~

ලංකා ඊ නිවුස් වෙත පිවිසීම අවහිර කිරීම යහපාලන සළුපිළි උනා දැමීමක්.! - ලංකා ගුරු සංගමය

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.11, ප.ව.1.10) ලංකා ඊ නිව්ස් වෙත පිවිසීම ශ්‍රී ලංකාව තුල අවහිර කිරීම රජයේ  යහපාලන සළුපිළි උනා දැමීමක් යැයි ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ගේ අත්සනින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිදහස තහවුරු කිරීමට පොරොන්දු දෙමින් බලයට පැමිණි රජය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ අවහිර කර තිබීම ලංකා ගුරු සංගමය දැඩි පිළිකුළින් යුතුව හෙළා දකී. වත්මන් රජයේ සමහර ක්‍රියාවන් පිළිබඳව සිදුකළ විවේචන හේතුවෙන් මෙම වෙබ් අඩවිය වාරණය කර ඇති බව පැහැදිලි කරුණකි. 

රාජපක්‍ෂ රජයේ පැවති මර්දනකාරී, භීෂණකාරී වාතාවරණය පිටුදැක ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනයක් තහවුරු කිරීමට බලයට පැමිණි වත්මන් රජය විවේචන ඉවසාගත නොහැකිව මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාවල නිරත වීම කනගාටුදායක තත්වයකි. සෑම මාධ්‍ය ආයතනයක්ම තමන් දරණ මතයේ සිට තොරතුරු වාර්තා කිරීම සිදු කරයි. එවැනි විරුද්ධ මත ඉවසීම පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගයක් වන අතර විරුද්ධ මත මර්දනයට කටයුතු කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාවකි. 

වර්තමාන රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කිරීමේ පළමු අවස්ථාව මෙය නොවන අතර, පසුගිය කාලයේ දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස කටයුතු කළ රජයේ යහපාලන සළුපිළි උනා දැමූ තවත් එක් අවස්ථාවක් ලෙස මෙම මාධ්‍ය වාරණය පෙන්වා දිය හැකිය. 

මේ තත්වයට දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය ලංකා ඊ  නිවුස් වෙබ් අඩවිය අවහිර කිරීම ඉවත් කර ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවුරු කරන ලෙස බල කර සිටී. 

මෙයට

ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරු සංගමය

---------------------------
by     (2017-11-11 07:57:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

මෙම බෙබ් තහනම පිටුපස විරැද්ධ මත නොඉවසීමට එහා ගිය සිරිසේනගේ හොරකම වංචාව දූෂනය එලිදරව් වීම වැලැක්වීමේ උත්සාහයක් තිබේ. සිරිසේන හා කිලී මහරාජා අතර තිබෙන යුධ නැව් ගනුදෙනුව, සංඛාත මගඩිය, වෑගපිටිය අර්ජුන හා සිරිසේනගේ දූලා බෑනලාගේ තෙල් ව්‍යාපාරය අතට ගැනීමේ කූට උත්සාහය, සින්නයියා මාසයෙන් ගෙදර යැවීම, ව්‍යවස්ථා සෑදීම කකුලෙන් ඇදීම, විධායක බලය අහෝසි නොකිරීමේ කුමන්ත්‍රනය, රාජපක්ෂ සමයේ සොරැන්ව ආරක්ෂා කිරීම ආදී සිරිසේනගේ කප්පරක් දූෂන වංචා ඊ නිව්ස් මගින් එලිදරව් කරමින් තිබුනි. ආන්න ඒ හඬ යටපත් කිරීම සඳහා තමයි මේ දේ කලේ. මේකාට මේ විදිහට යන්ඩ ඉඩ දුන්නොත් මේකා රාජපක්ෂලාගේ වහලුන් ටිකත් ලංකරගෙන අපිට තවත් හිසරදයක් බවට පත්වේ. අවසානයේ කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තා වගේ වැඩක් තමයි රටේ ජනතාවට වෙන්නේ. ඒ නිසා සියලු දෙනා මේකට විරැද්ධව පෙල ගැසිය යුතුයි. මෙය ජාත්‍යන්තර අවධානයට ලක් කල යුතුයි. මේ නැති කරන්නේ අපගේ තොරතුරැ දැනගැනීමේ අයිතියයි. මේ අන්ධ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සව්වැනි ඇසයි. එම සිව්වැනි ඇස නොමැති ප්‍රජාතන්ත්‍රවාදය කොරාගේ සහ අන්ධයාගේ කැඳ හවුල මෙන් ඉබාගාතේ යන මරගාතයක් බවට පත්වේ. මම මුල ඉඳලාම දරපු මතය තමයි එදා චන්ද්‍රිකා කබාසිනියා කරප රට අවුරැදු දෙකෙන් රනිල් ගොඩදාල දීපුවහම මුන් ඒක ආයෙත් උදුරගත්ත වගේ මහින්දයාට බැරි වෙනකොට අවුරැදු දෙකකින් බොරැ චන්දයක් තියල රනිල්ට අත යටින් රට දීල දැන් ජාත්‍යන්තර ප්‍රශ්න, යුධ අපරාධ කෙස්, මානව හිමිකම් සහ ආර්ථික ගැටලු යම් පමනකට සංසිඳවගෙන තීරනාත්මක ඉදිරි පියවර ගන්ඩ හදනකොටම මුං ඒක කඩා කප්පල් කරල ආන්ඩුව අවුල් කරල ඒකෙ බලය ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු එදා ඉඳල මේ රට කාල කාබාසිනිය කරපු කාලකන්නි හැතිකරේ අතට ගන්ඩයි මේ හැරෙන්නෙ. එදා රනිල්ගෙ ආන්ඩුව වට්ටන්ඩ මට අද වගේ මතකයි මුන ඉස්සෙල්ලම ගත්තෙ ජනමාධ්‍යයි මුන්ගෙ අතට. අද එදාට වඩා වෙනස්. මුන්ට ඉන්නව මුන්ගෙම කියල මාධ්‍ය වහල්ලු ටිකක්. රටේ ජනතාවට තියෙන ලොකුම හයිය සහ මුන්ට තියෙන ලොකුම හිසරදය තමයි ඊ නිව්ස් එක. මුං මේ මුට්ටිය දාන්නෙ ඒක වහගන්ඩයි. ජාත්‍යන්තරයෙනුත් යුධ අපරාධ ආදී ප්‍රශ්න ටික නිකම්ම අත ඇරල දාන්න හොඳ නෑ. මොකද අත බුරැල් කරපු ගමන්ම මුං පරන පුරැදු ජල්ලි ටිකම අල්ලන්ඩ පටන් ගන්නව. ඊලඟ ජාත්‍යන්තර සමුලු වලදි සිරිසේනව පොරොන්දු කඩකරපු වංචාකාරයෙක් ලෙස බැලැක්ලිස්ට් කරල දාන්ඩ ඕනැ. තොරතුරැ දැන ගැනීමේ පනත සම්මත කරපු රටක් හැටියට මේක කරපු දේ දිවි නසා ගැනීමක් වගේ වැඩක්. මේකෙන් රටේ රේටිංග්ස් බහිනව අඩියටම. සිරිසේනය මඩ මඩ කිය කිය ඇද ගෙන නෑවට ඊනිව්ස් වල කිසිම මඩක් නෑ. ඒ වගෙම රවි කරැනානායකට හෝ එජාපයට විෙශ්ෂ ලැදියාවක් නෑ. ඇත්තම කියනවනම් පහුගිය ජනාධිපතිවරනය කාලෙ රනිල් ගැන ඊ නිව්ස් පල කල දේවල් රනිල්ට ගොඩක් එරෙහිව තමයි පල වුනේ. ඒ ගැන මංම ඊනිව්ස් සෑහෙන්ඩ විවේචනය කලා. මේ රජයේ රවිලා, කිරිඇල්ලා, රනිල්ලා වා සිරස විසින් අසාධාරන සහ බොරැ විවේචනයන්ට ලක් කරන ආකාරය දකින විට හරිනම් තහනම් කරන්ඩ තිබුනේ ඊනව්ස් නොව සිරසය. නමුත් සිරස රෙදි උනා ගෙන කඩේ යමින් අදින්නෙ සිරිසේනගේ කොන්ත්‍රාත්තුවක් නිසා එය සිරස තහනම් නොකෙරේ. සිරිසේනගේ රහස් සංඛා්‍යත නම් වූ සිරසේ තුප්පහි කඩප්පුලි මාධ්‍ය භාවිතාවය ගැන වෙනම දවස් ගානක් කතා කල යුතු මාතෘකාවකි. තම මව සොයන ෙෂරී ඇචේසන්වද විකුනාගෙන කන සිරිසේනගේ සිරස යනු ලංකාවේ මාධ්‍ය භාවිතය ගනිකා ගතකර රටේ මාධ්‍ය පිලිවඳ තිබූ පරිකල්පනය පාදඩකරනයට ලක්කල මාධ්‍ය අබග්ගයෙකි. ලංකාවේ සිටිනා හොඳම මාද්ය සක්කිලියෝ ටික සිටිනුයේ සිරිසේනගේ රහස් සංඛ්‍යාත කඩමාල්ලෙහිය.
-- by silva on 2017-11-11

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links