(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.01, ප.ව.9.25) වනාන්තර ප්‍රදේශයකින් හමුවූ පනාකඩුව තඹ සන්නස පිලිබඳ ගවේශනාත්මක වාර්තාවක් සඳහා වනාන්තරයට ඇතුළු වී සිටි දෙයියන්දර ජේ.ජේ. රත්නායක මාධ්‍යවේදියා අද (01) වනය තුලදී හදිසි අනතුරකට භාජනය විය.
හදසි අනතුරින් රත්නායක මහතාගේ හිසට සහ කකුලකට තුවාල සිදුවිය.
ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් තුනක් පමන දුරින් පිහිටි අනතුර සිදුවූ කැලෑබද ස්ථානයේ සිට රත්නායක මහතා මහා මාර්ගයක් කරා රැගෙන ඒමට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ගම්වාසීන්ගේ සහ මාධ්‍යවේදී හිතවතුන්ගේ කරපිටින් මහා මාර්ගයට තුවාල කරු රැගෙන ඒමෙන් අනතුරුව මාවරළ දිසා රෝහලට ද පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කරන ලදී
ගවේශනාත්මක මාධ්‍යවේදියකු වෙනුවෙන් පනාකඩුව ගම්වාසීන් දැක්වු සහායට ස්තූතිය පුද කරන බව රත්නායක මහතාගේ ඥාතීන් සහ මාධ්‍ය හිතවතුන් පවසති.
(සේයාරූ සහ වාර්තාව අජිත් ලංකා තිලක අකුරැස්සේ සිට)
---------------------------
by (2015-11-01 20:04:50)