~

ලේක් හවුසියට අලුත් මුහුණු..! සභාපති ධූරය ක්‍රිෂාන්ත කුරේට..! වගආරච්චි විසි වී කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධූරයට ලක්ෂ්මන්..!

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.17, ප.ව‍‍‍.11.30) යහපාලන රජය බලයට පත්වූ දින සිටම යහපාලනප්‍රේමීන්ගේ දැඩි විවේචනයන්ට ලක්වූ ආයතන අතුරින් “යන්නෙ කොහෙද? මල්ලෙ පොල් දර්ශනයෙන්“ පවත්වාගෙන ගිය ලේක්හවුස් ආයතනය ඉදිරියෙන්ම සිටී. ඊට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විරසකයක් ඇතිවන ආකාරයෙන් ලේක්හවුස් බලධාරීන් කටයුතු කිරීමත් ආණ්ඩුව කරන හොඳ වැඩක් පිළිබඳව හෝ ජනතාව දැනුවත් නොකිරීමත් ය.

දැනට ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වන්නේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සොහොයුරු කාවන් රත්නායක මහතායි. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂධූරය දරන්නේ සමන් වගආරච්චි මහතා වන අතර අධ්‍යක්ෂ මෙහෙයුම් හා අධ්‍යක්ෂ මූල්‍ය යන ධූරයන් දරන්නේ පිලිවෙලින් ලක්ෂ්මන් හේවාපන්න හා එමරික් ප්‍රනාන්දු යන මහත්වරුන්ය. අධ්‍යක්ෂ නීති ධූරය සිරිමෙවන් පියසේන මහතා විසින් දරයි. මෙම අධ්‍යක්ෂ මණ්ඩලය ආයතනයෙහි අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම පසෙක ලා තම පුද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවට පෙත්සම් එක පිට එක ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ලැබෙන්නට වූයේ ඉකුත් වසරේ ජුනි මාසයේ සිටය. ඒ අනුව ලේක්හවුසියේ තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ජනාධිපති කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. එම කමිටුවේ සාමාජිකයින් වූයේ නිමල් දිසානායක, රාජා ප්‍රේමදාස, වී.ඩී. දහනායක හා චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන මහත්වරුන්ය. 

මෙම තත්ත්වය හමුවේ බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර වෙනත් අය ඒ සඳහා පත් කළ යුතු බවයි. ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන පරිදි මේ සඳහා පත් කරන පුද්ගලයින් මේ වන විටත් තීරණය කර අවසන්ය. ඒ අනුව ප්‍රකට ද්විභාෂා මාධ්‍යවේදියෙක්ද ව්‍යවසාය ඥානයක්ද සහිත  ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය සඳහාද නම් යෝජනා වී තිබෙන අතර අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල) ලෙස ලක්ෂ්මන් ගුණසේකර මහතා යෝජනා වී තිබේ. අධ්‍යක්ෂ (මෙහෙයුම්) ලෙස යෝජනා වී ඇත්තේ පාලිත පැල්පොල මහතා වන අතර අධ්‍යක්ෂ (නීති) ලෙස නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා යෝජනා වී තිබේ. 

වර්තමාන සභාපති කාවන් රත්නායක මහතා අග්‍රමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු ලෙස හෝ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත් කිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ.

---------------------------
by     (2017-04-17 23:01:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links