(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.02, ප.ව.11.45) ජනාධිපති මෛත්‍රී තම ජනාධිපති බලතල මඳක් හෝ ඉවත් කරද්දී ජනාධිපතිගේ හයිය අතට ගත් ටෙලිකොම් මොබිටෙල් සභාපති ජනාධිපති සොයුරු කුමාරසිංහ සිරිසේන මොබිටෙල් හි ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියාට (CFO) මරණ තර්ජන එල්ල කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.
මරණ තර්ජන නිසා බියට පත් ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියා (ඔහු අනතුරක වැටී ඇති නිසා නම හෙළි නොකරමු) තම ඉල්ලා අස්වීමේ ලිපිය අද බාර දී සිය පවුලද රැගෙන කොළඹින් පිට ප්‍රදේශයකට පලා ගොස් සැඟවී ඇත.
මෙම සිදුවීම් ජාලය ආරම්භ වන්නේ දැන් මාසයකට පමණ පෙර සිටය.
කුමාරසිංහ සිරිසේන බලහත්කාරයෙන් ටෙලිකොම් මොබිටෙල්හි සභාපති වූ පසු ඒ දක්වා රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කළ, රාජපක්ෂ රෙජීමය සමග එක්ව බරපතල ඝණයේ දූෂනයන්හි යෙදුනු වෑගපිටිය නමැති ව්‍යාපාරිකයා මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂක වරයෙක් ලෙස පත් කර ගන්නේය. ඉන්පසුව රුපියල් මිලියන 200 කට අධික මොබිටෙල්හි ජෙනරේටර් කොන්ත්‍රාත්තුවක් වෑගපිටියට අයත් ලාෆ් ඉන්ජිනියරිං සමාගමට ලබා දීමට තැත් කරන්නේය. එහි ඇති අක්‍රමිකතා හේතුවෙන් මොබිටෙල් ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියා එම කොන්ත්‍රාත්තුව අවලංගු කරන්නේය. වෑගපිටියගේ ලාෆ් ඉංජිනියරින් සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දී කොමිස් කෑමට බලා ගෙන සිටි කුමාරසිංහ සිරිසේන මෙයින් බරපතල ලෙස කෝප වේ.
ඒ හා සමගම කුමාරසිංහ විසින් රුපියල් මිලියන 58 ක ස්ටිකර් කොන්ත්‍රාත්තුවක් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂගේ සියළුම කටවුට් ගැසූ කුමා ස්ටිකර් ආයතනයට ලබා දීමට උත්සාහ කරන්නේ ය. එහිදී ද නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියා විසින් කුමා ස්ටිකර් කොන්ත්‍රාත්තුවද අවලංගු කරන්නේය.
මෙවැනි නීති ගරුක ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියෙකු සිටියහොත් තමාට කිසිදු ගැහිල්ලක් ගහ ගන්නට නොහැකි වන බව තේරුම් ගත් සභාපති කුමාරසිංහ සිරිසේන පසුගිය ජුනි මස මුලදී තම හෙංචා අධ්‍යක්ෂක වෑගපිටිය ලවා ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියාට එරෙහිව පළමු ජීවිත තර්ජනය එල්ල කරන්නේය. එය නම් ජෙනරේටර් කොන්ත්‍රාත්තුව නොලැබීම මත ලාෆ් ඉංජිනියරින් සමාගමේ කළමණාකරුවෙකු මගිනි. ඒ සම්බන්ධ සාක්කි තිබේ.
ඉන්පසුව වෑගපිටිය විසින්ම ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියාද ඇතුළු කළමණාකරුවන් කැඳවා වාචිකව තර්ජනය කරන්නේය. එහිදී “මං කඩුව ඇද්දොත් ලේ ගා ගන්නේ නැතිව එය කොපුවේ දාගන්නේ නෑ. මං පිස්තෝලය ඇද්දොත් බුලට් එකක් පාවිච්චි කරන්නේ නැතිව කොපුවේ දාගන්නේ නෑ. මං ගැන තමුසෙලා දන්නේ නෑ. මට විරුද්ධ වෙන්න එන්න එපා“ ආදී වචන භාවිතා කරමින් ඍජුවම තර්ජනය කරන්නේ අනෙකුත් නිලධාරීන්ට නොව ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියාට ය.
ඉන්පසුව පසුගිය අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී කුමාරසිංහ සිරිසේන සහ වෑගපිටිය දෙදෙනා එකතුව ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියා ඉවත් කිරීමට යෝජනාවක් ගෙන එන්නේය. එහිදී මොබිටෙල් සමාගමේ වැඩි කොටස් හිමි මැලේසියානු අධ්‍යක්ෂක වරුන්ගේ බලවත් විරෝධය නිසා ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියා ඉවත් කර ගත නොහැකි වන්නේය.
ඉන්පසුව කුමාරසිංහ සිරිසේන සහ වෑගපිටිය දෙදෙනා කුමන්ත්‍රණය කර රාජපක්ෂගේ මෘග යුගයේ තියරිය ගෙනැවිත් ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියා හට බරපතල ඝනයේ ශාරීරික මරණ තර්ජනයක් එල්ල කර තිබේ. මෙයින් බියට පත් ප්‍රධාන මූල්‍ය මෙහෙයුම් නිලධාරියා අද(02) තම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී සිය දරු පවුලත් සමග කොළඹින් පලා ගොස් සැඟවී සිටී. මේ සම්බන්ධයෙන් ඉතාමත් අපහසුතාවයෙන් ඔහුගේ මිතුරෙකුට ප්‍රකාශයක් කරමින් ඔහු කියා ඇත්තේ “මොන යහපාලනය වුනත් එයා ජනාධිපතිගේ මල්ලී. මට සියළුම දේට වඩා මගේ දරුවන්ගේ ජීවිත වටිනවා. “ යන්න පමණකි. ඉන්පසුව දුරකථනය විසන්ධි වී ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම ජීවිතයේ මේ තාක් කල් මෙවැනි දූෂිත සහ මර්දනීය ක්‍රියා කිසිවක් සිදුකර නැත. ඔහු පොදු අපේක්ෂකයෙකු ලෙස ලංකාවේ ප්‍රථම වරට ජනාධිපති ධූරයට පත් කරන්නේ ඒ ගැන ජනතාවට විශ්වාසයක් තිබූ බැවිනි. කුමාරසිංහ සිරිසේන වැනි සහෝදරයෙකු මෛත්‍රීට තිබෙන ඒ ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලබන්නේය. රාජපක්ෂලාගේ සහෝදරයන්ද සිතුවේ ඔවුන් කරන කියන දෑ රහසිගත දේවල් වනු ඇති බව නමුත් ඒ එසේ නොවිණ. දැන් ඒ සියල්ල හෙලිවෙමින් පවතින්නේය. කුමාරසිංහ සිරිසේනට ඒවා වැඩක් නැත. ඔහුට අවශ්‍ය වන්නේ අයියා රැකීම හෝ ආයතනය රැකීම හෝ නොව “අයියා බලයේ සිටිනා වසර 5 තුල මං බැසිල්ලාට වඩා හම්බ කර ගන්නේ කෙසේද?“ යන ප්‍රශ්නයට පිස්සෙක් මෙන් පිළිතුරු සෙවීමය.
මෝහයෙන් අන්ධ වූ විට රට, ආයතනය, අයියා ආදී කිසිවක් නොපෙනේ. නොඑසේ නම් තම අයියා පරාජය කිරීමට අමු අමුවේ නීති විරෝධීව ක්‍රියා කරමින් රාජපක්ෂලා වෙනුවෙන් දිවි හිමියෙන් වැඩ කළ මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරියා වූ රංජිත් රූපසිංහ නමැති පට්ට දූෂිතයා සමග ‘මගුල් කන්නේ‘ නැත. ඔහු විසින් සිදුකරන ලද කප්පරක් නීති විරෝධී ක්‍රියා ගැන සෙවීමට විශ්‍රාම ලත් විනිසුරුවරයෙකුගෙන් යුත් කමිටුවක් පත් කළද අද දක්වා ඒ විනිසුරුවරයාට වැඩ කිරීමට මේසයක් පුටුවක් සපයා නැත. එසේ කරමින් තම අයියාගේ හතුරා ආරක්ෂා කරන කුමාරසිංහ සිරිසේන කාර්යාලයට යනවිට පෙර කී රංජිත් රූපසිංහට රෝල්ස් බනිස් අරගෙන යන තරමට පීච්චං වි සිටින්නේ අන් කිසිවකට නොව, රාජපක්ෂ යුගයේ දූෂිතයන් සමග එක්ව ගසා කෑමට ය.
මැතිවරණයක් කටේ තිබියදී ජනාධිපති අයියාගේ හයිය රැගෙන මල්ලී තමා යටතේ සිටින නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කරයි නම් ජනාධිපති අයියාට අබ සරණය.
ඉඟුරු ඇති මිරිස් එපාමයි..! මේ ඇරඹෙන්න යන්නේ මෛත්‍රී රෙජීමයද? මිතුරනි අවදියෙන් ඉන්න..!
---------------------------
by (2015-07-03 00:51:18)