~

රු.2500 බැගින් ඡන්ද අල්ලස් බෙදන මොණරාගල දිස්ත්‍රික් ලේකම්, මැතිවරණ තේරීම් බාර නිලධාරී ජොබ් එකෙන් ඉල්ලා අස්විය යුතුයි -කැෆේ විධායක අධ්‍යක්ෂ

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.16, ප.ව.9.30) ''ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දේශපාලන ව්‍යාපෘතියක් වන පළාත් සභා මැතිවරණයට පෙර රු. 2500 බැගින් මොණරාගල ඡන්දදායකයින්ට බෙදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියා මැතිවරණයේ තේරීම් භාර නිලධාරියා වශයෙන් කටයුතු කිරීමේ කිසිදු විනිවිද භාවයක් නෑ.  සමෘද්ධි නිලධාරීන් වගේ   දිස්ත්‍රික් ලේකම්වරයාටත් මැතිවරණ වැඩසටහන්වලට එක්වෙනවා නම් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වශයෙන් තම වගකීම් වෙනත් අයෙකුට පැවරිය යුතු'' යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේය.  ඔහු එලෙස පැවසූවේ කොළඹ නිපෝන් හෝටලයේ අද(16) පැවැති පුවත් පත් සාකච්ඡාවක් අමතමිනි.

''අපගේ නිරීක්ෂණ අනුව රු. 2500 බෙදීමේ අවස්ථාවට දේශපාලන පත්වීම් ලැබ සිටින සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ සහකාර සහ දිවි නැගුම නිලධාරින් එක් වෙනවා.  මොවුන් අදට දින 10-11 කට පෙර මෙම මැතිවරණයට තරග කරන පක්ෂයක අපේක්ෂක ප්‍රවර්ධනයට ‘වෘත්තීය සමිති සාමාජිකයින්‘ ලෙස එක්වෙලා ගෙදරින් ගෙදරට ගියා.  පත්‍රිකා බෙදුවා.  එදා නිල් පාට ටී ෂර්ට් ඇදගෙන ගෙන් ගෙට ගිය අය අද ගමින් ගමට යමින් සල්ලි බෙදනවා.  අනුරාධපුරේ, මඩකලපුව, කුරුණෑගල, පොළොන්නරුවේ දහස් ගණනක් නියගයෙන් පීඩාවට පත් වෙලා ඉදිද්දී කිසිදු නියගයක් නොතිබුණු මොණරාගල සමහර ග්‍රාම නිලධාරි වසම්වලටත් සහන බෙදනවා. 

දිස්ත්‍රික් ලේකම්වරයා මෙවැනි දේශපාලනීකරණය වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වශයෙන් කටයුතු කිරීම සදාචාරාත්මක අයිතියක් නෑ.  පතිනාදන් මහතා කීර්තිමත් රාජ්‍ය  නිලධාරියෙක්.  ඔහුටත් හෘද සාක්ෂියක් තිබෙන බවට අපට විශ්වාසයි.   

1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ පනතේ 7 වන වගන්තියට අනුව මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය නම් නියෝජ්‍යෙයකු පත් කළ හැකියි.   දේශපාලනීකරණය වී ඇති රු. 2500 මුදල් බෙදීමේ වැඩසටහනට සම්බන්ධ නොවන නිලධාරියෙකු මොණරාගල තේරීම් භාර නිලධාරියාගේ කාර්ය ඉටු කළ යුතුයි.''  යැයිද තෙන්නකෝන් පැවසීය.

---------------------------
by     (2014-09-16 19:08:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links