~

එල්ටීටීඊ මහවිරු සොහොන් හදන්න මහජන මුදල් රු.ලක්ෂ 40 ක් වියදම් කරයි

(ලංකා ඊ  නිව්ස් -2017.නොවැ.23, ප.ව.9.05) කිළිනොච්චියේ කනකපුරම් ප්‍රදේශයේ තිබූ එල්.ටී.ටී.ඊ.සොහොන් බිම විනාශයට පත්ව ඇති නිසා මෙවර මහවිරුදිනය සැමරීමට නව සොහොන් බිමක් ඉදි කිරීමට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබාදී ඇත.

මන්ත්‍රීවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල ලබා දී ඇති අතර ඒ සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඊට අනුමැතියද ලබාගෙන තිබේ.

කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ මෙම එල්.ටී.ටී.ඊ. සුසාන භූමිය ඉදිකිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබී ඇති අතර කිලිනොච්චියේ ආරක්ෂක අංශ කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්ව තිබියදී රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතන කිලිනොච්චිය තුල එල්.ටී.ටී.ඊ. සුසාන භූමියක් ඉදිකිරීමට අවසර දීම පිලිබඳව රජයේ උසස් නිලධාරීන් ඔවුන්ට හෝ එම ආයතන වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම විශාල ප්‍රශ්නයක් බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ලබන 27 වෙනිදා මෙම ස්ථානයේදී මහවිරු සැමරුම් උළෙලක් පැවැත්වුවද ආරක්ෂක අංශ වලට නිහඬව සිටීමට සිදුවන තත්ත්වයක්  කිලිනොච්චියේ උදා වී ඇතැයිද ඔවුහු කියා සිටිති.

2009 වර්ෂයේදී මෙම ස්ථානයේ තිබූ සොහොන් බිමේ එල්.ටී.ටී.ඊ. සොහොන් කොත් 97 ක් තිබූ බවත් මෙම මුදලෙන් එම සොහොන් කොත් තිබූ ආකාරයටම යලි සකස් කරණ බවත් නව සොහොන් බිමේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමට 22 දා එම ස්ථානයට පැමිණි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.

ලබන නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී ඇති එල්.ටී.ටී.ඊ. මහවිරු දිනයට පෙර එම සොහොන් බිමේ වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වුවත් එම ස්ථානයේදී මහවිරු දිනය සැමරීමටත්, ලබන වර්ෂයේදී මෙම සොහොන් බිමේ සියළුම සොහොන් කොත් ඉදිකොට අවසන් කර උත්කර්ෂවත් අන්දමට මහවිරු දිනය සැමරීමට කටයුතු කිරීමටත් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා තීරණය කොට ඇත.

යුද්ධයෙන් නිවාස විනාශ වූ 1,37,000 ක පිරිසක් තවමත් උතුරේ සිටියදී මෙලෙස සොහොන් සඳහා මහජන මුදල් වියදම් කර තිබේ. 

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-23 16:00:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links