නෝර්වේ අගමැතිනිය ශ්‍රී ලංකාවට

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.11, ප.ව‍‍‍‍‍‍.11.30) ශ්‍රී ලංකා රජයේ ආරාධනාවෙන් නොර්වේ අගමැතිනිය අර්නා සොල්බර්ග් මහත්මිය හෙට ශ්‍රී ලංකාවට සැපත් වීමට නියමිතය. හෙට (12) දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආචාර වෙඩි මුර පවත්වා ඇයට ගෞරව දැක්වීමක් සිදුකෙරෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇය පිලිගෙන ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වෙනු ඇත. 

ඉන්පසුව ඇය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරේදී හමුවීමට නියමිත අතර විදේශ ඇමැති මංගල සමරවීර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහත්වරුන්ද හමුවීමට නියමිත ය. 

ඇය හෙට සවස ලක්ෂ්මන් කදිරගාමර් සමරු දේශනය පැවැත්වීමට නියමිතය.  

අනිද්දා එනම් 13 වෙනිදා නෝර්වේ අගමැතිනිය මිරිස්ස ධීවර වරාය ව්‍යාපෘතිය නැරඹීමට ද ගාලු කොටුව නැරඹීමට ද යෑමට නියමිත ය.

---------------------------
by     (2016-08-11 21:18:13)