~

රාජපක්ෂ යුගයේ පල්ල ගැලවුනු සංස්කෘතිය සංස්කෘතික ඇමැතිගේ සපත්තු දෙකින් සංඛේතවත් කරයි

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.17, ප.ව.5.30) රාජපක්ෂ යුගයේ සංස්කෘතිය යනු පල්ල ගැලවුනු මතුපිට ඔපය පමණක් තිඛෙන සංස්කෘතියක් බව සංඛේතවත් කරමින් රාජපක්ෂ රෙජීමයේ සංස්කෘතික ඇමැති ටී.බී.ඒකනායක ඊයේ චීනුන් සමග සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීමේ රාජ්‍ය උත්සවයට පැමිණියේ පල්ල ගැලවී ගිය සපත්තු දෙකක් පැළැඳ ගෙනය.

කොල්ලූපිටියේ ජිනා මැඩම්ගේ ගණිකා මඩම වටලද්දී එහි සිට හසුවූ ටී.බී.ඒකනායකට සංස්කෘතික ඇමැතිධූරය පිදීමෙන්ම රාජපක්ෂ යුගයේ සංස්කෘතිය කවරේදැයි පිලිබිඹු විය. ලෝකයේ කිසිදු රටක රජයක ඇමැතිවරයෙක් නොකරන ලෙස පල්ල ගැලවී ගිය සපත්තු දෙකක් පැළැඳ රාජ්‍ය උත්සවකයට සහභාගී වූ ලංකාවේ සංස්කෘතික ඇමැති එසේ හැසිරී ඇත්තේ ඊට පෙරදා රාත්‍රියේ එළිවනතුරු බීමතින් සිට හදිසියේ උත්සවයට එද්දී සපත්තු දෙකේ අඩිය ගැලවී ගිය නිසා යැයි පැවසේ. 

සමහර අයෙක් පවසන්නේ ඇමැතිගේ පල්ල ගැලවී ගිය සපත්තු දෙකද චීන බාල නිෂ්පාදනයක් බවත් බාල නිෂ්පාදන වලට ලෝක ප්‍රසිද්ධ චීනුන් සමග ගිවිසුම් අත්සන් කිරීමට පල්ල ගැලවුනු චීන සපත්තු දෙකක් පැලඳීම ද මනරම් ක්‍රියාවක් බවයි.

චීන ජනාධිපති ශ්‍රී ලංකාවේ ගත කෙළේ පැය 22 ක් පමණ කාලයක් වුවද චීන-ශ්‍රී ලංකා ගිවිසුම් 27 ක් අත්සන් කළේය. ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති එකී චීන ගිවිසුම් වැල අත්සන් කරද්දී ගත් මෙම ඓතිහාසික සේයාරූ ප්‍රසිද්ධ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි. 

---------------------------
by     (2014-09-17 12:31:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

ලාඩ0 ගහල කරත්ත වල බදින්න ඕනෙ වුන්ව පාර්ලිමේන්තුවට පත් කර ගත්තම ලෝකෙ ඉස්සරහ විලි ලජ්ජාවට පත් වෙන්නෙ අපේ රට සහ ජාතියයි LEN.රට කනව මුන්...
-- by sunil on 2014-09-17

I heard that he has an allergic condition to wear shoes. whether it is a fact or not, this embarrassing situation should have been avoided. as it is a high key event and its covered by international media as well..
-- by Johnny on 2014-09-18

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links