~

මෙන්න මෙන්න සිරිසේනත් පට්ට දූෂිතයෙක් හොර පාරෙන් ශ්‍රෙෂ්ඨාධිකරණ නඩුකාරයෙක් කරන්න හදනෝ...!!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.10, පෙ.ව.11.00) මහාධිකරණ විනිශ්චකාරවරයෙක්ව සිටියදී දුෂණ චෝදනා රාශියකට හිමිකම් කියු එම්. එම්. ඒ. ගෆුර් මහතා එම චෝදනා සම්බන්ධයෙන් කිසිදු වග විභාගයකින් තොරව 2016 සැප්තැම්බර් මාසයේදි එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක් වශයෙන් පත් කරනු ලැබිය. මෙම පත් කිරීම එවකට පැවති 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රකාරව සිදුකරනු ලැබුවක් වු අතර අභියාචනාධිකරණ විනිශ්චකාරවරයෙක් වශයෙන් ගෆුර් මහතාගේ පත් වීම අධිකරණ ක්ෂේත්‍රයේ හා නීති ක්ෂේත්‍රයේ දැඩි විවේචනයකට ලක් වුයේ ය. 

රාජපක්ෂ මහතා විසින් ගෆුර් මහතා එසේ පත් කරන්නට කටයුතු කරන අවස්ථාවේදී මාධ්‍ය විසින් ගෆුර් මහතාගේ දූෂණ සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරන ලදී. එනම් ගෆුර් මහතා අවසාන වශයෙන් මහාධිකරණ විනිශ්චකාරවරයෙක් වශයෙන් මීගමුව මහාධිකරණයේදී නිකුත් කළ ඇප තීන්දුවක් සම්බන්ධයෙනි. මත්ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනෙකු සම්බන්ධයෙන් ඇප අයැදුමක් ගොනු කර තිබු අතර ගෆුර් මහතා අභියාචනාධිකරණට පත් කිරීමට යන බවට කතා බහ ඇති වීමත් සමග එම නඩුව මෝසම් පත්‍රයක් මගින් අධිකරණයෙන් කැඳවා ඇප ලබා දෙන ලෙසට ඉල්ලිමක් කරන ලදී. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ අධිනීතිඥවරයා දැඩි ලෙස විරුද්ධ වු අතර කොළඹ නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරන ලදී. කෙසේ වෙතත් ගෆුර් විනිශ්චකාරවරයා විසින් එම ඇප අයදුම්පත් වෙනුවෙන් ඇප ලබාදීම සිදුකෙළේය. 

මෙම සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණය වීම සහ අභියාචනාධිකරණට ඔහුගේ නම යෝජනා වීමත් සමග ගෆුර් විනිශ්චකාරවරයා තවත් අපුරු නියෝගයක් එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබුවේය. ඔහු රජයේ අධිනීතිඥවරයාට එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නැවතත් මෝසමක් ගොනු කොට එම ඇප නියෝග අත්හිටුවන ලෙස නියෝග කොට ඇත. කෙසේ වෙතත් රජයේ අධි නීතිඥවරයා එයට එකඟ නොවී ඇති අතර ගෆුර් විනිශ්චකාරවරයා විසින්ම එම ඇප නියෝග අත්හිටුවමින් තවත් නියෝගයක් සිදු කර ඇත. 

මෙම අපූරු තීන්දු ලබාදීම සිදු කර ඇත්තේ ඔහු අභියාචනාධිකරණයට පත් කිරීමට සුමානයකට දෙකකට පෙරය. මාධ්‍ය විසින් මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබු හෙළිදරව් කිරීමත් සමග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුව දිව්රුම් දීමට කැඳවා එම දිව්රුම් දීමේ උත්සවය කල් දමනු ලැබුවේය. කෙසේ වෙතත් දින කිහිපයකට පසුව රාජපක්ෂ මහතා විසින් නැවතත් ඔහුව අභියාචනාධිකරණයට පත් කෙළේය.

අදවන විට ගෆුර් මහතා අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතාවය ප්‍රකාරව සිව්වන ස්ථානයේ කටයුතු කරයි. එසේ සිව්වන ස්ථානයේ සිටින ගෆුර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිර්දේශ කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙතට ඉදිරිපත් කොට ඇත. 

මෙසේ චෝදනා වලට ලක් වූ විනිශ්චකාරවරයෙකු මෙන්ම  ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිව්වන ස්ථානයේ සිටින පුද්ගලයා ජනාධිපතිවරයා විසින් මෙරටෙහි ඉහළම අධිකරණයට නිර්දේශ කිරීම ම හාස්‍ය ජනක කරුණක් මෙන්ම ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් යහපාලන පොරොන්දු ද කඩ කිරීමකි. මෙම නිර්දේශ මගින් පැහැදිලිව පෙනී යන්නේ වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර බොහෝ කාරණා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක වෙනසක් හෝ පරිණතභාවයක් නොමැති බවත් හුදු තමන්ට පුද්ගලික වූ කාරණා මත ඔහේ කටයුතු කරන බවයි. 

රටේ ජනතාවගේ ප්‍රධාන අභිලාශයන් අතර පිරිසිදු සහ ස්වාධීන අධිකරණයක් ප්‍රමුඛ ස්ථානයෙහි ඇත. ජනාධිපතිවරයාගේ පොරොන්දු මල්ලෙහි සහ ඔහු යම් යම් තැන් වල කරන ලද බර සාර කථා වල පිරිසිදු සහ ස්වාධීන අධිකරණයක් බිහි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් මෙම නිර්දේශ දෙස බැලීමේදී පෙනෙන්නේ ජනාධිපතිවරයා සිටින්නේ වෙනත් ස්ථානයක බවයි. ඇත්ත වශයෙන්ම 2015 ජනවාරි 08 වන දින ඇති වූ පරිවර්තනයත් සමග රටේ ජනතාවගේ එක් ඉල්ලීමක් වුයේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව සිදුකරනු ලැබූ පත් කිරීම් සියල්ල අහෝසි කොට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාදායක සභාව හරහා එම පත්වීම් නැවත සලකා බලන ලෙසයි. එයට ප්‍රධාන හේතුව වුයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් කරනු ලැබු පත් විම් හුදු දේශපාලන අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීමේ අභිමතාර්ථයෙන් සිදු කරනු ලැබු පත් කිරීම් බවට පෙනී ගොස් තිබූ නිසා ය.

ජනාධිපතිවරයා තමාගේ ඍජුභාවය, අවංකභාවය, පරිණතභාවය සහ දුරදක්නා ඥානය ගැන ප්‍රසිද්ධ සභාවල දොඩවන කථාවලට පමණක් සීමා නොකට ක්‍රියාවෙන් ඔප්පු කිරීමට කටයුතු කළ යුතුය. ‘වෙනසක්‘ මගින් රටේ ජනතාව බලාපොරොත්තු වුයේ එහි ක්‍රියාත්මකභාවයයි. එසේ නැත්නම් ජනාධිපති විෂයෙහිලා ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුත්තේය‘ යන ආප්තෝපදේශය අදාළ වනු ඇත.

ප්‍රසාද් දේවගේ

පසු සටහන

මේ නඩුකාරයා ගැන ලංකා ඊ නිව්ස් 2014 සැප් 14 දා අපූරු හෙළිදරව්වක් කර තිබේ. ඒ අනුව මේ අපූරු ඇප දීම කර ඇත්තේ කෝටි එක හමාරක පගාවකටය. මොහුට එරෙහිව ළමා අපචාර චෝදනාවක් ද තිබී යට ගසා ඇතැයිද වාර්තා වේ. එකී පුවත පහත දිගුවෙන් කියවන්න  

මීගමුව මහාධිකරණ විනි-සොරා ගෆූර් අභියාචනාධිකරණ විනිසුරු දිවුරුමට පෙරදා කුඩු නඩුවකින් රුපියල් කෝටි එක හමාරක් පගාව අරන්: පගාවෙන් ගානක් රාජපක්ෂලාට නෙැලබීම නිසා දිවුරුම නවතා හරවා යවලා

---------------------------
by     (2017-11-10 05:56:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ජනාධිපතිවරයා තමාගේ ඍජුභාවය, අවංකභාවය, පරිණතභාවය සහ දුරදක්නා ඥානය ගැන ප්‍රසිද්ධ සභාවල දොඩවන කථාවලට පමණක් සීමා නොකට ක්‍රියාවෙන් ඔප්පු කිරීමට කටයුතු කළ යුතුය. ‘වෙනසක්‘ මගින් රටේ ජනතාව බලාපොරොත්තු වුයේ එහි ක්‍රියාත්මකභාවයයි. එසේ නැත්නම් ජනාධිපති විෂයෙහිලා ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුත්තේය‘ යන ආප්තෝපදේශය අදාළ වනු ඇත.
-- by Senadeera on 2017-11-10

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links