~

එක්නැලිගොඩ ඝාතකයන් බේරා ගැනීමට ගෝඨාභය යුද හමුදාව මෙහෙයවයි: යුද හමුදා අරමුදල යොදවයි: සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේනද? ගෝඨාභයද? (හෙලිදරව්ව)

(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.10, ප.ව.9.35) රටේ පවතින සියළුම නීති වලට සහ යුද හමුදා නීතියටද සම්පූර්ණයෙන්ම පටහැනිව නිරායුධ අහිංසක මාධ්‍යවේදියෙක් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිව යුතු යුද හමුදා නිලධාරීන් සඳහා යුද හමුදාව විසින් වෙනම හමුදා අධිකරණයක් මගින් පරීක්ෂණ සිදු කළ යුතුව තිබියදී මහජන මුදල් වූ යුද හමුදා අරමුදලේ මුදල් වියදම් කරමින් ඔවුන් බේරා ගැනීම සඳහා නිර්ලජ්ජිත ආකාරයෙන් සහ නීති විරෝධී ආකාරයෙන් යුද හමුදාපතිවරයා ක්‍රියා කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ගෝඨාගේ බ්‍රෝකර් ලුතිනන් කර්නල් මහතන්තිල

එක්නැලිගොඩ මහතා පැහැරගෙන ඝාතනය කිරීමට සම්බන්ධ දැනට රහස් පොලිස් අත් අඩංගුවේ සිටින හමුදා නිලධාරීන් 9 දෙනෙකුගෙන් තිදෙනෙකු දැනට විශ්‍රාම ගොස් සිටින අය වන අතර දෙදෙනෙක් එල්ටීටීඊය සමග සිට පසුව යුද හමුදා බුද්ධි අංශ සමග එකට වැඩ කළ අය වෙති. සිව් දෙනෙකු තවමත් යුද හමුදාවේ සේවය කරන්නෝ වෙති. මොවුන් දිවයිනේ විවිධ පළාත් වල වෙසෙන්නන් වන අතර යුද හමුදාපති වරයාගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත  යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් මහතන්තිල නමැති නිලධාරියා මේ සියළු දෙනාගේම නිවෙස් වෙත ගොස් එකී නිලධාරීන්ගේ බිරින්දෑ වරුන් හමුවී මෙම නිලධාරීන් බේරා ගැනීමට යුද හමුදාව ක්‍රියා කරන බවත් අවශ්‍ය මුදල් යුද හමුදාවෙන් ලබා දෙන බවත් පවසා සියළු දෙනාම කැඳවා මරාවාදී ජඩ නීතිඥයෙක් වන කාලිංග ඉන්ද්‍රතිස්ස නමැති නීතිඥයා වෙත යොමු කරවා තිබේ. 

මීට අමතරව රහස් පොලිසිය විසින් ගිරිතලේ හමුදා කඳවුර පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී යුද හමුදාපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ලෙස යුද හමුදා නීති නිලධාරීන් ඒ වෙත යවමින් පරීක්ෂණ වලට බලපෑම් එල්ල කර ඇත. එහි යවා ඇති යුද හමුදා නීති නිලධාරීන් නම් කපිතාන් ගිරිහාගම සහ මේජර් සෙනෙවිරත්න නමැති නිලධාරීන් දෙදෙනාය.  මේ සියලු දේ සඳහා උපදෙස් දී සම්බන්ධීකරණය කර තිබෙන්නේ මෙම අපරාධයේ මුදුන් මුල වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. 

කාලිංග ඉන්ද්‍රතිස්සට යුද හමුදා අරමුදලින් කෑෂ් ගෙවලා

මේ වන විට කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් මහා අපරාධයකට වග කිව යුතු හමුදා නිලධාරීන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ක් ද අභියාචනාධිකරණයේ හබයාස්කෝපුස් පෙත්සම් 4 ක් ද ගොනු කර ඇත. හබයාස්කෝපුස් පෙත්සම් සකස් කළ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් ඒවා සැකසුවේ නොමිලේ නොව මුදල් අය කරමිනි. සියළු මුදල් ගෙවා ඇත්තේ ඉහත කී ලුතිනන් කර්නල් මහතන්තිල විසින් යුද හමුදා අරමුදලින් ලබා ගත් කෑෂ් වලිනි. වාර්තා වන පරිදි මූලික අයිතිවාසිකම් පෙත්සම් සකස් කර ඇත්තේ ගෝඨාභයගේ දකුණු අත වන් හිටපු අගවිනි-සොරා මොහාන් පීරිස් විසිනි.  

කාලිංග ඉන්ද්‍රතිස්ස මෙම නඩු වලට පෙනී සිටිනවාද යන්න ගැන ලංකා ඊ නිව්ස් පරීක්ෂාවෙන් සිටී. ඔහු එසේ පෙනී සිටින්නේ නම් ඔහු විසින් නීතිඥ සදාචාරය උල්ලංඝනය කරයි. මන්ද යත් මීට පෙර මේ සිදුවීම සම්බන්ධයෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ විසින් පවරා ඇති හෝමාගම අධිකරණයේ විභාග වන නඩුවේදී සාක්කි කරුවෙක් වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටියේද කාලිංග ඉන්ද්‍රතිස්ස නිසාය. නීතිඥයෙකුට එකම නඩුවක සාක්කිකරුවෙකු වෙනුවෙන් සහ චුදිතයෙකු වෙනුවෙන් පෙනී සිටිය නොහැකිය. 

අභියාචනාධිකරණයේ සභාපති විජිත මලල්ගොඩට මේ නඩුව අහන්න සදාචාරාත්මක අයිතියක් නෑ

මෙහිදී අත් අඩංගුවේ පසුවන හමුදා නිලධාරීන් වෙනුවෙන් හබයාස්කෝපුස් පෙත්සම් ඉදිරිපත් කිරීමම හබයාස්කෝපුස් පෙත්සම් වල අර්ථය විකෘති කරන්නකි. මන්ද යත් හබයාස්කෝපුස් පෙත්සම් ඉදිරිපත් කළ යුත්තේ සිටිනා තැන නොදන්නා අය වෙනුවෙනි. මෙකී නිලධාරීන් නීත්‍යානුකූලව අත් අඩංගුවේ පසුවන්නන් වන අතර ඉන්නා ස්ථානය නොදන්නා අය නොවෙති. හබයාස්කෝපුස් පෙත්සම් ඉදිරිපත් කළ යුත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් මිස ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කළාට අත් අඩංගුවේ පසුවන්නන් වෙනුවෙන් නොවේ. ඒ අනුව මෙකී හබයාස්කෝපුස් පෙත්සම් ලත් තැනදීම ප්‍රතික්ෂේප කළ යුතු වුවද අභියාචනාධිකරණයේ සභාපති විජිත මලල්ගොඩ විනිසුරුවරයා හැසිරී ඇත්තේ නීති විරෝධීව යුද හමුදාවට පක්ෂපාතීව ය. 

කෙසේ වෙතත් මෙකී විජිත මලල්ගොඩ විනිසුරුවරයා මෙම නඩුව ඇසීමට සුදුස්සෙක් නොවේ. මන්ද යත් ඔහු කලක් ආරක්ෂක හමුදා නිල ඇඳුම් හැඳ ආරක්ෂක හමුදා වෙනුවෙන් රාජකාරි කළ අයෙක් නිසාය. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරද්දී ගුවන් හමුදාවේ ‘ජජ් ඇඩ්වකේට්‘ වරයෙක් ලෙස සේවය කළ තැනැත්තෙකි. ඒ අනුව ඔහුගේ අපක්ෂපාතීත්වය ප්‍රශ්න කෙරෙනු ඇත. ඔහු ආරක්ෂක හමුදා පිලිබඳ ලැදියාවකින් කටයුතු කරන්නෙකි. 

සේනාධිනායකයාට ප්‍රශ්න 3 ක්

මෙහිදී වින්දිතයා වූ ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටින ලංකා ඊ නිව්ස් ප්‍රශ්න කිහිපයක් නගන්නෙමු. එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදහන් කිරීම විකුණා බලයට පැමිණි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ආරක්ෂක හමුදා බාර සේනාධිනායකයා ය. එක්නැලිගොඩ ඝාතකයන් නීතිය ඉදිරියට ගෙන එන බවට ඔහු පොරොන්දු වී තිබේ. එසේ තිබියදී ඔහුගේ බාරකාරත්වය යටතේ තිබෙන යුද හමුදා අරමුදලින් එක්නැලිගොඩ ඝාතන සැකකරුවන් වෙනුවෙන් වියදම් කිරීම කුමන සදාචාරයකට ගැලපෙන්නක් ද? යුද හමුදාව අපකීර්තියට පත් කළ නිලධාරීන් කිහිප දෙනෙක් වෙනුවෙන් යුද හමුදා අධිකරණයක් කැඳවනවා වෙනුවට අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටීමට යුද හමුදාපතිවරයාට ඉඩ දීම සේනාධිනායකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැනුවත්ව සිදුවන්නක්ද? අපරාධයේ මුදුන් මුල වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සේනාධිනායකයාට හොරා මේ සියල්ල තවමත් මෙහෙයැවිය හැකිනම් මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සේනාධිනායකයා ලෙස හඳුන්වාගැනීම ලැජ්ජාවක් නොවේද? 

 

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

---------------------------
by     (2015-10-10 16:19:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Do not worry current defence secretary Karunasena hettiarachchi will resolve this issue with some money flowing under the table enable for him to buy more properties in Colombo
-- by asanga on 2015-10-10

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links