~

පොලිස්පති කෝළම වාතයක් වෙයි; නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න..! ආණ්ඩුවෙන් පූජිතට දැනුම් දෙයි

නාකොටික් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් පූජිත දැනුවත්ව රටින් පිටකරලා

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.27, පෙ.ව‍‍‍‍.8.00) යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ ‘ව්‍යවස්ථා සභාව‘ මගින් පොලිස්පතිවරයා පත්කිරීම  සිදුකෙරුණු අතර එසේ ප්‍රථම වරට පත් වූ පොලිස්පති පූජිත ජයසුන්දර මුලදී විසිළුකාර ‘කෝළමක්‘ බවට පත් වී මේ වන විට ‘වාතයක්‘ බවට පත් වීමත් සමග ඔහුට නම්බුකාර අයුරින් ඉල්ලා අස්වන්න යැයි යහපාලන ආණ්ඩුවේ බලධාරීන් විසින් දැනුම් දී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

එලෙස නම්බුකාර අයුරින් ඉල්ලා අස්වන්නේ නම් ලබන පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීමට අවස්ථාවක් ලබා දී දේශපාලනයට අවතීර්ණ වීමට අවස්ථාවක් හදා දෙන බවටද පොරොන්දු වී තිබේ. පූජිත ජයසුන්දර කුරුණෑගල ප්‍රදේශය ඉල්ලා ඇතත් ඔහුට දඹුල්ල ප්‍රදේශය ලබා දිය හැකි යයි ද දැනුම් දී ඇත. (පක්ෂය කුමක්දැයි දැනට හෙළිදරව් නොකරමු)

පොලිස්පතිවරයෙකු ‘වාතයක්‘ වන්නේ නම් නම්බුකාර අයුරින් ඉල්ලා අස්නොවුන හොත් අස්කළ හැකි එකම ක්‍රමය වන්නේ ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ඒමයි. එවැනි දෝෂාභියෝගයකට ඇවැසි කරුණු දහසක් පමණ පූජිත විසින් සපයා ඇති අතර දෝෂාභියෝගයක් ජය ගැනීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරය සෑහේ. වත්මන් පාර්ලිමේන්තුවේ සම්මුති ආණ්ඩුවට තුනෙන් දෙකක්ම තිබේ. 

පූජිත ජයසුන්දර ‘පොලිස්පති කෝළමක්‘ බවට පත් වූ ආකාරය ‘හම්මඩ හුඩු පූජිතත් එහෙනම් අයිජී වුනා ඈ‘ කියමින් මේසයට ගැසූ ආරම්භක සිද්ධියේ සිටම ලංකා ඊ නිව්ස් වාර්තා කර ඇත. නමුත් කෝළමෙන් නොනැවතුනු පූජිත කිසිදු ආණ්ඩුවකට දරා ගත නොහැකි තරම් පසුගිය කාලයේ ‘වාතයක්‘ බවට පත් විය.

ඉන් ආසන්න සිදුවීම් කිහිපයකි. පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේම කාන්තාවන්ද ඇතුළු පිරිස් වෙත භාවනා නොකෙළේ යයි නොහොබිනා ලෙස කුණුහරුපයෙන් බැන වැදී පහර දීමත්, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එස්ටීඑෆ් ලොක්කා ලවා දින 3 ක් ඇතුලත වාර්තාවක් දෙන්නැයි පොලිසිය බාර ඇමැතිවරයා පොලිස්පතිවරයාට දුන් නියෝගය තුට්ටුවකට නොතකා හැරීමත්, ආණ්ඩුව බරපතල ලෙස අපහසුතාවයට පත් කරමින් අන්තවාදී ඥානසාර අත් අඩංගුවට ගැනීමට බාධා කිරීමත්, සයිටම් විරෝධී උද්ඝෝෂන ආරම්භයේදීම විසිරුවා හැරීමට අවස්ථාව සහ හැකියාව තිබියදී ඒවා අගනුවර පුරා ඇදි ඇදී පෙන්වන විකාරරූපී නාටක බවට පත් කිරීමත් (විශේෂයෙන්ම පසුගියදා විහාර මහා දේවී උද්‍යානයට කඳුළු ගෑස් ගැසීමේ සිද්ධිය) පොලිස්පති පූජිත ජයසුන්දර ආණ්ඩුවට වාතයක් වීමේ ආසන්න කාරණා අතර වෙති. රට පුරා සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොළඹට කැඳවා සම්පූර්ණ වැඩ දිනයක් පුරා පවත්වන ඔහුගේ ගොබ්බ දේශනා මීට අයත් නැත.  

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට පසුගියදා ඥානසාර නමැති උම්මතක්කයා කුරුණෑගල ගොස් අන්වාදය වපුරා ජනතාව උසිගන්වා එද්දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔහු වටකොට අත් අඩංගුවට ගැනීමට ගියේය. එහිදී පූජිත ජයසුන්දර විසින් කොළඹ සිට ප්‍රියන්ත නමැති නිලධාරියා අත පොලිස්පතිගේ පණිවුඩයක් යවමින් ඥානසාර අත් අඩංගුවට ගැනීම වැළැක්වූයේ ය. පසුව ඒ ගැන නිදහසට කරුණු කියමින් ආණ්ඩුවද නොමග යවා තිබේ. ඥානසාර අත් අඩංගුවට නොගත්තේ එහි සිටි චීවරධාරියෙක් ඇඟට පෙට්‍රල් වත්කර ගෙන ගිනි තබා ගැනීමට උත්සාහ දැරීම නිසා යයි පූජිත ආණ්ඩුවට වාර්තා කර ඇත. එය සහ මුලින්ම අසත්‍යයකි. එවැන්නක් සිදු වූයේ නැත.  පූජිතගේ බොරුව දැනගත් ආණ්ඩුව විසින් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට අදාල පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්ට බලතල දුන්නේ ය. දැන් ස්ථානාධිපතිවරයෙකුට ඕනෑම වර්ගයේ අන්තවාදියෙකුට එරෙහිව කටයුතු කිරීමට පොලිස්පති කෝළමෙන් අවසර යදිමින් සිටීමේ අවශ්‍යතාවයක් නැත. 

මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක රංගජිව නමැති ඩීල්කරුවා ඝාතනය ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරය ගැන ඇමැති සාගල නියෝග කළ ලෙස එස්ටීඑෆ් කොමඩාන් වරයාට පරීක්ෂණ බාර නොදුන් පූජිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත් පරීක්ෂණ බාර දුන්නේ නැත. දින 3 කින් වාර්තාවක් ඇමැතිවරයාට දුන්නේ ද නැත. පූජිත නිදහසට පවසා ඇත්තේ තමාගේ නිලධාරීන් තමාට වාර්තාවක් ලබා නොදුන් බවයි. මේවා වගකිව යුතු පොලිස්පතිවරයෙකු කවදාක හෝ නොකළ දෑ ය. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට ආණ්ඩුවට බොරු කී පූජිත මේ වන විටත් එකී ඝාතනය පිළිබඳ ප්‍රධාන සැකකරු, එනම් රංගජීව එහි රැගෙන ගිය ‘නසාර්‘ නමැත්තා  සහ තවත් අයෙකු හොර රහසේම රටින් පිට කර තිබේ. ‘නසාර්‘ ප්‍රශ්න කිරීමට ලක් කළ මත්ද්‍රව්‍ය නාශක අංශය එක දවසින් ඔහුව නිදහස් කෙළේය. ‘නසාර්‘ යනු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කන් සමග සම්බන්ධතා තිබූ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව ලංකා ඊ නිව්ස් මීට පෙර “නාකොටික් රංගජීවලාට පිළියන්දලදී වෙඩි තැබුවේ ලොක්කන්ගේ කුමන්ත්‍රණයකින්?“ නම් ලිපියකින් හෙළිකෙළේය. දැන් තමන් විසින්ම සැකකරුවන් රටින් පැන්නූ පූජිත ජයසුන්දර ඝාතනයට සම්බන්ධයැයි ඔහු කියන වෙනත් පාතාලයෙකු ඇල්ලීම සඳහා හමුදාවේ උදව් ඉල්ලා ඇතැයි වාර්තා වේ. අපරාධකරුවන් ඇල්ලීමට පොලිසියේ ඇති පදම් දක්ෂයන් සිටියදී ඒ කිසිවෙකුට මෙහි පරීක්ෂණ බාර නොදුන් පොලිස්පතිවරයා හමුදාවෙන් ආධාර පැතීම බහුබූත ක්‍රියාවකි. 

මේ අතර රුසියාවේ පැවැති ඉහළ පොලිස් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ පොලිස්පති පූජිත අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. මෙම සමුළුවද පොලිස්පතිවරුන් සහභාගී වන සමුළුවක් නොවන අතර එය පොලිස් කොට්ඨාශ අධ්‍යක්ෂවරුන් සහභාගී විය යුතු සම්මන්ත්‍රණයකි. ඒ සඳහා ලංකාවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකු සහභාගී වීම සෑහෙන නමුත් පූජිත විසින් රට සවාරියක් ගැසීම සඳහා මෙය යොදා ගෙන තිබෙන බව රුසියාවේ සිටින ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු කරුවෝ පැවසූහ. 

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ මාණ්ඩලිකයෙකු විසිනි-

සබැඳි පුවතක්
නාකොටික් රංගජීවලාට පිළියන්දලදී වෙඩි තැබුවේ ලොක්කන්ගේ කුමන්ත්‍රණයකින්? සාගලගේ නියෝග පූජිත පැහැර හැර පරීක්ෂණ යට ගහයි: ඩග්ලස් නිමල්ට සේ රංගජීවලාටත් වැඩේ දුන්නේ පූජිත දැනුවත්ව ද?

---------------------------
by     (2017-05-27 03:31:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Kontakt thibena Paalakayo innna rataka mewa wennne naaa,
-- by wee on 2017-05-27

rajaye usas thnathuruvalata sudussan path nokireeme varada dan penenavaa neda?
-- by nareen on 2017-05-27

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links