(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.11, ප.ව.11.30) ‘එක්නැලිගොඩ ඝාතකයන් බේරා ගැනීමට ගෝඨාභය යුද හමුදාව මෙහෙයවයි: යුද හමුදා අරමුදල යොදවයි: සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේනද? ගෝඨාභයද?‘ මැයෙන් ඊයේ සවස ලංකා ඊ නිව්ස් පළ කළ හෙලිදරව්ව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ක්ෂණික අවධානය යොමු කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
එහි සඳහන් වූයේ මාධ්‍යවේදියෙක් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිව යුතු යුද හමුදා නිලධාරීන් සඳහා මහජන මුදල් වූ යුද හමුදා අරමුදලින් වියදම් කරමින් ඔවුන් බේරා ගැනීම සඳහා නිර්ලජ්ජිත සහ නීති විරෝධී ආකාරයෙන් යුද හමුදාපතිවරයා ක්‍රියා කරමින් සිටින බවයි. ලුතිනන් කර්නල් මහතන්තිල නමැති ගෝඨාභයගේ බ්‍රෝකර් වරයෙක් කාලිංග ඉන්ද්‍රතිස්ස නමැති නීතිඥ සදාචාරය බල්ලාට දමා ක්‍රියා කරන නීතිඥවරයා හමුවී මුදල් ගෙවා ඇති බවද ලංකා ඊ නිව්ස් පුවතින් හෙළිදරව් කෙළේය.
මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියා මාර්ග ගන්නැයි ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වරයාට නියෝග කරමින් සේනාධිනායකයා කව්දැයි පෙන්වා දී තිබේ.
සිද්ධිය හෙලිදරව් වීමෙන් පසු රාජපක්ෂලා බේරා ගැනීම වෙනුවෙන් මහජන මුදල් නීති විරෝධීව වියදම් කරමින් ක්‍රියා කළ හමුදාපතිවරයාද නීති විරෝධී ලෙස මහජන මුදල් ලබා ගත් ඉන්ද්‍රතිස්ස නීතිඥයාද, ගෝඨාභයගේ බ්‍රෝකර් ලුතිනන් කර්නල් මහතන්තිල ද කලබල වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
මෙම නීති කර්තව්‍යයේදී සාක්කිකරුවෙකුටත් චුදිතයන්ටත් එකවර පෙනී සිටිමින් නීතිඥ සදාචාරය උල්ලංඝනය කිරීම ගැන කාලිංග ඉන්ද්‍රතිස්සට එරෙහිව නීතිඥ සංගමයට පැමිණිලි කිරීමට ද නීතිඥවරුන් පිරිසක් සූදානම් වන බවද ලංකා ඊ නිව්ස් වෙත දැනගන්නට තිබේ.
---------------------------
by (2015-10-11 19:10:51)