~

අම්මට හුඩු..! මෙන්න "අපි වවමු - රට නගමු" කෙරුවාව..!

විනිවිද ශ්‍රී ලංකා ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.මැයි.12, පෙ.ව.7.10)  "අපි වවමු - රට නගමු" ඔබට මේ ස්ලෝගන් එක මතක ඇති. ඉතා විශාල වියදමක් දරමින්, ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක. ඒක එහෙමම යට වෙලා ගිහින් යහපාලන කාලේ උඩට ආවේ, අතුරලියේ රතන හිමිගේ "වස විසෙන් තොර ගොවිතැන" නමින්. දැන් ආපහු, මේ ඇති වෙච්ච වසංගතයත් එක්ක, ඉදිරියේ ආහාර අර්බුදයක් ඇති වෙයි කියන පුරෝකථනයත්, ඒ වගේම ආර්ථිකයේ යම් සංවෘත බාවයක් සහ දේශීය නිෂ්පාදන මත පදනම් වෙලා ජාතික ආර්ථිකය හදන්න ඕන කියන කතිකාව මතු වෙලා. රට පුරා ඒ වගේ රැළි හමා යනවා. පහු ගිය කාලේ එහෙම ඇති උනා "චිත්‍ර අඳින" රැල්ලක්. මේ ඇතිවෙන විවිධ රැළි නිසි ලෙස කලමනාකරණය කළා ද? වුනා ද? එහෙම නැත්නම් ඒවත් ජනතාව අන්දන කතා විතරක්ද? කියන එක බලන්න වෙන්නේ ඉලක්කම් වලින්.

යහපාලනයට පෙර පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය, එහෙම නැත්නම් දකුණෙ කුරහන් සුවඳ අඳුරන පාලනය කාලෙ ඇති කළ "අපි වවමු රට නගමු" වැඩ සටහන  කියන තරම් සාර්ථක නම් 2016 වෙනකොට අඩුම ගානේ අපි කුරහන් වත් ගෙන්වන්නෙ නැති රටක් වෙන්න ඕන. නමුත් 2016 අවුරුද්දෙ අපි කුරහන් ටොන් 2,178 ක් ගෙන්වන්න රුපියල් 123,328,000 වැය කරලා තියෙනවා. මීට අමතරව අල, ඉරිඟු, තිරිඟු, තල, සෝයා, මුං ඇට, කවුපි වගේ ගොඩක් ජාති ගේන්න අති විශාල මුදලක් වැය කරලා තියෙනවා. (වගුව බලන්න)

එළවළු උනත් එහෙමයි. ගොවීන් තක්කාලි අස්වැන්න විකුන ගන්න බැරුව විසි කරනවා. නමුත් 2016 තක්කාලි ටොන් 6.26 රටෙන් ගේන්න, රුපියල් 7,541,000 ක් වැය කරලා. පුදුමයි නේද? ඒ අවුරුද්දේ කැරට් ටොන් 33.87 ක් ගේන්න රුපියල් 25,573,000 ක් වැය කරලා. මේවට අමතරව, මිරිස්, මල් ගෝවා, සලාද, පිපිඥ්ඥා, බෝංචි, හතු සහ සියඹලා වගේ දේවලුත් සැලකිය යුතු ප්‍රමානයක් රටින් ගෙනල්ලා.

කොමඩුත් රටින් ගෙනල්ලා..

පළතුරු ගත්තත් එහෙමයි. ඇපල්, දොඩම්, මිදි වගේ පළතුරු වලට වගේම, අපි නොහිතන ලෙස පෙයාර්ස්, කජු, පේර සහ කොමඩු පවා රටින් ගෙනල්ලා. කොමඩු රටින් ගෙනාවා කිව්වහම අපි වැව්වෙ මොනවද එහෙනම්. කහ, ඉඟුරු වගේ කුළු බඩු උනත් එහෙමයි (වගුව බලන්න.)

ඉලක්කම් එක්ක වගුව පෙන්නුවේ ජනතාවට, තරුණයන්ට හැදෙන උනන්දුව කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එක ඔබට කල්පනා කරන්න. අද කෘෂිකර්ම ඇමතිවරයා, මන් අහලා තියෙන විදියට රාජපක්ෂ පවුලෙත් මොකුත් වැඩක් නොකලා යැයි හම්බන්තොට ජනයා පවා කියන චමල් රාජපක්ෂ මහත්තයා. ඉතින් එතනින් පහලට මේ උනන්දුව ගලා ගෙන යන හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 

කෘෂිකර්මෙ තමයි වැඩිම උපාධිධාරීන් ඉන්නෙ..

කෘෂිකර්ම අමාත්‍යාංශය තමයි ලංකාවේ වැඩිම ආචාර්ය උපාධිධාරීන් පිරිසක් ඉන්න තැන (කැම්පස් ටික හැර). ලංකාව පුරා විසිරුණ හොඳ ව්‍යාප්ති ජාලයක් තියෙන ආයතන රැසක් තියෙන තැන. ජනතාව පැත්තෙන් ගත්තොත් හොඳ සංවිධාන ජාලයක් වෙන ගොවි සමිති තියෙන තැන. රටේ මිනිස්සු තමන්ට හිතෙන හිතෙන දේ වවන්නේ නැතුව, කොච්චර ලස්සන ප්ලෑන් එකකට මැනේජ් කරන්න පුළුවන් රටක්ද මේක? (මේ කියන්නේ ගෙවත්තෙ මිරිස් ගහක් වවා ගන්නවා කියන එක නෙවෙයි.)

සාමාන්‍යයෙන් අපේ ගොවි මහත්තුරු කරන්නේ මේ කන්නෙ මිළ වැඩි එක ඊ ළඟ කන්නේ හැමෝම වවනවා. ඊට පස්සෙ මිළ අඩු වෙනවා. නිසි මෙහෙයවීක් අනිවාර්යෙන් උවමනා වෙනවා. රටට ඕන ප්‍රමාණය ගණනය කරලා, ඒ වෙනුවෙන් වවන්න ඕන බිම් ප්‍රමාණය බලලා, ඒවාට ගැලපෙන ඒරියා ටික බලලා, නිළධාරින්, යෙදවුම් සහ ගොවිජනතාව කලමනාකරණය කරන්න ඇත්තටම බැරිද? නිවැරදි බිස්නන් ප්ලෑන් එකක් සහිත  වසර 4-5 ක නිසි සැලැස්මක් හදලා අවම වශයෙන් මෙන්න මේ අවුරුදු ගණන ඇතුළත අඩුම ගානේ මේ ඉතා පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්, තක්කාලි, කැරට්, කුරහන්, කජු වගේ ටිකවත් රට ඇතුළෙ වවලා ඒවයෙන් ස්වයං පෝෂණය වෙනවා කියලා වැඩේ කරන්න බැරිද?

මෙහෙම ගියොත් ගොවියො වහ බොන ප්‍රශ්නෙ එහෙමමයි.. 

මන් හිතන්නේ මේ සියළු දත්ත, හැකියාව අමාත්‍යාංශය සතුයි. එහෙම දෙයක් කරන්න මේ පාලකයන්ට උවමනාවක් තියෙනවද? එහෙම නැත්නම් මේ කරන්නේ මීඩියා රැල්ලක් හදලා චන්දයක් වෙනකම් පොඩි මැස්සක් ගහන් ඉන්න එකක් විතරද? මෙහෙම ගියොත් වෙන්නේ, අද වෙද්දි තාප්ප වල චිත්‍ර ඇඳපු තාරුණ්‍ය ආගිය අතක් නැති උනා වගේ තව මාසයක් දෙකක් යද්දි මිනිස්සුන්ගේ වගා උනන්දුව ඉවර වෙලා යන එකත්, ගොවියන් තමන්ට ඕන දේ ඕන විදියට වවලා විකුණා ගන්න බැරුව වහ බොන ප්‍රශ්නේ ඒ විදියටම ඉතිරි වෙන එකත් විතරයි.

(පහත දෙවන ඉමේජයේ තියෙන්නේ දත්ත ටිකක් පමනයි, දත්ත ගත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවෙන්)

විනිවිද ශ්‍රී ලංකා

---------------------------
by     (2020-05-12 01:49:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links