~

‘සොරි සිරිසේන..!‘ කැපිටල් මහාරාජා සමාගමේ අනුබද්ධ සමාගමක් වූ ජනාධිපති මාධ්‍ය අංශය සමග ඩීල් කිලී, ශිරාල් සහ ධර්ම ශ්‍රී විසින් එජාප නායකයන් රැසක් ඉලක්ක කළ මඩ මෙහෙයුමක සැලසුම් හෙළිවේ

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.17, ප.ව.1.10) එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එ.ජා.ප ප්‍රබල සහ ජනප්‍රිය නායකයින් රැසක් ඉල්ලක්ක කරගෙන ඔවුන්ගේ චරිත ඝාතනය සඳහා මඩ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සම්බන්ධ ඔහුගේ තනතුරු ලත් ශිරාල් ලක්තිලක සහ ධර්ම ශ්‍රී ඒකනායක ප්‍රධාන කණ්ඩායමක් නායකත්වය ගෙන කටයුතු කරමින් සිටින බවට තොරතුරු අප වෙත වාර්තා වී ඇත. සත්‍ය වශයෙන්ම මෙම මඩ මෙහෙයුමේ මෙහෙයුම් ඒකකය වී ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකයයි. 

රජය තුල සිටින ජනප්‍රිය මෙන්ම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවන් වලදී විශාල කැපකිරීම් කළ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ ඉලක්ක බවට පත්ව තිබේ. එම දේශපාලනඥයින් අතර ලක්ෂ්මන් කිරිඇල්ල, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුලත් වන බවටද පැහැදිලි සාක්ෂි අප වෙත ලැබී තිබේ.

මෙම මඩ ව්‍යාපාරය හරහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසක් ජනතා අප්‍රසාදයට ලක්කිරීම අරමුණ වී ඇති අතර ඒ සඳහා විද්‍යුත් මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි, පුවත්පත්, සමාජ ජාලා ආදිය ප්‍රමුඛව යොදා ගැනීමට මෙම පිරිස කටයුතු කරමින් සිටී. නිරවද්‍ය නොවන පුවත් පළකිරීම මගින් අදාල දේශපාලනඥයින්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමත් එතුලින් ඔවුන් සමාජය තුල විශ්වාස කළ නොහැකි පුද්ගලයන් ලෙස අප්‍රසාදයට පත්කිරීමත් මොවුන්ගේ මුලික අරමුණ වී ඇති අතර ඒ කාර්යයේදී ඉහත කී මාධ්‍ය ඉතාම සූක්ෂම අයුරින් භාවිතා කරමින් පවතී. 

ජනවාරි 10 දා පාන්දරම හමුවූ ‘මෛත්‍රීගේ ඩීල් කිලී..‘

මෙම මඩ මෙහෙයුමේ නිල රූපවාහිනිය ලෙස වැඩේ කරට ගෙන ක්‍රියා කරනුයේ කිලි මහරාජාගේ නාලිකාවන්ය. තමන්ගේ ප්‍රවෘත්ති විකාශය තුල තම හම්පඩ දේශපාලන න්‍යාය පත්‍රය ප්‍රචලිත කරගැනීමට ගොස් කෙතරම් කුජීත  වුවද රාජා මහේන්ද්‍රන්ට ඒ පිලිබඳ ලජ්ජාවක්ද නැත. 

මහාරාජාගේ නාලිකාවට අනුව මේ රටේ ජනතාව කටයුතු කර නැත. මහාරාජාට සහ ඔහුගේ සිරසට අවශ්‍ය අයුරින් වැඩ වූවා නම් අද රටේ ජනාධිපති වී සිටිය යුත්තේ මිලින්ද මොරගොඩ හෝ සජිත් ප්‍රේමදාසය. අගමැතිව සිටිය යුත්තේ බුද්ධික පතිරණ ය. රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර ආදී දේශපාලනඥයන් සිටිය යුත්තේ ඇමර්සන් වනාන්තරයේ ගල් ගුහාවක ය. 

නමුත් ඒ කිසිදු යථාර්තයකින් ඉගෙන නොගන්නා විකෘති මානසිකත්වයකින් පෙළෙන කිලී මහාරාජා සහ ඔහුගේ සට්ටැඹියන් මිනිසුන්ගේ පුද්ගලික ජීවිතයේ මිතුරු හමු පවා දේශපාලන ජඩකමට යොදා මඩ ගසන පහත් තත්වයට පත්ව සිටිති.

යුක්තිය පසිඳලීම අධිකරණයට පැවරෙන්නක් වන නමුත් කිලී මහාරාජා දැන් සිය නාලිකා මගින් නඩු විසඳීම මෙන්ම නිවැරදිකරුවන් වැරදිකරුවන් කිරීමේ කාරියේද නිරතව සිටී. තමාට අවශ්‍ය දේශපාලන කුක්කන් පාර්ලිමේන්තුවට දක්කමින් පාර්ලිමේන්තුව තම සමුහ ව්‍යාපාරයේ සබ්සිඩරි කොම්පැනියක් බවට පත්කර ගැනීමට කැසකවන කිලී මහාරාජා වැනි මානසික රෝගියෙකුගේ ඔඩොක්කුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද වැටී ඇති ආකාරය ලජ්ජා සහගත ය.  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේ 9 වෙනිදා සවසය. ඊට පසුදාම එනම් ජනවාරි 10 දා පාන්දරම හමු වූ ප්‍රධාන පුද්ගලයෙකු වූයේ කිලී මහාරාජාය. ධර්ම ශ්‍රී මාධ්‍ය අධ්‍යක්ෂ කෙරුණේ එවෙලේ ය. ඒ සියල්ල අපි වෙනත් අවස්ථාවක හෙළි කරමු. කෙසේ වෙතත්  මහාරාජාගේ ඕනෑ එපාකම් සැපිරීම අද ජනාධිපති මෛත්‍රීගේ ප්‍රමුඛතම කාර්යය බවට පත්ව ඇත. ලංකා ඊ නිව්ස් වෙතින් හෙළි කළ ඩොලර් මිලියන 300 ක යුද නැවේ කතාවද එවැන්නකි. ටෙන්ඩර් කැඳවන්නේ නැතිව ජනාධිපති මෙම ඩීල් එක මහාරාජාට ලබා දීමට සූදානම්ව සිටී. ජනාධිපති රුසියාවේ යන්නේද මෙම ඩීල් එකට බව දැනගන්නට තිබේ. අද මහාරාජා මෛත්‍රීගේ ‘ඩීල් කිලී‘ බවට පත්ව ඇත.  

කැපිටල් මහාරාජා හි අනුබද්ධ ආයතනයක් වූ ජනාධිපති මාධ්‍ය අංශය 

කිලී ගේ සට්ටැඹියන් විසින් ගිලගෙන ඇති ජනාධිපති මාධ්‍ය අංශය දෙස බලන විට අද මෛත්‍රීපාල සිරිසේන පත්ව ඇති ශෝචනීය තත්වය හොඳින් පෙනේ. ලංකාවේ එතෙක් මෙතෙක් කළ මහවැලියට පමණක් දෙවෙනි වන මොරගහකන්ද ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවය සඳහා ලබාදුන් මාධ්‍ය ආවරණය රජයේ වෙනත් ආයතනයක සාමාන්‍ය උත්සවයකටත් වඩා අවම වීමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාවය හෙළිවනු ඇත. 

කැපිටල් මහාරාජා හි අනුබද්ධ ආයතනයක් ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ක්‍රියා කරන බවට හොඳම සාක්කිය ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක නමැත්තා මේ ලියන මොහොතේදීත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් මෙන්ම කැපිටල් මහරාජා සමුහ ව්‍යපාරයෙන්ද වැටුප් සහ වෙනත් වරප්‍රසාද ලබා ගැනීමයි. ආයතන දෙකක අධ්‍යක්ෂ තනතුරු දෙකක් එකම පුද්ගලයා දරන්නේ නම් එම ආයතන දෙක අනුබද්ධ ආයතනයන් වෙති. ඒ අනුව කැපිටල් මහාරාජා ආයතනය සහ ජනාධිපති මාධ්‍ය අංශය යනු අනුබද්ධ ආයතනයන් ය. අප මේ කියන කතාව අසත්‍යයක් නම් ඕනෑම අධිකරණයක නඩු පවරන ලෙසත් අප එහිදී ධර්ම ශ්‍රී ඒකනායක මහාරාජාගෙන් වැටුප් ලබනා අයෙක් බව ඔප්පු කිරීමට සූදානම්  බවත් අවධාරණය කරමු. 

ඒ අනුව කිලී මහරාජාගේ මඩ මෙහෙයුම සිදුකරන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධර්ම ශ්‍රී ගේ පූර්ණ සහාය මතය. ධර්ම ශ්‍රී ගේ චින්තන පරාසයද තමුන්ගේ උසට නොදෙවෙනි බව ඔහු  මේ වනවිට එමගින් ඔප්පු කර හමාරය. සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් අපහාස වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි එන්තරවාසි යවන විට එය නොදන්නා සේ සිටි ජනාධිපතිවරයා තම මාධ්‍ය අංශයේ අමන දේශපාලනින මඩ ගැසීම් හමුවේත් එලෙසම සිටින බව පෙනී යයි. මෙය ජනාධිපතිවරයාටම පාරාවළල්ලක් වන දිනය වැඩි ඈතක නොවනු ඇත. සරල සිංහලෙන් කීවොත් මහරාජාගේ ගෝලබාලයින් වන ශිරාල්, ධර්ම ශ්‍රී ලාගේ අතට ජනාධිපතිවරයා ස්වකැමැත්තෙන්ම දී ඇති ජනාධිපති මාධ්‍ය අංශය යන අසිපතින් ඔහුගේම බෙල්ල කැපෙන දිනය වැඩි ඈතක නොවනු ඇත. මේ යථාර්තය ජනාධිපතිවරයාට නොතේරෙන්නේ නම් වැඩිදුර පැහැදිලි කිරීම සඳහා එකම එක කරුණක් මතක් කරදීමට කැමැත්තෙමු. එනම් ජනාධිපතිවරයාට ඕස්ට්‍රේලියාවෙන් දුෂණ චෝදනාවක් එල්ල වූ මොහොතේ තමා වෙනුවෙන් තමාගේ මාධ්‍ය අංශය කෙළේ කුමක්දැයි  හොඳින් විමසා බලන්න. අවශ්‍යනම් ඒ කරුණුද අපට මතු දවසකදී හෙලිකළ හැකිය.

ශිරාල් ලක්තිලක: මෛත්‍රී අත්තේ තබා අත්ත කැපීම 

ශිරාල් ලක්තිලකද කලකින් සොයා ගැනීමට නොහැකි තරමේ මානසික රෝගියෙකි. ශිරාල් ළගින් ඇසුරු කල ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක මාධ්‍ය වේදිනියක් වරක් පැවසුවේ, ‘කෙනෙක් ශිරාල් සමග  පළමු වරට කතා කළොත් හැඟීයන්නේ ඔහු දේශපාලනය හා සමාජ විද්‍යාව පිළිබඳව මහා දැනුමක් තියන ප්‍රාඥයෙකු හැටියටයි. නමුත් ඔහු සමග කතා කරන දෙවන තෙවන වාරය වෙනකොට තේරෙනවා මිනිහ එකම මහප්‍රාණ වාක්‍ය කිහිපයක් හම්බවෙන හැමෝටම කියා කියා මං පොර වීමට දත කන නිකම්ම නිකන් හිස් මිනිහෙක් කියල. මට මිනිහගෙයි කොටුව බෝ ගහ ලඟ තෙල් බෙහෙත් විකුණන වෙළෙන්දගෙයි දකින එකම වෙනස රැවුලයි ටයි එකයි විතරයි’. ශිරාල් ගැන හරියටම දන්නා අය මේ කතාව අත් දෙක පමණක් නොව කකුල් දෙකත් ඔසවා පිලිගන්නවා නොඅනුමාන ය. 

ශිරාල් ගේ නියම තත්ත්වය කුමක්දැයි දැන ගැනීමට නම් රටම දන්නා ප්‍රකට වෙබ් අඩවි කර්තෘ වරයෙකුගෙන් විමසිය යුතුය. එකී වෙබ් අඩවි කතු වරයා විසින් ශිරාල් ලක්තිලකව අපූරුවට ගොනාට අන්දා දෙනෝ දහක් ඉදිරිපිටදී නුගේගොඩ හන්දියේ මහ පාරේ ඔහු ලවා ඩිප්ස් ගැස්සවූ ආකාරය කෙසේදැයි රස කර කියනු ඇත.    

තිඹිරිගස්යායේ කියුබානු තානාපති කාර්යාලය අසල පසුගිය ජනාධිපතිවරණය සමයේ පවත්වාගෙන ගිය මෛත්‍රීගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට හේලිගේ වල්ගතරුව මෙන් පායා ලකුණු දා ගත් ශිරාල්ට මෙවැනි තනතුරක් ලැබුනේ කෙසේදැයි වෙනම සොයාබැලිය යුතු කරුණකි. තමන්ව බලයට ගෙන ආ පක්ෂයේ නායකයාට එරෙහිව ක්‍රියා කළ ශිරාල් සිරිකොතට ගල් ගැසීමේ නායකයෙකි. එජාප නායකයාට එරෙහිව මාතර මහ පාරේ වෙඩි තබා ගත් නායකයෙකි. එහෙව් අයෙකුට එජාප නායකයාගේ උදව්වෙන් ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන පුදපි ගමන් කාපි යකා සේ සම්බන්ධීකරණ ලේකම් කමක් දුන්නේ එජාප නායකයාගේ කණට ගැසුවා සේය. මෙවැනි දෙයක් රනිල් වික්‍රමසිංහ එදා කළා නම් මෛත්‍රීට කෙසේ දැනෙනු ඇතිද? 

ශිරාල්ට කිවයුතු එක දෙයක් ඇත.  එදා ජනාධිපති තරඟය තිබුනේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන අතර නොව, මෛත්‍රී සහ මහින්ද අතර බව මතක තබා ගත යුතුය. එදා ශ්‍රී.ල.නි.ප. ඡන්ද එදා වැටුනේ මහින්ද රාජපක්ෂට මිස මෛත්‍රිපාල සිරිසේනට නොවේ. එ.ජා.ප. ඡන්ද මතින් බිහිකළ ජනාධිපතිවරයෙකුගෙන් ලබාගත් තනතුරක් උපයෝගී කරගෙන එ.ජා.පයටම නිර්දය ලෙස පහර ගසන ඔබ ගැන එජාප පාක්ෂිකයා කිසි දිනෙක අමතක නොකරන බව සිහි තබා ගන්නැයි ඔහුට අවවාදයක් ලෙස කිව යුතුය. 

ශිරාල් වැනි ගිය ගිය තැන තම නායකයා විනාශ කරනා ගොබ්බගෙයකුගෙන් උපදෙස් ලබා ගන්නා ජනාධිපති මෛත්‍රීටත් අබ සරණ බව නම් සටහන් කර තැබිය යුතුම ය. ශිරාල් වැනි ගොබ්බයෙකු රෙද්ද අස්සේ දමාගෙන තමන් බලයට ගෙන ආ එක්සත් ජාතික පක්ෂයට පහර ගසා ශ්‍රිලනිපය ඉදිරියට ගෙන ඒමට කටයුතු ජනාධිපති මෛත්‍රීට කිව යුත්තේ එක උපැහැරණයක් පමණි. එනම් “මෛත්‍රී ඔබ අත්ත කපන්නේ අත්තේ වාඩි වී ගෙනය“

මඩ සක්කය

මෙතෙක් කී කිලී, ශිරාල්, ධර්ම ශ්‍රී  කල්ලියේ මඩ මෙහෙයුමට සක්ක ගසා සිටින අනෙකා ගැනද හෙළි කළ යුතුය. ඒ වෙන කව්රුත් නොව රුවන් ෆර්ඩිනැන්ඩස් ය. කලක් මංගල සමරවීර අමාත්‍යවරයාගේ තුරුල්ලේ හිඳ ඔහු රාජපක්ෂලාට ගෙනැවිත් දෙන්නම් කියා රාජපක්ෂලාගෙන් රුපියල් කෝටි ගානක් ලබා ගැනීම හෙළිවීම නිදා මංගල සමරවීර විසින් එළවා දැමීමෙන් පසු දැන් ශ්‍රී.ල.නි.ප ප්‍රබලයෙකු සමග දීග කන රුවන් ගානක් ලැබෙන කොන්ත්‍රාත් එකක් කර ජීවිකාව සරිකර ගන්නෙකි. ලැබෙන ගතමනාව ගැන පමණක් අවධානය යොමු කරන රුවන්  ගතමනාව අනුව කටයුතු කරනවා විනා දන්නා දේශපාලනයක් හෝ මාධ්‍ය කෙරුවාවක් නැත. රුවන් , ශිරාල් මෙන් දේශපාලන උමතුවකින් පෙළෙන්නෙකු නොවන නමුත් ගාන කැපේ නම් ඕනෑම පාහර වැඩක් කරනා රුවන් වැනි මාධ්‍ය ගණිකාවක් ගැන කතා කිරීම නිකරුනේ වටිනා කාලය නාස්ති කරගැනීමකි. 

ඉහත කී මඩ මෙහෙයුමට රුවන්ගේ පිටපත් හාර පන්දහසක් පමණ විකිණෙන ඉරිදා පත්තරද සක්‍රිය දායකත්වයක් ලබාදේ. ඉරිදාට බොරු කියා සඳුදාට එය වැරදි යයි තම වෙබ් අඩවි වලින් කියනා ඔහුගේ පත්තර, ලෑල්ලේම ඉරිදා දහවල් වනවිටත් නොවිකිණී කුණුවන අතර නුදුරේදීම රටට විහිළු සැපයීම අවසන් කර සියල්ල කුනු කූඩයටම වැටෙනු ඇත. 

සොරි සිරිසේන..!

මඩ කප්පරක් හසුරුවමින් සමස්ත යහපාලන ආණ්ඩුවම මඩේ ගිල්වන මේ මඩකරියන් දිනෙක මෛත්‍රී ජනාධිපතිවරයාටද කෙළවනවා ඔහුවත් දන්නේ නැත. කිලී මහාරාජාගේ අනුබද්ධ කොම්පැනියක් බවට පත්ව ඇති ජනාධිපති මාධ්‍ය අංශය සමග මේ පිස්සු කෙළින දඩ බල්ලන් බැඳ තබා ගැනීමට ජනාධිපති අසමත් වන්නේ නම් අපට ඔහු අතහැර ඉදිරියට යාමට සිදුවනු ඇත. මන්ද අප බෘෘටස්ගේ ලේ නෑයන් නොවන බැවින් සහ අපට රැක ගැනීමට පක්ෂයක් නොව රටක් තිබෙන බැවිනි. අප ජනවාරි 8 ජනතාවට වගකිව යුතු බැවිනි. එහිදී අප ඉදිරියට යන්නේ  ‘සොරි සිරිසේන‘ කියාගෙන ය. 

-භගවන් දාස්-

---------------------------
by     (2017-03-17 08:12:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

100 % correct machan, This Grama- Sevaka mati- molata kochchara kiwwath threnne na. Apith Karanta Deyak Nathuwata [ Due to No Alternative ] Akamaththen Vote kara. Now its time to form , a political party with the intelligent strata of the Civil Society under the leadership as a person like Prof. Sarath Wijesooriya.
-- by Bandula on 2017-03-19

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links