~

මෛත්‍රීගේ මල්ලී කුමාරසිංහ සිරිසේන ලංකාවට ලැබිය යුතු මුදල් බිලියන ගණනින් ගසා කෑමේ රහසිගත සාකච්ඡාවකට ලන්ඩන් ඇවිත්: කුමාරසිංහ-ලලිත්-වෑගපිටිය, ඩීල් ටීම් එක හෙලිවේ

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.24, ප.ව.11.55) ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන වල සභාපති ධූරය දරණ කුමාරසිංහ සිරිසේන හෙවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මලයා විදේශ දුරකථන ඇමැතුම් වලින් ශ්‍රී ලංකාවට ලැබෙන බිලියන ගණනක් තම සාක්කුවට දා ගැනීමේ කූඨ කුමන්ත්‍රණයක් ගැන සාකච්ඡා කිරීම සඳහා පසුගියදා ලන්ඩනයට පැමිණි බව ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය වෙත වාර්තා වේ. 

කෝල් ටර්මිනේෂන් නමැති මෙම කූඨ ජාවාරමින් සිදුකරන්නේ ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ජාතික දුරකථන ඇමැතුම් ලෙස ඇඟවීමයි. එවිට ටෙලිකොම් සහ මොබිටෙල් ජාලයන් හරහා ලබා ගන්නා ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් වලින් ලැබෙන මුදලින් ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් වෙත ලැබෙන්නේ ජාතික දුරකථන ඇමැතුමක ගණන පමණි. ඉතිරිය කුමාරසිංහ සිරිසේනගේ සාක්කුවට බැර වේ. 

කුමාරසිංහ සිරිසේන මෙකී දුෂ්ඨ ජාවාරම ගැන ලන්ඩනයේ දී සාකච්ඡා කෙළේ එංගලන්තයේ ප්‍රකට ජංගම දුරකථන ජාලයක් හිමි ශ්‍රී ලාංකික දමිල ජාතික ව්‍යාපාරිකයෙක් සමග ය. ඔහු ජාත්‍යන්තර ඇමැතුම් ඉතාම ලාබයට විකුණන ප්‍රකට අයෙකි. කෝල් ටර්මිනේෂන් ජාවාරමේ කෙළ පැමිණියෙකි.

සාකච්ඡාව  සඳහා කුමාරසිංහ සිරිසේන තම පුත්‍රයා සමග ලන්ඩනයට පැමිණියේ පුද්ගලික සංචාරයක් ලෙසය. ඔහු ලන්ඩනයට පැමිණි අතර වෙනත් ගුවන් යානයකින් ලන්ඩනයට පැමිණ ඔහු සමග සම්බන්ධ වූයේ රාජපක්ෂගේ දූෂිත යුගයේදී ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ අංක එකේ දූෂිතයෙක් වන ලලිත් ද සිල්වා නමැත්තා ය. දමිල ජාතික ව්‍යාපාරිකයා සමග ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කෙළේ ලලිත් ද සිල්වා ය. ලලිත් ද සිල්වා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් වේදිකාවල කතා පැවැත්වූ අයෙකි. ඔහු යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව ටෙලිකොම් සමාගමෙන් ඉවත් කරන ලද්දේ ද අමාරුවෙනි. දැන් මෛත්‍රීගේ මල්ලී කුමාරසිංහ තම හොර ඩීල් දැමීමේ ප්‍රධාන සහායකයා කරගෙන ඇත්තේ ලලිත් ද සිල්වා ය. කුමාරසිංහ සිරිසේන විසින් මොහුව මොබිටෙල් සමාගමේ උපදේශකයෙකු ලෙස පත් කර ගැනීමට සියළු වැර වෑයම් දරමින් සිටී. 

පෙර කී ලන්ඩන් දමිළ ජාතික ව්‍යාපාරිකයා සමග සාකච්ඡාවෙන් පසු කුමාරසිංහ සිරිසේන සහ ලලිත් ද සිල්වා 13 වෙනි සෙනසුරාදා එංගලන්තයෙන් පිටත්ව කෙලින්ම ගියේ චීනයට ය. ඒ ඊලඟ ඩීල් එක ගැන සාකච්ඡා කිරීමටය. එනම් හුආවි නමැති චීන සමාගමෙන් ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් මිලදී ගැනීමට නියමිත උපකරණ වලින් ගසා කන හැටි සාකච්ඡා කිරීමට ය. 

මේ සඳහා කුමාරසිංහ සිරිසේන සමග සම්බන්ධ වූ අනෙක් ජාවාරම් කරුවා නම් කුප්‍රකට ව්‍යාපාරික වෑගපිටිය නමැත්තා ය. කුමාරසිංහ විසින් ඔහුව මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරගෙන සිටින අතර දෙදෙනා එක්ව මොබිටෙල් සමාගමට ජෙනරේටර් ගැනීමේ රුපියල් මිලියන 200 ක් වටිනා ගනුදෙනුවකින් ගසා කෑමට තටමමින් සිටිති. වෑගපිටිය සහ කුමාරසිංහ දෙදෙනාට කොමිස් ලැබෙන සමාගමකට ජෙනරේටර් ටෙන්ඩරය ලබා දීමට සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ වරයා විරුද්ධ වීම නිසා ඔවුන් දැඩි ලෙස කිපී සිටිති. කෙතරම් කිපී සිටින්නේදැයි කිවහොත් වෑගපිටිය විසින් එස්එම්එස් පණිවුඩයක් යවමින් මූල්‍ය අධ්‍යක්ෂවරයාට මරණීය තර්ජන එල්ල කර තිබේ. ‘තමන් කඩුව ඇද්දොත් එහි ලේ තවරා ගන්නේ නැතිව යලි කොපුවට දමා නොගන්නා බවත් තමන් පිස්තෝලයක් ඇද්දොත් වෙඩි නොතබා කොපුවට දමා නොගන්නා බවත්‘ කියමින් වියරුවෙන් මෙන් මොබිටෙල් සමාගමේ ඉහල නිලධාරීන්ට තර්ජනය කරමින් සිටින වෑගපිටිය, කෙසේ හෝ කුමාරසිංහ සිරිසේනට සහ තමාට කොමිස් කා හැකි සමාගමටම ටෙන්ඩරය ලබා දීමට වලිකති. 

දූෂිතයෙක් යැයි පුන පුනා සාක්කි සහිතව කියද්දී ගුවන් හමුදාපති කරන ලද ගගන් බුලත්සිංහලගේ දුව විවාහ වීමට යන්නේ මෙකී වෑගපිටියගේ පුතා සමගය. ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපති කරවීමේ දැඩි අවශ්‍යතාවය තිබුනේ වෑගපිටියට ය. ඒ වෙනත් කිසිවකට නොව ඩීල් දැමීමේ පහසුව සඳහා ය. ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවීමත් සමග යුද්දයක් නැති ශ්‍රී ලංකාව ප්‍රහාරක ගුවන් යානයක් මිලදී ගැනීමට යන බවටද රාවයක් පවතී. 

පසුගිය රාජපක්ෂ රෙජීමය කාලයේ ගස් කපමින් සිටි කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් වල සභාපතිවරයා වූයේ ද බලහත්කාරයෙනි. ජනාධිපති ලේකම් අබේකෝන් ලවා බලයෙන් ලිපියක් ලියවා ගෙන ඇමැති මණ්ඩලය පත් කිරීමටත් පෙර සභාපති ධූරය ලබා ගත්තේය. (ලංකා ඊ නිව්ස් එකළ එම සිදුවීම වාර්තා කර ඇත) 

බැසිල්ලා ගෝඨාභයලා ජනාධිපති මල්ලිලා පරාජය කරමින් කුමාරසිංහ සිරිසේන ජනාධිපති මල්ලී මෙගා ගැහිල්ලකට සූදානම් වන අතර ඒ ගැන ලංකා ඊ නිව්ස් අවධානයෙන් සිටී. මෛත්‍රීපාල සිරිසේන මහතා මහජන මුදල් ගසා කෑ අයෙක් නොවන බව අප දනිමු. කුමාරසිංහ සිරිසේන හොරට ගස් කපා හසුවී යට ගැසූ ෆයිලයද අප සතුව තිබේ. කුමාරසිංහ සිරිසේන සොයුරා වුවද මෛත්‍රීපාල සිරිසේන මහතා උපන් බඩවැල කඩාගෙන උපන් අයෙක් නොවන බවද අප දනිමු.

මලයා බිලියන ගණනින් හොරකම් කරද්දී අයියා යහපාලනය ගැන කතා කරන්නේ කෙසේදැයි අපි බලා සිටිමු. 

---------------------------
by     (2015-06-25 01:15:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

This man will get what he deserves just like the other 'brother'. Shame on you MY3. Where is Chandrika?. Field Marshall SF is the only man for the job. UNP & JVP, please join SF and save the nation. Metta !!!
-- by anonymous on 2015-06-25

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links