ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන යළි ආරම්භ කෙරේ

(ලංකා ඊ නිව්ස් -2015.සැප්.11, ප.ව.5.45) තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය අළුත්වැඩියා කටයුතු වලින් අනතුරුව 2015.09.05 දින සිට නැරඹුම් දර්ශන සඳහා යළි විවෘත කර තිබේ. 1965 වසරේ පවත්වන ලද කර්මාන්ත ප්‍රදර්ශනයේ එක් විශේෂාංගයක් ලෙස අරම්භ කරන ලද ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය දැන් නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුක්තය.

විද්‍යාව හා තාක්ෂණය ප‍්‍රචලිත කිරීමත්, පාසල් දරු දැරියන්ගේ තාරකා විද්‍යා දැනුම ප‍්‍රවර්ධනය කිරීමත් උදෙසා කටයුතු කරන ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය තුළ 510 දෙනෙකු සදහා ආසන පහසුකම් ඇති අතර  නැරඹුම් දර්ශන වාර පහත සඳහන් පරිදි පැවැත්වේ.

පාසල් දර්ශන  -  අඟහරුවාදා සිට සිකුරාදා දක්වා -පෙ.ව. 10.00 සහ ප.ව. 2.00
මහජන දර්ශන   -  සෙනසුරාදා - පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

ඉරිදා, සඳුදා සහ රජයේ්  නිවාඩු  දිනයන්හි දී වසා තැබේ.

---------------------------
by     (2015-09-11 13:07:27)