~

මෛත්‍රීපාල ඉබ්බාගෙන් තවදුරටත් යහපාලන පිහාටු පැතීම මුලාවකි..! දෙපිටකාට්ටුකම හඳුනාගන්න..!!

විමල් ධීරසේකරගේ දේශපාලන විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.31,  පෙ.ව‍‍‍‍.3.05) පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ සහභාගීත්වයෙන් සහ මහජනතාවගේ අදහස් ලබා ගැනීමේ දීර්ඝ වැඩ සටහනකින්ද පසු රටකට අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ නිල ක්‍රියාවලියක් වසර 2 කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව විසින් අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබියදී එම ක්‍රියාවලිය කල් දැමෙන, පසුපසට අදින සහ ව්‍යාකූල කෙරෙන වැඩ පිලිවෙලක් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට යයි. 

එනම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල කමිටුවේ අතුරු වාර්තාවේ ඇති යෝජනා පිළිබඳව යලිත් යෝජනා ලබා ගැනීමට යයි කියමින් සර්ව ආගමික, සර්ව පාක්ෂික සමුළුවක් සහ බුද්ධිමතුන්ගේ සමුළුවක් ලෙස සමුළු 3 ක් කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කිරීම ය.

ඔහු මේ ප්‍රකාශය කෙළේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඊයේ (30) පැවති ජාතික සහජීවන සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ ජාතික මහා සමුළුව අමතමිනි.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සිය අතුරු වාර්තාව ඉදිරිපත් කෙළේද ජනාධිපති කියන සියලු පක්ෂ, සියලු ආගමික සංවිධාන වල සියලු සිවිල් සංවිධාන වල සහ රට පුරා ඇවිද මහජනතාවගේ ද අදහස් ලබා ගැනීමෙන් පසුවය. මහජන අදහස් අතර බුද්ධිමතුන්ගේ අදහස් වීය. පාර්ලිමේන්තුවට ගෙනා අතුරු වාර්තාවේ ඒ සියල්ල අඩංගුය. එසේ තිබියදී ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ සිටම ජාතික ගැටළුව විසඳීමට යයි කියමින් මේ ආකාරයටම තැබූ කිසිදු ප්‍රතිඵලයක් නොදුන් සර්ව පාක්ෂික, සර්ව ආගමික සමුළු පුන පුනා පැවැත්වීම පිස්සුවකි; විකාරයකි; බහුබූතයකි. හෝද හෝදා මඩේ දැමීමකි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදන්නේ ලංකාවේ ජනතාව ගොනාට අන්දවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්වීමය. 

ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්කි තිබේ. ඒවා කිහිපයක් මෙසේ ය.

අංක එකේ පාවාදීම

1) ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව ගෙන ඒමට මෙතෙක් කාලයක් පමා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ප්‍රමාද කිරීම නිසාය. අවසානයේ ‘ඩෙඩ් ලයින්‘ එකක් දී (2017 අගොස්තු 30) එදිනට වාර්තාව නොදුනහොත් එය නොමැතිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දැනුම් දීමෙන් පසු ශ්‍රීලනිපයේ යෝජනාවලිය බාර දුන්නේ ය. ශ්‍රීලනිපය රබර් කළ කාලය මාස 6 කට වැඩි ය. පුදුමයට මෙන් අවසානයේ දුන් යෝජනාවලියේ ඇත්තේ විධායක ජනාධිපති ධූරය තවදුරටත් තබා ගත යුතුය කියා ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු 1978 දී ජේආර් විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන් දා සිට ප්‍රතිපත්තියක් ලෙස ඊට විරුද්ධ වූ පක්ෂයකි. පුදුමයකට දැන් හදිසියේම  විධායක ජනාධිපති ධූරය තවදුරටත් තබා ගත යුතු යැයි කියයි.  

මෛත්‍රීපාල සිරිසේන මහතා සිවිල් සංවිධාන නායකයන්ට පවසන්නේ එම යෝජනා තමන්ගේ නොව ඒ සඳහා ශ්‍රීලනිපය පත් කළ නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පක්ෂ කමිටුවේ යෝජනා බවයි. තමන් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව වෙනස් නොවන බවද ඔහු සිවිල් සංවිධාන නායකයන් පුද්ගලිකව හමුවූ විට එකිනෙක අයට කියයි. මෙය පැහැදිලිවම සිරිසේන මහතා විසින් සිවිල් සංවිධාන නායකයන් ගොනාට ඇන්දවීමකි. 

අප එසේ කියන්නේ නිමල් සිරිපාල ද සිල්වා ගේ කමිටුව ශ්‍රීලනිප යෝජනාවලිය සකසා අවසාන තීන්දුව ගැනීමට එය ජනාධිපති පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට දුන් නිසාය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කෙළේ එලෙස පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවසානයට අනුමත කරන ලද යෝජනාවලියයි. එනම් විධායක ජනාධිපතිධූරය තවදුරටත් තබා ගත යුතු යැයි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාම මිස අන් කවරෙකු හෝ නොවේ. 

මෙය මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී දුන් ප්‍රධානතම පොරොන්දුවට අමු අමුවේ පුක හැරවීමකි; පයින් ගැසීමකි; ජනමතයට කෙළ ගැසීමකි; ජනමතය පාවා දීමකි. 

ජනවාරි 8 වෙනිදාට පෙර පොදු අපේක්ෂයෙකු සඳහා එකඟවීමේ දී දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සියලුම දෙනා එකඟ වූයේ එකම එක කොන්දේසියකට පමණි. ඒ නම් දින සියයක් තුල විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොදු අපේක්ෂකයෙකු කෙරෙහි එකඟ වීම පමණි. ඒ බවට එදා සමගිව ගිවිසුම් ගත වූ සහ ගිවිසුම් ගත නොවූ සියළුම දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන නායකයන් සාක්ෂි දරනවා ඇත.  එනම් පත් වන ජනාධිපතිගේ එකම කාරිය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පමණි. අනෙක් සියලුම කාරණා ස්වාධීන කොමිෂන් ආදිය පාර්ලිමේන්තුව විසින් සිදුකරනු ලබන ඒවා වන අතර ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතු එකම කාරිය තම විධායක ජනාධිපතිකම අහෝසි කිරීමට කැමැති වීමත් එය ක්‍රියාත්මක කිරීමත් පමණි. ඔහු ලවා ජනාධිපතිකම් කරවා ගැනීමට කිසිදු එකඟතාවයක් තිබුනේ නැත. 

ජනාධිපතිවීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථමයෙන්ම වංගුව ගැහුවේ දින සියය තුල විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ය. ජාතික හෙළ උරුමය වැනි කඩප්පුලියන්ද, ශ්‍රීලනිපයෙන් මෛත්‍රී පිලට ආ හොරුන්ද අල්ලාගෙන විධායක ‘ජනාධිපතිධූරය අහෝසි කිරීම නොව ජනාධිපතිධූරයේ විධායක බලතල ඉවත් කිරීම‘ වැනි වචන හරඹයක් පෙන්වා ජනතාවට දුන් පොරොන්දු පත්‍රිකාවේ තිබෙන වගන්ති විකෘති කර 19 වෙනි සංශෝධනය මගින් විධායක ජනාධිපතිධූරය තව දුරටත් පවත්වා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කෙළේය.  ‍

දැන් ජනවාරි 8 ඔහු දුන් එකම පොරොන්දුව වන විධායක ජනාධිපති ධූරය අහෝසි නොකර එය තව දුරටත් පවත්වා ගත යුතු යැයි ඔහුගේ පක්ෂයට මුවා වී ඔහුම යෝජනා කර තිබීම කෙතරම් බරපතල නීච නින්දිත ජනතාව ගොනාට ඇන්දවීමක් ද?  

තමාගේ පාවාදීම ගැන හිත දන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනවාරි 8 වෙනිදා තමාට සහාය පළ කළ සිවිල් සංවිධාන 48 නියෝජිතයන් හමුවීමට පසුගිය ඔක්තෝම්බර් 11 වෙනිදා දින යොදා ගෙන තිබුනද එය අවලංගු කෙළේය. ඒ අන් කිසිවකට නොව සිවිල් සංවිධාන නායකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු නැති නිසාය.

ව්‍යවස්ථාවේ කකුලෙන් අදින මෛත්‍රීගේ ගෝලයෝ 

2) නව ව්‍යවස්ථාවක් ගෙන ආවොත් නිසැක වශයෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි වන බවත් තව දුරටත් තමාට විධායක රසය බලමින් තම දූලා බෑණලා හරහා ධනය හරි හම්බ කර ගැනීමට නොහැකි වන බවත් දන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්පසු කෙළේ නව ව්‍යවස්ථාවේ කකුළෙන් ඇදීමයි. 

අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසු ඔහු පළමුවෙන්ම කෙළේ අනුනායක හිමිවරුන් අල්ලාගෙන ‘ මේ වෙලාවේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය‘ යි ප්‍රකාශ නිකුත් කරවා ගැනීමයි. ඒ පිටුපස හිටියේ අන් කවරෙකු හෝ නොව ජනාධිපතිවරයාම ය. එම ප්‍රකාශ පුවත් පත් වල පළමු සිරස්තලය ලෙස දමා ගැනීම පිටුපසද සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතාම ය. මේ ලියුම්කරු මේවා කියන්නේ සාක්කි සහිතව ය. එම පුවත් පත් වලට එසේ කරන ලෙස දැනුම් දුන්නේ ජනාධිපතිවරයා කවර් කරන ඒ ඒ පුවත් පත් වල මාධ්‍යවේදීන් ය. ඔවුන් කරන්නේ ජනාධිපතිවරයා කරන්නැයි කී දේ ය. 

ඊට තවත් හොඳම සාක්කිය නම් ‘මේ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය‘ යැයි දෙවන වටයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේම උපදේශකයා වන අතුරලියේ රතන හිමි විසින් ඍජුවම ප්‍රකාශ කිරීමයි. රතන සහ මෛත්‍රී යනු අමුඩයයි පුකයි වැනි දෙදෙනෙක් බව නොදන්නේ කව්ද?

මොවුන්ගෙන් ඇසිය යුත්තේ ‘මේක වෙලාව නොවේ නම් වෙලාව කුමක්ද? තවත් යුද්ධයකට පසුවද?‘ කියා ය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම

3) මෙහි දෙවන වටය වූයේ ව්‍යවස්ථාව සම්මත කළහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි වීරවංශ කළ ප්‍රකාශය යි. වීරවංශ බෝම්බ ප්‍රකාශය කරන්නේ ජනාධිපති මෛත්‍රී සමග කළ සාකච්ඡාවකින් පසුව බව අමතක කළ යුතු නැත. වීරවංශගේ ප්‍රකාශයට පසුව මෙතෙක් කාලයක් ආන්දෝලනාත්මක ප්‍රකාශ නොකර කට පියාගෙන සිටි කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුනේ ‘පාර්ලිමේන්තුවට එක බෝම්බයක් නොව බෝම්බ සීයක්‘ ගැසිය යුතු බවයි. කෙහෙළිය රඹුක්වැල්ල යනු මෛත්‍රීපාල ජනාධිපති කිරීමේ ජනාධිපතිවරණයේ දී මෛත්‍රීට යටින් උදව් කරමින් රු. කෝටි 5 ක් සොයා දුන් පුද්ගලයෙකි. ඊට හිලව්වට කෙහෙළියට තිබූ දූෂණ චෝදනා යට ගැසීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියා කෙළේය. ඒ කොතෙක්දැයි එෆ්සීඅයිඩියේ සහ සීඅයිඩියේ මහත්වරුන් දන්නවා ඇත. මෙතෙක් කාලයක් මුඛ පියාගෙන සිටි කෙහෙළියද කට ඇරීම පිටුපස ඉන්නේ කව්දැයි කාටවත් රහසක් විය නොහැකිය. මෙහි ඇති වැදගත්ම නිරීක්ෂණය නම් ‘පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුය‘ වැනි බරපතල ප්‍රකාශයක් ජනාධිපතිවරයා නායකත්වය දරණ එජනිසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කර තිබියදී ජනාධිපතිවරයා ඒ පිලිබඳ වගේ වගක් නැතිව සිටීමයි.

මැදගොඩ ජාතිවාදියා සමග සම්මුතිය

4) දැන් ඒ සියල්ල සමග මෛත්‍රීපාල සිරිසේන මහතා අමු ජාතිවාදියෙකු වන මැදගොඩ අභයතිස්සගේ කඨින පිංකමට සහභාගී විය. මෙය ජනාධිපතිවරයා පෙන්වන්නේ තමා ජාතිවාදී මැදගොඩ අභයතිස්සව නම්මා ගැනීමට කරන ලද උපක්‍රමයක් ලෙස ය. නමුත් එය අමූලික ප්‍රෝඩාවකි. ජනාධිපති සාකච්ඡා කර තම මතයට නම්මා ගත් එක් අයෙක් මට පෙන්වන්න. කිසිවෙක් නැත. ජාතිවාදයට එරෙහි නායකයෙකු ජාතිවාදීන් සමග සම්මුති වලට යන්නේ නැත. ජාතිවාදයට එරෙහිව සටන් කර ජය ගත හැකිය. පසුගිය ජනවාරි 8 වෙනිදා ජනතාව ඔප්පු කෙළේ රාජ්‍ය බලය, මාධ්‍ය බලය, ධන බලය තිබූ ජාතිවාදීන් පරාජය කළ හැකි බවය. එසේ නම් අද රාජ්‍ය බලය, මාධ්‍ය බලය, ධන බලය තිබෙන ජයග්‍රාහයකයන් ඒ කිසිත් නැති පරාජිත ජාතිවාදීන් සමග සම්මුති වලට යන්නේ ඇයි.? ඒ යන්නේ අන් කිසිවකට නොව ජාතිවාදීන් ලවා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වළක්වා ඒ මගින් විධායක ජනාධිපති ධූරය තව දුරටත් රස බැලීමට ය.

සර්ව සමුළු මුලාව 

5) මේ සියළු තත්ත්වයන්ගේ නවතම ප්‍රවනතාවය  ජනාධිපතිවරයා හදිසියේ ගහෙන් ගෙඩි එන්නා සේ කියන සර්ව පාක්ෂික, සර්ව ආගමික සර්ව බුද්ධිමතුන්ගේ සමුළු කතාවයි. 

සර්ව ආගමික යෝජනා දැනටමත් නව ව්‍යවස්ථා ක්‍රියාවලිය සඳහා ලැබී ඇත. බුද්ධිමතුන්ගේ යෝජනා දැනටමත් ලැබී ඇත. සර්ව පාක්ෂික යෝජනා පමණක් නොව මහජන යෝජනාද අතුරු වාර්තාවේ ලිඛිතව දැක්වේ. එසේ නම් තව දුරටත් මල්ල ඔබ ඔබා කල් මැරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත. සියළු පක්ෂ වල යෝජනා ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයට දී ඇත් නම් තවත් සර්ව පාක්ෂික සමුළු තියන්නේ අහවල් ලබ්බකටද? දැන් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විවාද කර නව ව්‍යවස්ථාවේ කෙටුම්පත සකසා ගැනීමයි. ඊට තුනෙන් දෙකේ ඡන්ද ලබා ගැනීමට ක්‍රියා කර ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමයි. ජනමත විචාරණය ජය ගැනීම සඳහා මහජනතාව දැනුවත් කරන දැවැන්ත  ප්‍රචාරක වැඩ පිළිවෙලකට සූදානම් වීමයි. 

එසේ නොමැතිව ව්‍යාජ සර්ව පාක්ෂික සමුළු කැඳවීමෙන් කරන්නේ පාර්ලිමේන්තුව තුල සිදුවන ක්‍රියාවලිය අඩපණ කිරීම පමණක් නොව ජනතාව ව්‍යාකූල කිරීමත් ඒ මගින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තව දුරටත් කල් දමා ගැනීමය. 

අධිකරණයේ විසඳා ගැනීමට නියමිතව තිබූ සයිටම් ප්‍රශ්නය ජනාධිපතිවරයා විසින් අවිධිමත් සාකච්ඡා කැඳවා කැඳ හැලියක්, අවුල් ජාලයක් බවට පත්කළා සේ පාර්ලිමේන්තුව තුල නිල වශයෙන් විසඳා ගෙන පසුව ජනමත විචාරණයකින් පොදු වශයෙන් විසඳා ගැනීමට තිබෙන නව ව්‍යවස්ථාවද ජනාධිපතිවරයා කැඳවන කිසිදු නිල භාවයක්ද පොදු භාවයක් ද නොමැති සර්ව සමුළු මගින් අවුල් ජාලයක් කැඳ හැලියක් වන බව ඉන්තේරුවෙන්ම කිව හැකිය.

මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් ජනවාරි 8 සිටි යහපාලන ජනාධිපතිවරයා යයි සිතාගෙන සිටින්නෝ ඒ මුලාවෙන් ගැලවීමට කාලය පැමිණ තිබේ. ඔහු ගුණමකුවෙකි. මුහුණට එකක් කියා පසුව තවෙකක් කරන දෙපිටකාට්ටුවෙකි. ඔහුගේ කපටි අභිලාශයන් පරාජය කිරීමට ඍජුව ක්‍රියා කළ යුතුය. ඔහු පෙන්වන රාජපක්ෂ බිල්ලාටත් ඔහුටත් එකම හැන්දෙන් බෙදීමට ජනවාරි 8 යහපාලනප්‍රේමී බලවේග සූදානම් විය යුතුය. මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන තම බලය රැක ගැනීම සඳහා රාජපක්ෂ බිල්ලන් සමග පමණක් නොව ඕනෑම විසකුරු බලවේගයක් සමග නුදුරු දිනයේම සම්මුති ගසන එක සිකුරු නිසා ය. 2015 ජනවාරි සිට ජූලි වන විටම ජාතිවාදී බලවේග සමග එකම ලැයිස්තුවකින් ඡන්දය ඉල්ලීමට  ලැජ්ජාවක් නොතිබූ මෛත්‍රීපාල සිරිසේනට වසර 3 ක් ගතවීමෙන් අනතුරුව යලිත් එවැන්නක් කිරීමට නොහැකි ලැජ්ජාවක් ඇතැයි සිතන්නෝ දේශපාලන අබ්බයෝ ය. 

-විමල් ධීරසේකර විසිනි-

---------------------------
by     (2017-10-31 03:25:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  8 discussion on this news

සියළු පක්ෂ වල යෝජනා ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයට දී ඇත් නම් තවත් සර්ව පාක්ෂික සමුළු තියන්නේ අහවල් ලබ්බකටද මෛත්‍රීපාල?
-- by නාලිනී on 2017-10-30

විමල් ධීරසේකර මහතා කියා ඇත්තේ සහතික ඇත්තය. මොහු පොදු අපේක්ෂකයා ලෙස ආවේම රාජපක්ෂලාගේ ඔත්තුකාරයෙකු ලෙසය. මංගල සමරවීරද චන්ද්‍රිකාද ඊට වගකිව යුතුය. එකදු හොරෙක්වත් රාජපක්ෂ කෙනෙකුවත් අල්ලන්න නොදෙන්නේ සිරිසේන මිස රනිල් නොවේ.. ගෝඨා අධිකරණයට ගෙනා ගමන් මොහුට ගිය කේන්තියෙන් එය පැහැදිලිය. අන්තිමේ ඒ ගෙනා අල්ලස් කොමිසමේ ලොක්කිව මොහු ගෙදර යැව්වේ ය. අලුතින් පත් කළ එකා එකෙක්වත් ඇල්ලුවේ නැත. ඒ ඇයි මොහු කී නිසාය.
-- by Ravi on 2017-10-30

2015ජනවාරි 8 අපට වැරදුණා. අපි ජාතියෙන් ම සමාව ඉල්ලනවා. ඔව් ආයෙත්..... ආයෙත් ඉල්ලනවා.
-- by Openmind on 2017-10-31

මොනව හඳුනාගන්නද දැන්? මේකා දෙපිටකාට්ටුවෙක් කියලා මං නම් අඳුනාගත්තේ රනිල් එළවන්න සිරිකොතට ගල් ගහපු ශිරාල් ලක්තිලකව මේකා තමුන්ගේ ලේකම් කෙනෙක් කර ගත්ත දවසේ.. මේ ලෝකේ බල්ලෙක් කරන වැඩක්ද මූ කෙළේ?
-- by රංග on 2017-10-31

හැමදාමත් ලංකා ඊ නිව්ස් එකේ විමල් ධීරසේකර ලේඛකයා තමයි අනාගත දේශපාලනය ගැන හරිම දේ කිව්වේ.. අදත් කලින්ම සිරිසේන මහත්තයාට විරුද්ධව ලියලා තියෙන්නෙත් විමල් ධීරසේකරම තමයි. බලන්නකෝ තව ටික දවසකින් අනික් විචාරකයොත් සිරිසේන මහත්තයාගේ පළු අරිනවා.. සිරිසේන මහත්තයා තමුන්ගේ කපටිකම් කළා වැඩියි. දැන් කවුරුත් එයා කපටියෙක් කියලා දන්නවා. විශ්වාසයක් නෑ
-- by Brayan on 2017-10-31

This president already done a massive damage to our mother land I curse him and all SL citizens should pray for his death immediately same like R Premadasa
-- by Khan on 2017-10-31

ඕං රීරීරීරීංංංංංංංංංං කට්ටු කට්ටු මේ සිරිසේන නැමැති බල්ලා සහ උෟව අන්දවාගෙන මේ සියලු නොපනත් කම් බලට උල් පන්දම් දෙන උන් මක බෑ වේවා, හැඳි ගෑ වේවා, සාප වේවා, භංග වේවා, අතු ගෑ වී යත්වා, මාරාන්තික රෝගයක් සෑදී අපා ගත වේවා, කාලි මෑනියන්ගේ සාපයට ලක් වේවා, කාස රක්ත පිලිකා උදර ලය වකුගඩු හෘද ලේ පෙනහලු ආදී ස්ථාන වල ජරා සුවකල නොහැකි රෝගයක් සෑදි මෙලොවින් මකබෑ වේවා. ලක්ෂ 62 ක ජනතාවක් රැවටීමට ලක් කිරීම නිසා හැට දෙලක්ෂ වාරයක් අවීචි මහා නරකයේ ඉපදී හැට දෙලක්ෂ වාරයක් යම පල්ලන් විසින් උගුරට ගිනි ලෝදිය වැක්කෙරෙනු ලබන සාපයට ලක් වේවා. ඉදින්මේ කලකන්නි නරයින් රැල මේ සාපයනේ ගැලවීමට නම් ඉදිරි මාස 6 ඇතුලත පොරොන්දු වූ පරිදි කටයුතු කල යුතුමය. ඒස්වාහඃ ඉෂ්ඨ සිද්ධියි.෴
-- by silva on 2017-10-31

Weel Done ! Wimal , Me , Gam-Kabara , Gon- We------Putha , Hithagena Inne , Eelanga [ Next ] Janadhipathi Waranen , Nawatha Balayata Entada ? Nodaking ! me wage Gon-Bijjek, puduma wenta deyak na , Mu Polonnaruwa kiyana Paththe Hitapu , Pasu -Gami , "Grama - sewak " Pa----yekne. Me Para-Ballata , mama Chande dunne, kamaththakin newei. Mekata waga kiyanta one ara Kalakanni " Chandrika " kiyana Mala-Honthuwa. Mage therima wune Garu Sobhitha Hamuduruwo. Oya anga purama Mole thiyena Gamini Viyangoda / Victor Ivan [ " Ravay " Paththare ] la Sobhitha Hamuduruwo enawata wiruddha wune, Un - Wahanse Janadhipathi thanathurata path wunoth , Lankawa , " Agamika - Rajyayak " wei kiyalane . Dan oya kiwwuwa kattiyata , Mara Somi athi . Ane apita inna Buddhimathun.
-- by Bandula on 2017-11-01

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links