirisamaya. pandam kaarain kisidaaka swaadheena netha. Magidtrate keneku lesa bandawaganne exam ekakakata mihina deemen pasuwaya. eheth AGs dpt ekata bandawaganne moona , nama gama, paasala, amma , appaa, weni sammbandathaa matha pamani, exam ekak netha. ithin mese ena gobbain serama anthime ihala usaviwala vinisurun bawata pathwethi. adhikaranayata Shiran Gunarathnala, Thotawaththala, Menakaa Wijesundara la, Deepika laa, Soorasenala, Mohan Seneviratnalaa, Ponna Wengappulilaa, Kumuduneelaa, hora Nihal Jayawardanalaa, Hora Nawaz laa, Buwaneka aluviharela [ meyaa supreme Court judge keneku kale MaRa visini- a Sarath Fonseka athulata yaveeme kruthaguna selakimataya], meki noki atakichchchan thawa nanvida high court judgesla [AGs dept eken udin path vunu], adhikarana sewayata hondatama athiya. JANADHIPATHI MAITHREEPALA SIRISENA METHIDUNGE AWADHANAYATAI...!!!!
-- by Kamal on 2016-09-12

මෙම නිව්ස් වලට දාන එකම එක කොමෙන්ට් එකකවත් වර්තමාන අදිකරණ කොමිසමේ ලේකම් හෝ උප ලේකම් පිලිවෙලින් ප්‍රදීප් ජයතිලක හෝ පමිල රත්නායක යන මහත්වරු විශයෙහි දෝෂාරෝපණය කර නොමැත. මන්ද තවමත් ඔවුන් ගැන යම් විශ්වාසයක් ප්‍රජාව තුල තිබෙන බැවිනි. ඔවුන් ඉතින් ඇත්තටම කල යුත්තේ ඔවුන්ගේ ඇස් පනා පිට මේ සිදුවන අවිචාර ක්‍රියා සම්බන්දව අගවිනිසුරු ප්‍රමුඛ අදිකරණ සේවා කොමිසම දැනුවත් කර මෙම අවාසනාවන්ත තත්වය වලක්වාලීමට කටයුතු කිරීමය. 1) විනිශ්චයකාර ආයතනය ගණිකා වුර්තියේ යොදවන ජරා සතෙක් සහ නොහැකියවෙන් සහ කිසිදු භාෂා දැනුමක් නැති වසන්ත කුමාර හෙවත් ගඩොලා එම තනතුරෙන් ඉවත් කර එකී විෂයය ගැන දැනුමක් තිබෙන භාෂා දැනුම සහ දක්ෂ තාවය ඇත්තකු පත් කිරීම 2) ඉදිරියේදි පැමිනෙණ එෆ් සී අය් ඩී නඩු සහ අල්ලස් නඩු සහ බරපතල මූල්‍ය වන්චා නඩු දැන් තියෙන තත්වය අනුව අසන්නට වෙන්නේ ජරාව කෑම පගාව සහ කාන්තා පහස සම්බන්දව කප් ගසා ඇති බන්දුල කරුනාරත්න මනිනිලාල් වයිද්‍යතිලක වැනි අන්ත දූෂිත ලෝක හොරු ඉදිරියේය. එමෙන්ම කොලඹට පැන ගන්න මාන බලන බස් එකේ ටිකට් නැතිව යන රෙනෝර් සිල්වාගෙන් තම දුවට ශිශ්‍යත්ව ගන්න මහනිල් ප්‍රසන්ත සිල්වා වැනි අන්ත දූෂිත කාලකන්නි ඉදිරියේය. එබැවින් කල යුත්තේ මෙවැනි කාලකන්නි අදිකරණ සේවය ගනිකා වුර්තියේ යොදමින් ඉන්න එවුන් නිසා මුන්ව. එලවා දමා රෙකෝර්ඩ් එක ක්ලියර් එවුන් පත් කරගෙන මහජන විශ්වාසය තහවුරු කිරීමය. මෙය කිරීම ඉතා සරළ දෙයකි. එමෙන්ම බන්දුල කරුණාරත්න සම්බන්දව විමර්ශනයක් ආරම්භ කලහොත් ශාක්ෂි ලබා දීමට මනාප අය අදිකරණ සේවයේ පවා සිටී.
-- by sampath hewa on 2016-09-12

Gihan Kulatunga Hon. High Court Judge is an exception. He, though came from AGs Dept, he is a very good judge.
-- by Kamal on 2016-09-12

Justice should and will prevail now, unlike before.
-- by Eddie Wijesuriya on 2016-09-13

Adhikarana sewaye siddawena bali, thowil, yaaga, pissu kelili, hikili, jikili, bikili, pagaa, dooshana okkoma siddaweddi, welleawe negga balla wage lokuma nadda yasa ageta budi... dan kawda me kiyala balanawa athi. wena kawruth newe, SIRI-HULANG. ane mehew pamba gaalak. kawadda adhikarane hadanne, hedenne..? kawadda hondak ahanne..? Pooja kalliyak hitiya Sarath Siva kaale. 50 NLR ekata pinsiddawenda poojaa kalliya sunu visunu wela giyaa. a th aayeth SIRI-HULANG lokka unahama adhikarane kana kokaa path unaa. aayeth pooja patangaththaa.. pooja aayeth patangaththe SUMUDU PREMACHANDRA, BANDULA KARUNARATNE, GADIL WASANTHA alias WASANTHA KUMARA (moo thanai dan judges' training institute eke coordinator) , LAKMALI HEWAWASAM, SAMPATH HEWAWASAM, RUCHIRA WELIWATHTHA, NAMAL BALALLE, pramuka nadu nadeya visini. vili lejja natuwa poojawata Maligawata aapu SIRI-HULANG dawalta kanda ringuwe LAKMALI HEWAWASAM (Adj Kandy ) ge Aniwatte kuliyata hitiya gedarata. kasada bendalath nathi a nadukaarige gedarata kanda ringanawada Chief Justice...? hayyo mehemath sakkiliyek.. ....................ane amme garu Janadhipathi thumani...!!!! athi gavurawayen illasitinne, SIRI-HULANG gihaama E gaawata pathkarana CJ wa nam bohoma kalpanaawen pathkoranda. thawath Pambayek nam ratata cj wenda o ne naa. Seniority eke hatiyata enda inne thawath a wagema BADAWELAK wana Priyasad Dep lu. Ane budu Janadhipathi thumani, menna wendaaa... a gedavilaa nam pathkoranda epaa cj korala. vinaasai thiyana tikath. Kondak thiyana, kara handa thiyana, kata sera thiyana, baya nathi, kelin wedakarana, pagaa nogahana adhikarana sewaya niyama sewayak koranda puluwan kenekwa thorala, jeshtathwaya ballata danda. ane pathkoranda budu janadhipathi thumani....!!!!!! Tharuna nadukaara mahaththayek hari kamaknaaa obathumaata puluwanne cj karala yawanda. wayasa giya SIRI-HULANG la wage ayata alakoleyak hilwenda hujja tikak gahagandawath baa.. ithin koheda ape Janadhipathi thumani adhikarana paddathiya kelin koraganne .... ane kaarunika illeemak... -- by DepaaEpaa on 2016-09-26
-- by Deepani on 2016-09-27

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links