(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.12, ප.ව.7.05) නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකි ලංකා ඊ නිවුස් වාරණය වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනමාධ්‍ය ඇමතිවරයා වහාම පියවර ගත යුතු යැයි ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට එරෙහිව නිවේදනයක් නිකුත් කරන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය පවසයි. එහි සභාපති කරුණාරත්න ගමගේ සහ ලේකම් ධර්මසිරි ලංකාපේලි මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම අවහිර කරන්නට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවතිනුයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිතිවරයා යටතේ ය. ඔහුගේ සහෝදරයා ටෙලිකොම් ආයතන ප්‍රධානියා වේ. එබැවින් මෙම වාරණය සඳහා ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමක් පවතින බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය දැඩිව අවධාරණය කර සිටී.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි ආණ්ඩුවේ නායකයන් ජනමාධ්‍ය මර්ධනය කිරීම වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර මෙය නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය ආයතන හා පුවත් පත් කතුවරුන් නම් කරමින් ඔවුන්ගේ ප්‍රකාශණ අයිතියට බාධා කිරීමට ගත් පියවර රාශියක් ද දිගින් දිගට ම වාර්තා විය. රාජ්‍ය නිළධාරීන්, ආරකෂක හමුදා ප්‍රධානීන්, දේශපාලනඥයන් මග යමින් මාධ්‍ය නිදහසට හා මාධ්‍යවේදීන්ට සිදුකළ බලපෑම් බහුල ලෙස වාර්තා විය.
ජනමාධ්‍ය ආයතන ගිනි තබමින්, මාධ්‍යවේදීන් මරාදමමින්, අතුරුදහන් කරමින්, කෘර ලෙස පහර දෙමින් පසුගිය මහින්ද රාජපක‍්ෂ රජය සිදුකළ දරුණු මර්ධන ක්‍රියා පිළිබඳව ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙසට ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන නිරන්තරව බලපෑම් කරමින් සිටින තත්වයක් තුළ මෙම ඊ නිව්ස් වාරණය දැඩිව හෙළාදැකිය යුතු තත්වයකි. මහින්ද රාජපක‍්ෂ සමයේ ලංකා ඊ නිව්ස් ආයතනයට ගිනි තැබූ අතර එහි සේවය කළ මාධ්‍යවේදීයෙකු වූ එක්නැළිගොඩ අතුරුදහන්කර බොරු චෝදනා ඉදිරිපත් කරමින් එහි මාධ්‍යවේදීන් අත්අඩංගුවට පත්කළ අවස්ථා ද විය.
ලංකා නිව්ස් පිළිබඳව බලවත් විවේචන පැවතිය ද ඔවුනට රාජ්‍ය පාලකයන් දේශපාලනඥයන්, හා අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාවන්, හැසිරීම් පිළිබඳව විවේචනාත්මක වාර්තා පළකිරීමට හා එහි ග්‍රාහකයන්ට ලංකා ඊ නිව්ස් වෙබි අඩවියට පිවිසීමට ඇති අයිතිය වෙනුවෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්ලෙනය දැඩිව පෙනී සිටී.
නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී ලංකා ඊ නිවුස් වාරණය වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනමාධ්‍ය ඇමතිවරයා වහාම පියවර ගතයුතු බව අප සම්මේලනය දැඩිව අවධාරණයකර සිටී.
ධර්මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
කරුණාරත්න ගමගේ
සභාපති
---------------------------
by (2017-11-12 13:42:32)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි