~

මංගලගේ පෞද්ගලික සහකාර මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට: කවුරුවුනත් නීතිය අකුරට ඉටු කරන්නැයි මංගල දැනුම් දෙයි

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.07,  පෙ.ව‍‍‍‍‍.3.20) ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික සහකාර ධූරයට මුවා වී මත්ද්‍රව්‍ය ජාවාරමක නියුතුව සිටි සමීර මනහර නමැත්තා කොකේන්, හෂීස්, කුෂ්, පිල් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළු තවත් මත්පැන් සහ නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද සමග එස්ටීඑෆ් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(06) පාන්දර අත් අඩංගුවට ගෙන තිබේ. 

ලැබුණු ඔත්තුවක් අනුව ගල්කිස්ස ප්‍රදේශයේ රැක සිටියදී වෙරළ සාදයක් සඳහා සුඛෝපභෝගී මෝටර් රථයකින් මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි සමීර මනහර සමග තවත් සිව් දෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. එම සිව් දෙනා අතර මීට පෙර මාලක සිල්වා සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු වූ අයද සිටි බවද දැනගන්නට තිබේ. 

රථයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය අතර කොකේන් මිලි ග්‍රෑම් 3000ක්, පිල් නැමති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 4500ක්, හෂීස් මිලි ග්‍රෑම් 9740ක් සහ කුෂ් නැමති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 9420ක් ද විදේශීය මත්පැන් බෝතල් 18 ක් සහ නීති විරෝධී දුම්වැටි 400ක්ද තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් වන උපුල් සෙනෙවිරත්නගේ පොලිස් නිල හැඳුනුම්පත සහ ඔහුගේ බැංකු කාඩ් පතක්ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත.

සමීර මනහර සහ පිරිස අත් අඩංගුවට පත් වීමෙන් පසුව ඇමැති මංගල සමරවීරගේ නම විකුණා ගැලවී යාමට උත්සාහ කර ඇති නමුත් ඒ අවස්ථාවේ දී මාතර සිටි ඇමැතිවරයා පොලිසියට දැනුම් දී ඇත්තේ මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට පත් වූ කිසිවෙකුට කිසිදු විශේෂ සැලකිල්ලක් නොදක්වා නීතිය අකුරටම ඉටු කරන ලෙසයි. 

---------------------------
by     (2017-08-07 13:42:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

මේ වගේ පර වේස බල්ලන්ට උපරිම දඬුවම් දෙන්න ඕන ! යහ පාලනේ විනාස කරන්න මහින්දයත් එක්ක රහසිගතව ක්‍රියාත්මක වෙන්නෙ මුං තමයි.
-- by අනිල් on 2017-08-07

අනේ එස්ටීඑfප් මහත්වරුනි, ඔය වගේ බල්ලො අත් අඩංගුවට ගන්න මහන්සි වෙන්න එපා. එතනම වෙඩි තියල දාන්න. අහිංසක කුඩ්ඩෙකුට නං අනුකම්පා කරාට කමක් නෑ!
-- by shani de silva on 2017-08-07

you're a great hon.min.'MANGALA'. That's the way. - IRC
-- by acr perera on 2017-08-07

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links