~

පියන් ලඟ දණින් වැටෙන විනිසුරුවරු එකිනෙකාට හූනියම් අණ වින කරගෙන: පුදුමෙනුත් පුදුමයි..! අධිකරණයේ මෙතරම් ගෝත්‍රිකයන් සිටීද?

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.12,  පෙ.ව‍.9.20) මහජනතාවට යුක්තිය ඉටුකරන අධිකරණයේ ඉහලම ඉන්නේ අගවිනිසුරුවරයා යැයි අයෙකු සිතයි. තවත් අයෙකු සිතන්නේ අධිකරණ ඇමැති කියා ය. එනිසාම පසුගියදා වනචර දශකයේ අපරාධකරුවන්ට නඩු දමන්නේ නැතැයි කියා අධිකරණ ඇමැතිවරයා මාරු කෙළේය. තවත් අයෙකු සිතන්නේ ඉහලම තැනැත්තා නීතිපතිවරයා  කියා ය. 

නමුත් ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන්නේ වත්මන් ලංකාවේ අධිකරණයේ කරන්නට බැරි දෙයක් නැති පුද්ගලයා අධිකරණ සේවා කොමිසමේ පියන් කෙනෙකු බවයි. හේ නමින් සාගර එදිරිසිංහ නමැත්තෙකි. 

මොහු බලවතෙකු වී ඉන්නේ බහුතරයක් විනිසුරුවරුන් මොහුට යටහත් පහත් කමක් දක්වන නිසාය. එසේ වී ඇත්තේ මන්දැයි හෙළි කළහොත් ලංකාව තිබෙන්නේ කෙතරම් ගෝත්‍රික අවධියකදැයි තේරුම් ගත හැකිය. 

බොහෝ විනිසුරුවරුන්ට “අත්‍යාවශ්‍ය“ සේවාවන් වී ඇති හදි හූනියම් කිරීම, අණ වින කප්පවා ගැනීම, අංජනම් බැලීම ආදී ගෝත්‍රික ක්‍රියා ඉටු කරවා ගැනීමේ විශ්වාසවන්තම පුද්ගලයා හෙවත් කොට්ටෝරුවා අනෙකෙකු නොව මේ කියන අධිකරණ සේවා කොමිසමේ පියන් සාගර එදිරිසිංහ නිසා ඔහු අධිකරණ ක්ෂේත්‍රයේ බලවතෙකු වී ඇත. 

රටේ විනිසුරුවරුන් ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සියළු දෙනාගේ මාරු වීම් උසස් වීම් ආදිය සිදුකරන්නේ අධිකරණ සේවා කොමිසම මගින් වන අතර ඒ සඳහා අල්ලා ගත යුතුම පුද්ගලයා වී ඇත්තේ ද සාගර එදිරිසිංහ ය. විනිසුරෙකුගේ උසස් වීම සිදු නොවන්නේ වෙනත් විනිසුරෙකු කරන ලද හූනියමක් නිසා යයි සාගර එදිරිසිංහ කීවොත් හූනියම කැපීමට ද සාගර අවශ්‍ය ය. සාගර මේ සඳහා යොදා ගන්නා දේවාලය නම් ‘නාගල රජ මහා විහාරයේ දේවාලය‘ යි. 

අධිකරණ සේවා කොමිසමේ බහුතරයක් අන්ධ විශ්වාසයේ ඇලුණු ගිලුණු ගෝත්‍රිකයෝ ය. කොමිසමේ ඉතා බලවත් චරිතයක් අනුරාධපුර මෑණියන් යයි කියා ගන්නා වැන්දඹුවගේ දෙපාමුළ වැඳගෙන සාත්තර අහන හැටි දුටුව කල ‘අහෝ ලංකාවේ යුක්තිය පසිඳලන අධිකරණයට ගිය කලක්‘ යැයි සිතේ. මේ තත්ත්වය නිසා සාගර එදිරිසිංහ වැනි කූඨකයන් ගේ කල්ල මරේ ය.

සාගර එදිරිසිංහ නමැති පියන් මේ තත්ත්වයට ආ හැටිද රසවත් කතාවකි.

ඔහු මුලින්ම සිටියේ කුරුණෑගල කරුණාතිල පිටුම්පේ නමැති නීතිඥයා ගේ පියන් ලෙසය. පිටුම්පේගේ ජල්බරි වැඩ ටික කෙළේ සාගර ය. වරක් සාගර සහ පිටුම්පේ ගේ ජල්බරි වැඩක් හසුවී නොතාරිස් ආඥා පණත යටතේ පිටුම්පේට එරෙහිව නඩු දමා අධිකරණයෙන් දඩ ගැසුම් කෑමට සිදුවිය. එය සඟවා ගත් පිටුම්පේ පසු කලෙක කම්කරු අධිකරණයේ සභාපති පුටුවට පැන ගත්තේ ය. ඒ යන විට සාගරද කැඳවා අධිකරණ සේවාවේ නිත්‍ය පියන් කෙනෙකු ලෙස ඇතුලත් කර ගැනීමට අමතක කෙළේ නැත. නමුත් පසුව පිටුම්පේ යනු ඊට පෙර නොතාරිස් ආඥා පණත යටතේ දඩ කෑ අයෙකු බව හෙළි වී කම්කරු අධිකරණයෙන් එළවා දැමිණ. සාගර, අධිකරණ සේවයේ පියන් කෙනෙකු ලෙස ස්ථාවර විය. ඒ අතරවාරයේ දී සාගර එකල හිටපු කුප්‍රකට අගවිනි-සොරා සරත් එන් සිල්වාගේ බෝධි පූජා සංවිධායකයෙකු ලෙස අගවිනි-සොරාගේ හිත දිනා ගන්නට සමත් විය. රියැදුරෙකු ලෙස ද හොඳ සේවාවක් ලබා ගත හැකි පියන් කෙනෙකු වීම සාගරට වාසියක් විය. සාගර සරත් එන් සිල්වාවද නාගල රජ මහා විහාරයේ දේවාලයට කැඳවාගෙන ගොස් ඔහුටද අණ වින හදි හූනියම් කර දී අධිකරණ සේවා කොමිෂන් සභාවේ පියන් කෙනෙකු ලෙස කොළඹට මාරු වීමක් හදා ගැනීමට තරම් කපටියෙක් විය. එතැන් සිට අධිකරණ සේවා කොමිසම සමග සම්බන්ධ වන සියළුම විනිසුරුවරුන්ට නැතිවම බැරි මිනිහෙක් වූයේ සාගර ය. සිසිර රත්නායක,  උපාලි හේවාවසම්, වාසනා නවරත්න වැනි අධිකරණ සේවා කොමිෂන් සභාවේ විනිසුරුවරුන් වරියන්ගේ කොට්ටෝරුවා වූයේ සාගර ය. 

මෙවැනි අන්ධ විශ්වාසයේ ගිලුණු, පියන්ලා සමග එක් වී එකිනෙකාට හදි හූනියම් කරගන්නා, අණ වින කප්පවා ගන්නා විනිසුරුවරුන් පිරිසක් වෙසෙන රටක, බරපතල වැඩ ඇතිව හිරේ දැමූ එවුන් දියවැඩියාව කියා රෝහල් ගත වී චීන කෑම ගෙන්වා කමින් බොමින් ‘සිර සැප‘ විඳිද්දී අධිකරණය නිහඬව සිටීම ගැන පුදුම විය යුතු නැත.

සේයාරුවේ දැක්වෙන්නේ සාගර එදිරිසිංහ නමැති අධිකරණ සේවා කොමිසමේ පියන්ය

ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2017-09-12 03:54:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

මූ නං කොට්ටෝරුවෙක්ම තමයි....
-- by ඩයස් on 2017-09-12

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links