~

ලංකා ඊ නිව්ස් විනි-සොරෙකු ලෙස නම් කළ තවත් තක්කඩි හඩුකාරයෙකුගේ වැඩ තහනම්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.01,  පෙ.ව‍‍‍‍.8.20) රටේ අධිකරණ පද්ධතිය වනසන විනි-සොරුන් සිටින බවත් උන් කව්දැයි නමින් හඳුන්වාදෙමින් ලංකා ඊ නිව්ස් කළ හෙළිදරව් කිරීම් යලිත් වතාවක් සනාථ කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අප 2016 දී තරම් ඈත දී විනි-සොරෙකු ලෙස හඳුන්වා තිබූ ‘මොහාන් සෙනෙවිරත්න‘ නමැති මහාධිකරණ විනි-සොරාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට තහනම් කර ඇතැයි යුක්තිසංවේගී පුරවැසියන්ට හට මෙයින් දැනුම් දෙනු ලැබේ.

භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේදී   බහුතර තීන්දුව පසෙක ලා ‘ටින්කරින් බාස් තීන්දුවක්‘ දෙමින් සියළු චූදිතයන් සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරමින් කිසිදු වරදක් කර නැතැයි ප්‍රකාශ කළ ශිරාන් ගුණරත්නගේ ඒක පුද්ගල නඩු තීන්දුව ලියන ලද දෙදෙනාගෙන් අයෙක් වූයේ මෙකී මොහාන් සෙනෙවිරත්න බව ලංකා ඊ නිව්ස් එකල හෙළිදරව් කෙළේය. ශිරාන් ගුණරත්නද මොහාන් සෙනෙවිරත්නද ඔවුන්ට උදව් කළ දමිත් තොටවත්ත යන තිදෙනාම ලංකා ඉතිහාසයේ හිටපු නීචතම අගවිනි-සොරා වූ සරත් නන්ද සිල්වාගේ ගෝලයෝ බවත් සරත් එන් සිල්වා නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් සිට මහාධිකරණ විනිසුරු ධූර වලට එක එල්ලේම උඩින් පාත් වූ අය බවත් ලංකා ඊ නිව්ස් එදින වාර්තා කෙළේය.

කෙසේ වෙතත් ඊයේ අධිකරණ සේවා කොමිසමේ නියමය මත මොහාන් සෙනෙවිරත්න විනි-සොරාගේ වැඩ තහනම් කෙළේ එකී කාරණාව මත නොවේ. ඒ ඔහු දිගු කලක් තිස්සේ නඩුකාර කම වේසා කමේ යොදවමින් විනි-සොරෙකු ලෙස කරන ලද ක්‍රියාකාරකම් ගැන දීර්ඝව කරන ලද විමර්ශනයකින් පසුව ය. 

මොහු දකුණේ හම්බන්තොට, ගාල්ල, බලපිටිය ආදී මහාධිකරණ වල රාජකාරී කර ඇති අතර ඒවායේ දී අල්ලසට ඇප ලබා දීම, නඩු තීන්දු ලබා දීම වැනි නීච ක්‍රියා රැසක් සිදුකර තිබිණ. බලපිටියේ සිටියදී ‘හෙලන්‘ නමැති මොහුගේ අනියම් නීතිඥ පෙම්වතියක් සමග එකතු වී අල්ලසට ඇප ලබා දීම, නඩු තීන්දු ලබා දීම සිදුකර තිබිණ. මොහු ගාල්ලට මාරු වී පැමිණි විට ‘හෙලන්ද‘ ගාල්ලට පැමිණ බලපිටියේ සෙල්ලම දිගටම කරගෙන ගියේ ය. මොහු හම්බන්තොට සිටියදී ඔහුගේ පැරණි නිතිඥයෙකු වන ‘ෆයිසාල් කසීම්‘ නමැත්තෙකු සමගද අල්ලසට ඇප ලබා දීම, නඩු තීන්දු වෙනස් කිරීම සිදුකර තිබිණ. අධිකරණයක සිටි ලඝු ලේඛිකාවකට ලිංගික බලපෑම් කිරීමේ චෝදනාවක් ද මේ විනි-සොරාට එරෙහිව තිබිණ.  

මේවා ගැන සාක්කි සහිත පැමිණිලි කොමිසම වෙත ලැබී තිබුණු නමුත් දිගු කලක් තිස්සේ එම පැමිණිලි යටපත් කර ගැනීමට මොහු සහ අධිකරණ සේවා කොමිසම තුල පෙර පැවැති මාෆියාව ක්‍රියා කෙළේය. කෙසේ නමුත් දැන් අධිකරණ සේවා කොමිසම මාධ්‍ය වාර්තා අනුව පවා විනිසුරුවරුන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ විමර්ශනයේ යෙදෙන තරමට ස්වාධීන වී ඇති බැවින් මොහාන් සෙනෙවිරත්නට තව දුරටත් ආරක්ෂා වී සිටීමට නොහැකි වූ අතර ඊයේ (31) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි විනි-සොරාගේ වැඩ තහනම් කෙරිණ.

වැඩ තහනමින් නොනැවතී මොවුන් අල්ලසින් උපයා ගත් දේපොල රාජසන්තක කිරීමට කටයුතු කරන ලෙසද වගකිවයුත්තන්ට බලපෑම් කළ යුතුය.

සබැඳි පුවත
දුමින්ද සිල්වලා කිසිදු වරදක් කර නැතැයි ‘ටින්කරින් බාස් තීන්දුව‘ ලීවේ නඩුව ඇහුවේවත් නැති වෙනත් විනි-සොරෙක් 

---------------------------
by     (2017-11-01 03:23:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

මොහාන් සෙනෙවිරත්න බල්ලාගේ අනියම් සැප කඳ හෙලන් නොව. ඇයගේ නම හෙලනි ඩි සිල්වාය. Helani De Silva කියා ගූගල් කරොත් මුහුණු පොතෙන් මෙකී අඟන පෙනෙන අතර මොහාන් සෙනෙවිරත්න යාගේ පමණක් නොව මෙකී නොකී හුදී පිරිමි ජනයාගේ ජනනේන්ද්‍රිය තිගැස්සෙනවා නියතය. මැයගේ උපන් ගම අම්බලන්ගොඩ වන අතර මුලින් බලපිටිය උසාවියේ ප්‍රැක්ටිස් කල මෑ ඇයගේ දූෂිත ක්‍රියා කලාපය නිසා බලපිටියෙන් පලවා හරින ලදි. දැං ස්ථීර තැන මාතර අධිකරණය වේ. විවාහ දෙකකින් දික්කසාද වී ඇති මැය මොහාන් බල්ලා සමග යුක්‍තිය විකුණා මුදල් හම්බ කිරීමෙන් පසුව සුදු අළුත්ම අළුත් බෙන්ස් රථයකින් මාතර සැරිසරයි. විජය රේඩියෝ
-- by vijaya radio on 2017-11-01

නීතිපති එකේ ඉන්න එවුං ඔහොමම තමයි. මොහාන් සෙනවිරත්නයා ගස් බල්ලා HCB/584/3 නඩුවෙන් රුපියල් ලක්ෂ 30 ක ජරාවක් කාලා තමා විත්තිකාරයෝ දෙන්නා නිදහස් කලේ. මූට විතරක් නෙවෙයි මූ කාපු ජරාව වලින් ඇමරිකා යවපු දුවටත් හෙණ ගහන්න ඕනා. ලැජ්ජ නැති පරයා. මදුමාලි ලියනගේ.
-- by madhumali liyanage on 2017-11-04

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links