(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.14, පෙ.ව.7.10- තෙවන සංස්කරණය -ප.ව.6.35) පැරිස් නගරයේ ස්ථාන කිහිපයක් මධ්‍යම රාත්රියේදී ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයකට ලක්වීමෙන් 168 ක් සිවිල් ජනතාව මිය ගොස් ඇතැයි ප්‍රංශ රජය පවසයි. ආත්ම නාශක පුපුරුවා ගැනීම් තුනක්, බෝම්බ පුපුරුවා හැරීමක් සහ වෙඩි තැබීම් ස්ථාන තුනක සිදුව ඇති අතර බැටක්ලෑන් නමැති නෘත්‍ය ශාලාවට එල්ල වූ ප්‍රහාරය ඉන් දරුණුතම ප්‍රහාරය විය.
නෘත්‍ය ශාලාවේ සිටි පිරිස ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගත් ත්රස්තවාදීන් ඔවුන්ට වෙඩි තබා ඇති අතර පසුව පුපුරුවා ගැනීම් කරගෙන තිබේ. එහි සිටි තිදෙනෙක් මරාගෙන මැරෙන ජැකට්ටු හැඳ සිටි බව පොලිසිය පවසයි. එම ස්ථානයේ 128 ක් මිය ගොස් ඇත් බවත් අනෙකුත් ස්ථාන වල 40 ක් මිය ගොස් ඇති බවත් ප්‍රංශ නිල වාර්තා පවසයි. නෘත්‍ය ශාලාවට ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන ත්රස්තවාදීන් 3 ක් ද මිය ගොස් ඇතැයිද පැවසේ. මිය ගොස් ඇති සියළු ත්රස්තවාදීන් 5 පමණ වනු ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි.
පැරිස් ජාතික ක්‍රීඩාංගනයේ ජර්මන් ප්‍රංශ සුහද ෆුට්බෝල් තරඟයක් පැවැති අතර එ් අවටද විශාල පුපුරුවා හැරීමක් සිදුකර තිබේ. අවන් හලක වෙඩි තැබීමක්ද සිදුවී ඇත.
රට පුරා හදිසි තත්ත්වයක් පනවා ඇති අතර පැරිස් නගරයට අතිරේක භටයන් 1500 ක් පමණ දෙනා කැඳවා තිබේ. ප්‍රංශයේ සියළුම දේශසීමා වසා දමා ඇත. ගුවන් ගමන් වල වෙනසක් සිදුකර නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු පැරිසිය මුහුණ දුන් විශාලතම ප්‍රහාරය මෙය බව පැවසේ. පැරිසියේ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් වාසය කරති. පැරිස් වාසීන්ට නගරාධිපතිවරයා දැනුම් දෙන්නේ නිවෙස් වලට වී සිටින ලෙසයි. සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට අනතුරක් සිදුවූ බවක් මේ දක්වා වාර්තා වී නැත.
ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ජර්මානු රාජ්‍ය නායකයන් සිද්ධිය සම්බන්ධයෙන් තම කම්පනය හෙලිකරමින් සිද්ධිය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.
පසු සටහන : වඩාත් විශේෂ කාරණය වන්නේ විශාල මාධ්‍ය නිදහසක් තිබෙන නමුත් ප්‍රංශයේ ජනමාධ්‍ය මෙම සිදුවීම වාර්තා කිරීමේ දී කිසිදු ආකාරයක ජනතාව තැති ගන්වන රූපරාමුවක් වාර්තා නොකිරීමයි.. කැමරා කරුවන් පිස්සන් මෙන් ක්‍රියා නොකිරීම විශේෂත්වයක් විය.
---------------------------
by (2015-11-14 14:30:44)