~

කුණු ගොඩකට යට වී මිනිසුන් මැරෙන රටක්..! මීතොටමුල්ලේ කුණු ඛේදවාචකය: 26 ක් මරුට: 625 ක් අවතැන්: මහාරාජාගේ මරික්කාර්ට, සාගලට ජනතාව හූ කියා එළවා ගනී: ගෝඨා අනුර චම්පික සේම වත්මන් පරිසර ඇමැති මෛත්‍රීත් වගකිව යුතුයි

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.15, ප.ව‍‍‍.2.00) ආසියාවේ කේන්ද්‍රස්ථානයක් වන්නට හදන ශ්‍රී ලංකාවේ, කුණු ගොඩකට යට වී 26 දෙනෙකු මිය ගොස් නිශ්චිතව ගණනය නොකළ නිවාස 140 ක් පමණ සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි, රටක් ලෙස ලැජ්ජාවට පත් විය යුතු පුවතක් වාර්තා වේ.

මේ කුණු ගොඩ, ‘ගොඩක්‘ නොව දශක ගණනක පාලකයන් විසින්ම මීතොටමුල්ලේ හදා ගත් කුණු කන්දකි.

මිය ගිය 26 දෙනා අතර අවුරුදු 13 ක පාසල් සිසුවකු සහ අවුරුදු 14 හා 15 වයස්වල සිසුවියන් දෙදෙනකු ඇතුළු සිසුන් 3 ක් සහ කාන්තාවන් 6 දෙනෙකු සිටීම ඛේදවාචකයකි. පවුල් 180 ක 625 ක පමණ ජනතාවක් අවතැන් වී සිටිති. 11 දෙනෙකු රොහලේ ප්‍රතිකාර ලබති

තත්ත්වය ගැන පශ්චාත් පරීක්ෂන සිදුකිරීමට පැමිණි මීතොටමුල්ලේ නව අයිතිකරුවා සේ රඟන මහාරාජාගේ මන්ත්‍රී මරික්කාර්ට සහ සාගල රත්නායක ඇමැතිට ජනතාව හූ කියා එළවා ගෙන තිබේ. සිද්ධිය වූ අවස්ථාවේ සිට මේ දක්වා හමුදාව පොලිසිය එක්ව මිය ගිය වුන් සොයමින් අඛන්ඩ මෙහෙයුමක් දියත් කර ඇත. 

ඊයේ (14) දා සවස 3 ට පමණ මෙම කුණු කන්ද නාය යෑමකට ලක් විය. කුණු කන්දක් හැදූ භූමිය වගුරු බිමකි. කලක් තිස්සේ ගොඩ ගැසුණු මෙම කුණු කන්දේ විශාල ප්‍රමාණයක් හදිසියේම පොළව යටට ගිලා බැස ගිය අතර ගිලා බැස යෑමෙන් ඇති වූ පීඩනය වෙනත් ස්ථාන වලින් පිටතට ඒමෙන් නිවාස පිහිටි අවට පොළොව නිවාස ගස් වැල් බිමට දමමින් පොළොව යට පස් මතු පිටට පැමිණීමෙන් මෙම විනාශය සිදු විය. මෙවැනි වගුරු ප්‍රදේශ මිනිස් වාසයට සුදුසු නොවන නමුත් මිනිසුන් විශාල වශයෙන් එම ප්‍රදේශයේ නිවාස හදා ගෙන සිටියහ.

ප්‍රශ්නයකදී ඊට මූලිකත්වය දී වහා විසඳීම සිදුනොකරන ශ්‍රී ලංකාවේ නිදහසින් පසු බලය ලබාගත් ස්වදේශීය පාලකයෝ මීතොටමුල්ල කුණු කන්දේ ප්‍රශ්නය විසඳීමද කලක් තිස්සේ  කල් මරමින් සිටියහ.

මෛත්‍රීද ඇතුළු මෙතෙක් සිටි පරිසර ඇමැතිවරු වගකිව යුතුයි

මෙම ඛේදවාචකයට මූලිකව වග කිව යුත්තේ මෙතෙක් සිටි පරිසර ඇමැතිවරුන්ය. වත්මන් පරිසර ඇමැතිවන්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ඔහු පරිසර අමාත්‍යාංශය බාර ගැනීමත් සමග කියා සිටියේ තමා විධායක බලතල භාවිතා කරන්නේ පරිසර ප්‍රශ්න විසඳීමට පමණක් බවයි. එසේ වී නමුත් දිනපතා හෙළිකොප්ටර් 5 ක් පමණ පිරිවරා ගෙන රට පුරා ඇති නොවැදගත් රැස්වීම් වල ‘තෙල බෙදීම‘ සඳහා කරණම් ගැහීමට මුල් තැන දී ඇති සිරිසේන ජනාධිපතිවරයා බලයට පැමිණ ගත වූ වසර 2 ක තුල විසඳූ එකදු පාරිසරික ප්‍රශ්නයක් හෝ නැත. 

උදාහරණ කිහිපයකි. කුරුණෑගල දූෂිත පරිසර නිලධාරියා විසින් සිදුකරමින් සිටින කැල්සියම් නයිට්‍රේට් මිශ්‍ර ජලය දැදුරු ඔයට මුදා හැරීම එලෙසමය. එකී නිලධාරියා දූෂිතයෙක් බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කළ නමුත් ඔහු තවම නිරුපද්‍රිත ය. 

මා ඔයේ වැලි ගොඩ දැමීමේ සිද්ධිය තවත් උදාහරණයකි. එහි වැලි ගොඩ දැමීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දුමින්ද දිසානායක ඇතුළු තමන්ට හිතවත් දේශපාලනඥයන්ට බලපත්‍ර නිකුත් කෙළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම විසිනි. දේශපාලකයන්ද එම බලපත්‍ර 7-8 ලෙස ලබා ගනිමින් තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට බෙදා දුන්හ. ව්‍යාපාරිකයන් කෝටි ගණන් මුදල් යට කරමින් වැලි ගොඩ දැමීම ආරම්භ කරනවාත් සමග පරිසර සංවිධාන වලින් නැගී ආ විරෝධය හමුවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින්ම වැලි ගොඩ දැමීම තහනම් කෙරිණ. මුදල් යට කළ ව්‍යාපාරිකයන් විනාශය. පරිසර ප්‍රශ්නය කලින් සොයා නොබැලූ බව මෙයින් පෙනී යයි. මෙවැනි සිදුවීම් වලින් පැහැදිලි වන්නේ පාරිසරික ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට පරිසරය පිලිබඳ සුන්දර කතා මිස ඒ පිළිබඳ කිසිදු දැනුමක්, දැක්මක්, ප්‍රතිපත්තියක් නැති බවයි.  

මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ ප්‍රශ්නයද එවැන්නකි. මෛත්‍රීපාල සිරිසේනද සම්බන්ධ වූ එජනිස ආණ්ඩු පසුගිය වසර 23 ක කාලයක් පුරා මේ මීතොටමුල්ල කුණු ගොඩ කුණු කන්දක් බවට වැඩි දියුණු කිරීමට ප්‍රධාන වශයෙන්ම වගකිව යුතුය. 

එකළ පරිසර ඇමැතිවරයා ලෙසද වත්මනේ ආපදා කළමනාකරණ ඇමැති වන අනුර ප්‍රියදර්ශන ඊයේ ඛේදවාචකය පිළිබඳ කර ඇති ප්‍රකාශ වලින් පෙනී යන්නේ මේ තක්කඩියා කිසිදු වගකීමක් දැරීමට නුසුදුසු නිකමෙකු බවයි. ‘කසළ රඳවන 5ක් රට පුරා හදන්න ඒ කාලයේ යෝජනා වුණත් එය ක්‍රියාත්මක නොවුණු බවත්, එසේ වූයේ මන්දැයි තමන් නොදන්නා බවත්‘ අනුර ප්‍රියදර්ශන පවසා තිබිණ. එකල පරිසර ඇමැතිවරයා වූයේ ඔහු මිස අන් කිසිවෙකු නොවේ.

පසුගිය කාලයේ නාගරික සංවර්ධනය බාරව සිටි ගෝඨාභය ද කොමිස් කුට්ටි ගසා කා හැකි ‘ගෝඨා ගල්‘ ඇල්ලීමේ යෙදී සිටියා මිස කුණු ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගත්තේ නැත. සල්ලි ගසා කා හැකි සංවර්ධනය මිස රාජපක්ෂලා කළ බිබික්කමක් නැත.

කලක් පරිසර ඇමැතිව සිටි වර්තමානයේ මෙගා පොලිස් ඇමැති පාඨලී චම්පිකද එසේම ය. මෙගා පොලිස් කියමින් දැන් ඔහු කුඹුරු වල ගොයම් හිටුවමින් සිටී. කට කයිවාරුව පමණි.  

තමාගේ කුණු ටික ඉවත් කිරීම ගැන තමන්ටම ඇත්තේ විශාල වගකීමකි. කසල කළමණාකරණය සඳහා ජනතාව මුදලින් දායක විය යුතුය. එසේ නොමැතිව කසල කළමණාකරණය කළ නොහැකිය. නිශ්චිත වැඩ පිළිවෙලකට ජනතාව දායක කර ගැනීමේ හැකියාව තිබිය යුත්තේ ආණ්ඩුවට ය. ආණ්ඩුවලට ඒ පිළිබඳ ක්‍රමවත් වැඩ පිළිවෙලක් තිබිය යුතුය.

කසල සම්පතක් කර ගත් දියුණු මිනිස්සු 

දියුණු රටවල් කසල යනු සම්පතක් බවට පත් කර ගෙන තිබේ. එවැනි රටවල නිවැසියා තමන්ගේ කුණු ඉවත් කිරීම සිදුකරන ප්‍රාදේශීය පරිපාලන ඒකකයට වසරකට  ගෙවිය යුතු බදු මුදලින් සියයට 5 ක් පමණ කසල කළමනාකරණය වෙනුවෙන් ගෙවති. එම මුදල තක්සේරු වන්නේ දේපොලේ වර්තමාන වෙළඳ වටිනාකම අනුව සහ නිවැසියන්ගේ ආදායම අනුව ය. තමන්ගේ ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීය කර ප්‍රයෝජනයට ගැනීම සඳහා පර්යේෂණ සිදුකරන්නේ ඒ ඒ ප්‍රදේශවල තිබෙන උසස් අධ්‍යාපන ආයතනයන් විසිනි. ඒ සඳහා ව්‍යාපාරිකයෝ දායකත්වය සපයති. මන්ද පර්යේෂණ වල ප්‍රතිඵල අනුව පසුව බිහිකෙරෙන ප්‍රතිචක්‍රීය ව්‍යාපාර වල අයිතිය තමන්ට ලබා ගත හැකි නිසාය. අධ්‍යාපනය ලබද්දී ඒ ගැන පර්යේෂණ කරන සිසුවා ද පසුව බිහිවන ව්‍යාපාර වල සේවයට බඳවා ගැනෙති.  

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල විද්‍යාර්ථීන්ට ද, ව්‍යාපාරිකයන්ට ද, ඔවුන් එවැනි ප්‍රායෝගික වැඩ පිලිවෙලක් සඳහා යොමුකරවා ගැනීමට රාජ්‍ය ආයතන බලධාරීන්ට ද, දේශපාලන නායකයන්ට ද කිසිදු අවශ්‍යතාවයක් නැත. එවැනි දැක්මක් ඔවුන් මේ දක්වා පෙන්වා නැත.

තමන්ම ඉල්ලා අස්වී පැමිණ තමන් විසින්ම පරාජය කරන ලද පක්ෂයක නායකත්වය ලබාගෙන රට නගා සිටුවීම පසෙක ලා තමා විසින් පරාජය කළ පක්ෂය නගාසිටුවීමට කැප වෙන පිස්සු විකාර නායකයෙකුගෙන් කුණු වලට යට වී මිය යනවා හැර වෙනත් දෙයක් බලාපොරොත්තු විය ද නොහැකිය.

නිදහසින් පසු බලය ලබා ගත් ස්වදේශික අවස්ථාවාදී දේශපාලකයා රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳා නැත. කර ඇත්තේ තිබෙන ප්‍රශ්න වැඩි දියුණු කර ගැනීම ය. නිදහස ලබා ගැනීමේ 70 වැනි සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරන්නට සූදානම් වන්නේ කුණු ගොඩකට යට වී මිනිසුන් බුරුත්තක් මැරෙන රටක ය. ලැජ්ජයි..! 

---------------------------
by     (2017-04-16 14:24:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

The water pollution problem around the now closed Rathupaswala Rubber Gloves Factory now continues in another form. The steel products manufacturers at Weboda are in Weliveriya use sulfuric acid to clean rusted steel products and nuts and bolds which they collect from scrap metal collectors etc. and the affluent acid is dumped directly on the ground. This has been going on for years and years and now the water in the wells near those factories have turned acidic. The ignorant uneducated people in these areas do not speak about this destruction but simply obtain the pipe water line from the government. This is a colossal environmental damage and we request LEN to get a research done on this matter and reveal the facts. We will help you.
-- by silva on 2017-04-15

තමන්ම ඉල්ලා අස්වී පැමිණ තමන් විසින්ම පරාජය කරන ලද පක්ෂයක නායකත්වය ලබාගෙන රට නගා සිටුවීම පසෙක ලා තමා විසින් පරාජය කළ පක්ෂය නගාසිටුවීමට කැප වෙන පිස්සු විකාර නායකයෙකුගෙන් කුණු වලට යට වී මිය යනවා හැර වෙනත් දෙයක් බලාපොරොත්තු විය ද නොහැකිය.This statement summarizes the plight of the poor people of Sri Lanka.
-- by Indrajith on 2017-04-15

parisara amathi kiyala pabayek innawa uta rakshitha kapuwath penne naha me wage kedawachaka awath penne naha! rate karumeda manda mun wage aunta palana balaya yanne!!
-- by sadun on 2017-04-16

විල්පත්තුව විනාශය ගැන කියන්න කටවල් ඇරෙන්නෙම නැද්ද? නැත්නම් සල්ලි වලට කටවල් හිර වෙලාද? මහා ලොකු විශ්ලේශකයො........
-- by Saman Kumarasinha on 2017-04-17

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links