~

රටේ විනිසුරුවරුන් හදන ‘ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනයේ‘ (SLJI) හඩුකාරයෙක් කෙලින පිස්සුවක් මෙන්න: වානේ මල්ලටත් ගුල්ලො ගහද්දී අධ්‍යක්ෂ විනිසුරුලා බුදි..!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.16,  ප.ව‍‍‍.8.05) මහේස්ත්‍රාත්වරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් ඇතුළු රටේ සිටින විනිසුරුවරුන්ගේ වෘත්තීය මට්ටම ඉහල නැංවීමෙහිලා ඔවුනට අවශ්‍ය නව දැනුම සම්පාදනය කිරීම සඳහා මීට වසර 23 කට පමණ පෙර පිහිටුවන ලද  ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය හෙවත් Sri Lanka Judges’ Institute (SLJI)  හි දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. මෙම විනිසුරුවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරුවරයා ය. 

මෙහි අධ්‍යයන සම්බන්ධීකාරක ලෙස අලුතින් පත්ව ඇති  අතිරේක මහේස්ත්‍රාත් වරයකු වූ වසන්ත කුමාර හෙවත් ‘ගඩොල් වසන්ත‘ නැමැත්තා විසින් සිදු කරන ලද දුෂණ ක්‍රියාවන් සහ ඔහු සේවකයන්ගෙන් හා අනෙකුත් විනිසුරුවරුන්ගෙන් පලිගන්නා ආකාරයත් ඔහුගේ අවක්‍රියා පිලිබඳ සභාපති අධ්‍යක්ෂ විනිසුරුවරුන් අඳ ගොලු බිහිරන් සේ සිටින බවත් ලංකා ඊ නිව්ස් වෙත ලැබුණු පැමිණිල්ලේ දැක්වේ.

විනිසුරුවරුන්ගේ ආයතනය විසින් විනිසුරුවරුන් සඳහා වැඩ මුළු සැලසුම් කෙරේ. පසුගිය 14 වෙනිදා ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන නව ක්‍රමවේද පිලිබඳ දැනුවත් කිරීමේ වැඩ මුළුවක්ද විනිසුරුවරුන් වෙනුවෙන් පවත්වන ලදී. මෙවැනි වැඩමුළු සැලසුම්  කිරීමේදී වැඩ මුළු සම්බන්ධීකාරක අතිරේක මහේස්ත්‍රාත් වසන්ත කුමාර හෙවත් ‘ගඩොල් වසන්ත‘ විසින් තමන්ගේ හිතවතුනට පමණක් මුල්තැනදී කටයුතු කරන බවත් සභාගිවන්නන්ගේ නාම  ලේඛන සකසන්නේ කෙසේද යන්න ගැන පිළිවෙලක් ඔහුට නොමැති බවත් එක් ප්‍රධාන චෝදනාවකි. 

තමන්ගේ සහචරයන් වෙනුවන් මුල් තැනක් දී ඔවුනට වැඩ මුළු දිනයට සභාගි වීමට හැකිදැයි අසා සකස් කරනු ලබන අතර ඇතැම් විනිසුරුවරුන් සහභාගී නොහැකියි පවසා  ලිඛිතව දැන්වූවද ඔවුනට වෙන දවසක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද ‘ගඩොල් වසන්ත‘ ඒ සඳහා වෙන දිනයන් ලබා නොදී අත්තනෝමතිකව ක්‍රියා කරයි.

ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනයේ  වත්මන් කාර්යමණ්ඩලයෙන්  පළි ගන්නා අවස්ථා ද එමටය. ලක්ෂාන් , මලින්ද , ශසිකලා මහත්මිය වැනි අය පළිගැනීමට ලක්වූ  උදාහරණයන් ය. ඔවුහු මෙම ආයතනයට අනුයුක්ත කර ඇති සේවකයන් ය .  නමුත් හදිසියේම හේතු නොදන්වා ඔවුනට මාරු වීම් ලැබී ඇත. වත්මන් අධ්‍යක්ෂවරයාද  නිහඬව සිටී.  අධ්‍යක්ෂවරයා මෙන්ම සභාපති වන අගවිනිසුරුතුමා ද මෙකී වසන්ත කුමාර හෙවත් ගඩොල් වසන්තගේ හැටි හොඳින්ම දන්නා නමුත් නිහඬව සිටී . ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ  වත්මන් අධ්‍යක්ෂක ද වසන්ත කුමාරගේ උපදෙස් මත ක්‍රියා කරන බවක් පෙනී යයි. එමෙන්ම ඊලඟ මාරු වීම් සඳහා ලැයිස්තුව සකසා අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කර ද අවසානය . 

‘ගඩොල් වසන්ත‘  කාන්තාවන්ට එරෙහිව කරන ක්‍රියා

ගඩොල් වසන්ත නාරිලෝලියෙකි. වරක් ඔහු ආයතයේ සිටි එක් සේවිකාවකට දිගින් දිගට අයථා බලපෑම් එල්ල කෙළේය. අවසානයේ එම සේවිකාව ආයතනයෙන් ඉල්ලා අස් වී ගියා ය. ගැහැණු ළමුන් තමන්ගේ ළඟින් තබාගෙන වැඩ කරවා ගැනීමට ගඩොල් වසන්න විනි-සොරා මහත්  කැමැත්තක් දක්ව යි. කොළඹ  නගරයන් පිටත පැවැත්වෙන වැඩමුළු සඳහා ආයතනයේ කාන්තාවන් සහභාගී වීම අනිවාර්ය කරයි. සහභාගී නොවුනහොත් කළමනාකරණ මණ්ඩලයට හා පුද්ගලික ලිපි ගොනු වලට එ් ගැන වාර්තා ඉදිරිපත් කිරීමට සිදුවන බව පවසමින් නිළධාරිනියන් හට බලපෑම් එල්ල කරයි. මන්ද පුද්ගලික ලිපි ගොනු ඔහු විසින් අත්අඩංගුවට ගෙන සිටීම නිසා ය. මෙලෙස කාන්තා නිලධාරිනියන් අසරණ භාවයට පත් කොට ඉල්ලා අස් වීමට වැඩ සැලැස්වීම ‘ගඩොලාගේ‘ ස්වභාවයයි . එවැනි අසාධාරණයට  ආයතනයේ ලේකම් තුමිය ද වරෙක ලක්වූවා ය. අධිකරණ සේවා කොමිෂන් සභාවද මෙම ආයතනයට පත් කරණු ලබන්නේ කාන්තාවන් වීම ද මහත් ගැටළුවකි. දැන් ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය වනිතා කටයුතු ආයතනයක් බවට පත් වී හමාරය . 

ගඩොල් වසන්ත මෙම ආයතනයේ සේවය කරන ‘විජයෙන් සුන්දර‘ කාන්තාවක් තම අනියම් භාර්යාව ලෙසද තබාගෙන සිටී.  ආයතනයේ සේවකයන් නිවාඩු දිනයන් හිදී වැඩ කිරීමට on call ලැයිස්තුවක් ගඩොල් වසන්ත විසින් සකසා ඇත. එයට අත්සන් තබා ඇත්තේ අධ්‍යක්ෂ වරයා විසිනි.  පොහොය දිනයේ  පවා වැඩකිරීමට නිලධාරින් නම් කොට ඇති නමුත් එම ලැයිස්තුවේ පෙර කී ‘විජයෙන් සුන්දර‘ අනියම් භාර්යාවගේ  නම නොමැතිය. අනියම් භාර්යාව නිවාඩුය. අනෙක් අය වැඩ ය.

‘ගඩොල් වසන්තගේ‘  මූල්‍ය දූෂණ

cyber crime ගැන වැඩමුළු 2 ක් පවත්වා  ඇත . එම වැඩ මුළු  දෙකම පවත්වනු ලැබුවේ මහනුවර Grand Kandiyan හෝටලයේ ය . එම හෝටලයේ අයිතිකරුවන ගාමිණී නමැත්තා වසන්ත කුමාරගේ  ගජ මිතුරෙකි.  ඔහු ගාමිණී හරහා වැඩ මුළු වලින් කොමිස් ලබා ගනී. වැඩ මුළු පැවැත්වීමට ස්ථාන ලබා ගැනීම ගැන ටෙන්ඩර් කැඳවීමක් නැත. වැඩමුළු සදහා ආහාරපාන ලබා ගන්නා ආයතන ගැනද ටෙන්ඩර් කැඳවීමක් නැත. ඒවා නම් කරනු ලබන්නේ ‘ගඩොලා‘ විසින්ම ය. ‘රජ බොජුන්‘ නමැති ආයතනය එවැන්නකි.  

ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනයේ  නම අනිසි ලෙස භාවිත කරමින් සුහද ක්‍රිකට් තරගාවලියකට කියා 2017-10-14 දින මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනය වෙන් කර ගන්නා ලදී . නමුත් එහි ක්‍රීඩා කරන ලද්දේ ගඩොල් වසන්තගේ පුතා සහ ඔහුගේ යහළුවන්ය. විනිසුරුවරුන් ගැසූ සුහද ක්‍රිකටයක් නැත. මේ ආකාරයටම මීට  ඉහතදී පැවති වැඩ මුලුවේදී ද ක්‍රීඩාංගනය වෙන් කරගන්නා ලදී . එදිනද ක්‍රීඩා කෙළේ තමන්ගේ පුතා සහ පුතාගේ යහළුවන් ය. එදින පුතාට සහ පුතාගේ යාළුවන්ට දහවල් කෑම සැපයුවේ ද ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනයේ බිලට  Grand Kandiyan හෝටලයනි.

එමන්ම විනිසුරුවරුන් සඳහා පැවැත්වෙන විදේශගත වැඩ මුළු සඳහා  ගුවන් ටිකට් පත් ලබා ගැනීමේ දී ටෙන්ඩර් පටිපාටියන් බැහැරව '2nd Chance'  නම් ආයතනයකට ලබා දේ. එම ආයතයේ ‘කුෂාණි‘ නමැත්තියක් හරහා ද වසන්ත කුමාර විසින්  කොමිස්  මුදල් ලබා ගන්නේ ය . කුෂාණි සමග ද ඔහුගේ  අනියම් සබඳතාවයක් ඇත. මෙම ටිකට් ගනුදෙනුව ගැන ටෙන්ඩර් කමිටුවේ සිටි supreme court හි ගණකාධිකාරීවරයාටද වරක් ‘ගඩොල් වසන්ත‘ බැනවැදුනේය . ඒ ගණකාධිකාරී විසින් වසන්ත කුමාරට ‘විනිසුරුතුමනි‘ නොකියා ‘මහතා‘ කියා ආමන්ත්‍රණය කළා කියා ය. 

එමෙන්ම ආයතනයේ රථ වාහන රියදුරු මහතුන් සම්බන්ධයෙන්ද ගඩොල් වසන්ත ගේ දූෂණ අති විශාලය. ඒවා ලියන්නට ගියහොත් මේ ලිපිය දිගු වැඩි වනු ඇත. 

අවසන් වශයෙන් කිව යුත්තේ රටේ යුක්තිය පසිඳලන විනිසුරුවරුන් හදා ගැනීමට පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය රටේ අනෙක් ආයතන වලට ආදර්ශයක් සැපයෙන ලෙස පවත්වාගෙන යා යුතු නමුත් ‘ගඩොල් වසන්තලා‘ සහ ඔහුට අනුග්‍රහය සපයන අධ්‍යක්ෂවරුන් නිසා  විනිසුරුවරුන් හදා ගැනීමට තිබෙන ආයතනය ද පහත් අඩියකට වැටී තිබේ. මෙය බරපතලය. අගවිනිසුරුතුමා ඇතුළු අනෙකුත් අධ්‍යක්ෂ විනිසුරුවරුන් ඇස් කන් පියාගෙන නොසිට තම රාජකාරිමය යුතුකම නිසිලෙස ඉටු කරන්නේ නම් ‘ගඩොල් වසන්ත‘ වැනි හඩුකාරයෙකුට පමණක් තනියම දූෂිතයෙක් විය නොහැකිය.

මේ තත්ත්වය ජනතාවට හෙළි කෙළේ රටේ අධිකරණ පද්ධතිය සුද්ද කර ගැනීමට ය. සමහර විට කවුරුන් හෝ හීපාටුවෙක් අල්ලාගෙන මේ ලිපියෙන්ද අධිකරණයට අපහාස වුනා කියා නඩුවක් දැමිය හැකිය. විනිසුරුවරුන් තම ආයතන සුද්ද කර, රටේ යුක්තිය පසිඳලීම නම්බුකාර තත්ත්වයකට උසස් කර ගන්නේ ගන්නේ නැතිව වැරදි පෙන්වන අයට නඩු සියයක් දැම්මත් රටට වන සුගතියක් නම් නැත. 

ලංකා ඊ නිව්ස් විශේෂ අධිකරණ වාර්තා කරුවෙකු විසිනි

---------------------------
by     (2017-10-16 14:43:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

අහෝ! මේ අපේ අධිකරණයයි!
-- by රෝනි on 2017-10-16

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links