~

ඒකටත් බඩු බනිස්..! පැට්‍රල් වලත් ප්‍රමිතිය බාල කරලා..! මෙන්න සාක්කි..!

-මාණ්ඩලික වාර්තාකරුවෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.ජන.11, ප.ව.9.10) ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෑතක ආනයනය කරන ලද 92 ඔක්ටේන් සහ 95 ඔක්ටේන් පැට්‍රල් වර්ග ප්‍රමිතියෙන් බාල බව දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ගෙන් ලංකා ඊ නිව්ස් වෙත පැමිණිලි ලැබී තිබේ. 

ජනතාව නගන ප්‍රධාන පැමිණිල්ලක් වන්නේ නව පැට්‍රල් වර්ගයෙන් ඊට පෙර ධාවනය කළ කිලෝ මීටර් ප්‍රමාණය ධාවනය කළ නොහැකි බවයි. එක් අයෙක් කියා සිටියේ තමන් පුරුද්දක් ලෙස ෆුල් ටෑන්ක් 92 ඔක්ටේන් පැට්‍රල් වර්ගය යොදා, ධාවන මීටරය බින්දුවට සකසා ධාවනය කරන අතර පෙර දී කිලෝමීටර් 300 ක් ධාවනය කළ දුර දැන් නව පැට්‍රල් වර්ගයෙන් ධාවනය කළ හැක්කේ කිලෝ මීටර් 270 ක් බවයි. තවත් අයෙක් කීවේ වෙනදා 95 ඔක්ටේන් පැට්‍රල් ලීටරයකින් කිලෝ මීටර් 9.5 ක් ධාවනය කළ තම රථය දැන් ධාවනය කළ හැක්කේ කි.මී. 7.5 ක් බවයි. මෙම චෝදනාව අප විමසූ දිවයිනේ විවිධ පළාත් වල සෙවීමක් බැලීමක් සහිත පාරිභෝගිකයෝ එක හා සමානවම එල්ල කරති. අවසානයේ සිදුවන්නේ තමන් පෙර ධාවනය කළ දුර ධාවනය කිරීමට අතිරේක ඉන්ධන ලීටර් කිහිපයක් අවශ්‍ය වීමයි.

දෙවැනි පැමිණිල්ල නම් මෙම නව පැට්‍රල් යෙදීමෙන් පසු වාහනයේ ධාවන ශක්තිය අඩු වන බවයි. ඒ අය කියන්නේ "අලුත් පැට්‍රල් වලින් රථය ඉස්සර වගේ අදින්නේ නෑ" කියා ය. 

තුන්වන පැමිණිල්ල නම් නව පැට්‍රල් යෙදීමෙන් පසු රථය පණ ගැන්වීම ක්ෂණිකව සිදු නොවී අඩාල වී ඇති බවයි. ඔවුන් තමන්ගේ රථයේ බැටරිය පරීක්ෂා කර ඇති අතර බැටරි වල දෝෂයක් තිබී නැත.

මේ සම්බන්ධයෙන් විෂය පිළිබඳ දන්නා අයෙක් කීවේ කාබන් දාමය 6 සිට 16 පමණ දක්වා තිබෙන භූමිතෙල් වැනි වෙනත් මිශ්‍රණයක් පැට්‍රල් වලට මිශ්‍ර කළ විට එහි ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවන බවයි.  මෙම නව පැට්‍රල්වල සැබෑ ඔක්ටේන් අගය 92, 95 නොව 76 ක් පමණ වන බව ඔහුගේ මතයයි.

කෙසේ වෙතත් නියමිත ඔක්ටේන් අගයට වඩා අඩු ඔක්ටේන් අගයකින් යුතු ඉන්ධන යෙදීමෙන් රථ වාහන වල දිගු කාලීනව නොයෙකුත් ලෙඩ ඇති වන බව කාර්මිකයෝ කියති. 

මේ අතර පසුගියදා සකුරායි නම් පුද්ගලික ගුවන් සේවයට අයත් සැහැල්ලු යානා 02 ක් දෝෂයන්ට ලක් වී හදිසියේ පයාගල සහ කටාන යන ප්‍රදේශවලට ගොඩබෑමට හේතු වී ඇත්තේ ද එම ගුවන් යානා වලට බාල ඉන්ධන වර්ගයක් යෙදීම නිසා බව ද වාර්තා වේ.

මෙහි සඳහන් සේයාරුවේ දැක්වෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව දැන් බෙදාහරින 95 ඔක්ටේන් පැට්‍රල් වර්ගයේ වර්ණය වෙනස් වී ඇති බවට සාක්ෂියකි. 

-මාණ්ඩලික වාර්තාකරුවෙක් විසිනි

---------------------------
by     (2022-01-11 15:57:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links