සබ්බ පාපස්ස කන්ග්‍රැජුලේෂන්ස්..!

(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.‍12, ප.ව.11.00) මේ දක්වා පාර්ලිමේන්තුවක පස් පාගා නැති අලි සබ්‍රි නම් රාජපක්ෂ පවුලේ නීතිඥවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වීමෙන් අනතුරුව අධිකරණ ඇමැතිධූරය තරම් බලසම්පන්න කැබිනට් ඇමැතිධූරයක් ලැබීමට තරම් "වාසනාවන්ත" විය. දේශප්‍රේමී පොහොට්ටුවාදීන්ගේ ආශිර්වාදයෙන් මුළු ලංකාවෙන්ම දෙවැනි තැනට මනාප ලබා දෙවන වරටත් පාර්ලිමේන්තුවකට පත් වූ මහා රණවිරු අද්මිරාල් සරත් වීරසේකර උන්නැහේටවත් ඒ වාසනාව නැති විය. ඔහුට ලැබුනේ පළාත් සභා පළාත් පාලන වැනි දෙකයි පනහේ රාජ්‍ය ඇමැති කට්ටකි. අලි සබ්‍රි තම කැබිනට් අමාත්‍ය ධූරයේ දිව්රුම් දීමෙන් අනතුරුව එළියට එද්දී මෙතෙක් කාලයක් රණවිරු මාන්දමෙන් පෙළුණු 'මහා සංඝ රත්නය' ගිහියන්ට සෙත් පතන තම  සාම්ප්‍රදායික වත් පිළිවෙත් පවා අමතක වී අතට අත දී අලි සබ්‍රි ඇමැතිතුමාට සුබ පැතූ අන්දම මෙම සේයාරුවේ දැක්වේ. සබ්බ පාපස්ස කන්ග්‍රැජුලේෂන්ස්..!

---------------------------
by     (2020-08-12 18:02:47)