~

“මෛත්‍රී අපේ කැම්පේන් එක කෑවා..! දැන් කරන්නේ හතරට නොවැටී සිටීමේ ෆයිට් එක..!“ -නිමල් සිරිපාල කියයි

(ලංකා ඊ නිව්ස් - 2018.ජන.31, පෙ.ව‍‍‍‍‍‍‍‍‍‍‍‍.5.40) එළැඹෙන මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවත් දැන් තම පක්ෂය උත්සාහ කරන්නේ සිව් වැනි ස්ථානයට වැටීම වළක්වා ගැනීමට බවත් ශ්‍රීලනිප උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ තම සමීපතමයන් පිරිසක් සමග පවසා තිබේ. 

රටේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බවත් මහින්ද රාජපක්ෂ දෙවැනි ස්ථානය ලබා ගන්නා බවත් පවසා ඇති නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රීලනිපයේ තම පිරිසට පක්ෂය සිව් වැනි ස්ථානයට වැටීමෙන් වළක්වා ගැනීමට සිදුව ඇති බවත් පවසා ඇත. 

මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති වී ජනාධිපතිවරයෙකුට කිසිසේත් නොගැලපෙන ලෙස කිසිවෙකුගේ උපදෙස්ද නොතකා කරන ලද ප්‍රකාශ වලින් තම පක්ෂය ඉතා පහත් මට්ටමකට ඇද වැටුණු බව පවසා ඇති නිමල් සිරිපාල ද සිල්වා “මෛත්‍රී අපේ කැම්පේන් එක කෑවා“ යි දැඩි හිත් වේදනාවකින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රීලනිපයෙන් රාජපක්ෂලා වෙත තල්ලු වී ඇති පිරිස් දිනා ගැනීම වෙනුවට නුවමනා ලෙස එක්සත් ජාතික පක්ෂයට පහර දීමට ගොස් නිදාගෙන සිටි එජාප පාක්ෂිකයා අවධි කළ බවත් එමගින් ශ්‍රීලනිපයෙන් පොහොට්ටුවට ගිය කිසිවෙකු යලි ශ්‍රීලනිපයට දිනා ගත නොහැකි වූ බවත් නිමල් සිරිපාල කියා ඇත.

කෙසේ වෙතත් මෙම පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී නිමල් සිරිපාල ද සිල්වා  නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර මුලදී ඉදිරියට පැමිණ ක්‍රියා කළ චන්ද්‍රිකා මැතිණියද මෛත්‍රීගේ මෝඩ හැසිරීම් දැක නිහඬ පිළිවෙතකට මාරු වූවා ය. මෛත්‍රීගේ ඉදිරියෙන් සිටින චන්ඩියන් වූයේ වීරවංශගෙන් කැඩී ඉතා මෑතකදී ආ ‘ගොබ්බ සැට්‘ එක සහ පරාජිත එස්බී ය.  

---------------------------
by     (2018-01-31 00:12:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links