~

යාපනයේ ධීවර තරුණයෙකුගේ ලය පසාරු කළ වෙඩිල්ල පොලිසියේ නොවේ: සීසීටීවී වලින් ඇත්ත සොයා ගනී

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.30,  පෙ.ව‍‍‍.5.45) යාපනයේ මනියම් තෝට්ටම් ප්‍රදේශයේ දී පසුගිය 22 දා මහා මාර්ගයේ ගමන් කරමින් සිටි ධීවර තරුණයෙකුට වෙඩි තබා තිබුනේ පොලිස් නිලධාරියෙකු යැයි කියා ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හට ගත්තද වෙඩි තබා ඇත්තේ මුහුණු ආවරණය කරගෙන මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනෙකු බව සීසීටීවී කැමරා වලින් හඳුනාගෙන තිබේ.  

මෙම සිද්ධියේදී වෙඩි වැදුනු තරුණයා පසුව මිය ගිය අතර ඔහු  විසිහතර හැවිරිදි දොන් බොස්කෝ නැමති ධීවර තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම ඒ අසල පිහිටි නාවික හමුදා කදවුරක සේවය කළ නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කොට තිබූ අතර අසල පිහිටි ගරාජයක තිබූ සී.සී ටීවී කැමරාවකින් ලැබුණු දර්ශන වලට අනුව වෙඩි තැබීම සඳහා පැමිණි දෙදෙනාගේ ඡායාරූපද යතුරු පැදියේ ඡායාරූපද ලැබී තිබේ.

එම සේයාරූ මෙහි දැක්වේ

දිනසේන රතුගමගේ විසිනි

සබැඳි පුවත
යාපනයේ පොලිස් වෙඩිල්ලක් ධීවරයෙකුගේ ලය පසාරු කරයි: ජනතාව කැළඹෙයි..!

---------------------------
by     (2017-10-30 00:19:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links